IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කරයි

(සිතුම් චතුරංග)

කොරෝනා වයිරසය ආසාදනය වූවකු සංචාරය කිරීම හේතුවෙන් මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තාරාපුරම් ගම්මානය නැවත දැනුම්දෙනතුරු එහි පදිංචිකරුවන්ට එම ගම්මානයෙන් පිටතටයාම ඊයේ (08) සිට තහනම් කර ඇතැයි මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

තාරපුරම් ගම්මානයේ අවමගුලක් සඳහා කොරෝනා වයිරසය ආසාදානය වූ අයෙකු පුත්තලම සිට පැමිණි බවට අනාවරණයවීම හේතුවෙන් තාරාපුරම් ගම්මානය මෙලෙස හුදකලා කර  පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවීම හා නිවැසියන්ට නිවාසවලින් පිටතට පැමිණීමද තහනම්කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේය.

ඉන්දුනීසියාවේ සංචාරය නිරතව පැමිණ නිවසේ ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම්දී තිබූ පුද්ගලයකු පසුගිය 18 වැනිදා තාරාපුරම් ගම්මානයේ අවමගුල් උත්සවයකට සහභාගීවී ඇති අතර පසුගියදා (07) ඔහුට වයිරසය ආසාදනයවී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.ෙ

මේ වන විට තාරාපුරම් ගම්මානයට කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි අයුරින් පොලිසිය හා යුද හමුදාව එක්ව මාර්ග බාධක හතක් යොදා ගම්මානයට ඇතුළුවන මාර්ග සියල්ල වසාදැමූ බව මන්නාරම පොලිසිය පැවසීය.

ගම්මානයේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම මන්නාරම ප්‍රාදේශිය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරන අතර එම ගමන්ගන්නා සියලු රථවාහන විෂබීජහරණය කොට ඇතුල්වීමට හා පිටවීමට අවශ්‍ය පහසුකම් සලසාදී ඇති බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (2)

මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කරයි

සාරසී Thursday, 09 April 2020 04:39 AM

ඔන්න බලන්න මේ මොට්ට යක්කු නිරෝධායනය වෙන්න කිව්වාම රට වටේ රෝන්දේ ගහලා කරන විනාසය....

:       0       190

asanka Thursday, 09 April 2020 05:10 AM

මොවුන්ගෙන් විශාල දඩයක් අයකරගත යුතු නොවේද ? නැත්නම් හැමෝම මෙම ක්‍රියාව සිදුකරයි. මෙවන් අපරාධ කරන අයගේ නම් සහ විස්තර නොදෙන්නේ මන්ද?. මාධ්‍ය මොවුන් ගැන රටට හෙළි කල යුතුය.

:       0       35

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2335 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1230 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2854 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 998 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 792 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 986 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site