IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බ්‍රිතාන්‍යයේ සියලු ප්‍රදේශවලට හදිසි තත්ත්වයක්

බ්‍රිතාන්‍යයේ සියලු ප්‍රදේශවල දැන් හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක වන බව අමාත්‍ය රොබට් ජින්රික් මහතා පවසයි.

කොරෝනා වෛරසයට එරෙහිව කටයුතු කිරීම සඳහා මෙම පියවර ගත් බව මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

මෙය පෙර නොවූ විරූ පියවරක් වනු ඇති බවත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය රජය මෙවැනි දෙයක් සිදුකර නොමැති බවත් ඔහු පැවසීය.

මෙම තීරණය අනුව මුළු රට පුරා උපායමාර්ගික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන පිහිටුවීම සිදුවේ.

පවතින තත්ත්වය හමුවේ දැඩි අසීරුතාවට ලක්වී සිටින පුද්ගලයින් වෙනුවෙන් පිරිනමන මුල්ම ආහාර මළු 50,000 මෙම සතියේදී ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ වන විට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 19,522 ක් වේ.

සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1,228 කි.

-226-
(බීබීසී සහ සීඑන්එන් ඇසුරෙනි)



අදහස් (2)

බ්‍රිතාන්‍යයේ සියලු ප්‍රදේශවලට හදිසි තත්ත්වයක්

රවින් Monday, 30 March 2020 04:30 AM

කොහොමද දියුණුයි කියන හිරු නොබසින අධිරාජ්‍යයේ තත්වය? අපි වාසනාවන්ත නොවේද? මෙරටේ ඉන්නා පිස්සු කෙලින අයවලුන් නැතිනම්, අපේ රටේ ඉන්නා සෞඛ්‍ය අංශ හා ත්‍රිවිද හමුදාවන්ගේ - පොලිසිය ඇතුළු වැඩ කිඩ? දැනට මරණ එකයි ( ඔහුගේ ආසාදත්මිකතාවයන් සංකීර්ණයි) රෝගීන් 117?. පිස්සුකෙලපු අයත් සෞඛ්‍ය අංශයට නිසි සහයෝගය දක්වුවානම් ' 2020 වසරේ ලෝකයේ අතිවිශිෂ්ට සෞඛ්‍ය සේවාව "ලෙස අපේ මවුබිම ගිනස් වාර්තා පොතට පවා එක්වන්න ඉඩ තිබුනා නොවේද?

:       0       0

Sue Monday, 30 March 2020 05:35 AM

හදිසි තත්වය තිබුණට නීතිය තද මදි මිනිස්සු රජය කියන විදිහට ඉන්න නිසා හොදයි නීතිගරුක නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 116 0

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1463 2

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 477 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 262 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 235 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 404 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site