(ඩයනා උදයංගනී)
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ 51,44,046 දෙනකු වෙත රුපියල් 5,000 දීමනාව ලබාදීම සදහා මැයි මාසය වෙනුවෙන් රුපියල් කෝටි 2,572ක් වෙන් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම මුදල වෙන්කර ගැනීම සදහා සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්‍ෂණ ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
අප්‍රේල් මාසයේදී ලක්‍ෂ 74 ක පිරිසක් වෙත මෙම දීමනාව ලබාදී තිබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මෙසේ සහනාධාර ලබාදීමේදී වැඩිහිටි දීමනාව ලබන්නන් සහ මෙතෙක් නොලැබී පොරොත්තු ලේඛනවල සිටි 6,29,214 කට රුපියල් කෝටි 314ක්, අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් 489කට රුපියල් ලක්‍ෂ 20ක්, ආබාධිත තත්ත්වයේ පසුවන 1,23,641 දෙනකු වෙනුවෙන් රුපියල් කෝටි 62ක්, වකුගඩු රෝගීන් 44,291 ක් වෙනුවෙන් රුපියල් කෝටි 22 ක්, සමෘද්ධිලාභීන් 17,98,293ක් වෙනුවෙන් රුපියල් මිලියන 899ක්, සමෘද්ධි සහනාධාරය ලබාගැනීමේ පොරොත්තු ලේඛනවල සිටින 7,31,975 ක් වෙනුවෙන් රුපියල් කෝටි 366ක්,අඩුආදායම්ලාභී හා ජීවනෝපාය අහිමි පවුල් 19,24,967 වෙනුවෙන් රුපියල් කෝටි 962 ක්, අගමැතිතුමා වෙත අභියාචනා ඉදිරිපත් කළ ප‍්‍රතිලාභීන්ට ඇතුළු 71,383කට රුපියල් කෝටි 35ක්, අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය චක‍්‍රලේඛය අනුව සහනාධාර සුදුසුකම ලැබූ 6,88,811 කට රුපියල් කෝටි 344 ක් වෙන් කර තිබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම සියලූ ගෙවීම් ඉදිරි සති දෙක තුළ සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සදහන් කළේය.
මෙරට ඇති වූ ව්‍යසනයකදී මෙතරම් සහනාධාර ප‍්‍රමාණයක් ලබාදුන්නේ ඉතිහාසයේ පළමු වරට බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මැයි මස රුපියල් 5,000 ගෙවන්න කෝටි 2,572ක්
Siri Thursday, 14 May 2020 12:23 PM
ස්තුතියි...
කල්පනා Thursday, 14 May 2020 01:39 PM
රජයේ රැකියාවක් කරන අවිවාහක දෙමාපියන් සමග සිටින කෙනෙකුටත් තේවතු හිමි විශාල වෙළද සැලක් හිමි කෙනෙකුගේ (ඔහු ඉහල මුදලක් ගෙවා සේවකයෙකු යොදු බලාගන්නා) පියා වෙනුවෙනුත් මෙම මුදල් ගෙව්වත් නිතර තිතර අසනීපයෙන් පසුවන වයස්ගත විශ්‍රාමිකයින් ගැන අබමල් රේණුවක තරම්වත් සැලකිල්ලක් නොදක්වන්නේ ඇයිද නොතේරේ...