IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


මරණීය දණ්ඩනය ලබා සිටි තවත් අයෙක් ගෙදර යයි

(නිමන්ති රණසිංහ)
 

මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව වසර 05ක් බන්ධනාගාර ගත ව සිටි යුධ හමුදා විශේෂ බලකා දිගදුර විහිදුම් බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.
 
අද (26) උදෑසන 9.30 ට පමණ වැලිකඩ බන්ධනාගාරයේදී සුනිල් රත්නායක මහතා මෙලෙස නිදහස ලබා පිටව ගිය බවත්, එම අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ද සහභාගී සිටි බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.  
 



අදහස් (14)

මරණීය දණ්ඩනය ලබා සිටි තවත් අයෙක් ගෙදර යයි

Achinda kamal Thursday, 26 March 2020 09:26 AM

මෙතුමා නිදහස් වෙනකන් අපි කොච්චර බලාගෙන හිටියද.?

:       0       5

fairoos Thursday, 26 March 2020 09:54 AM

කොරෝනා හින්ද අව්ලක් නැ

:       0       0

Vajira Thursday, 26 March 2020 10:07 AM

කුඩු දුමින්දත් මේ අතරේ හෙමිහිට එලියට දාන්න බැරි නැහැ.

:       0       0

Devinda Uduwara Thursday, 26 March 2020 10:59 AM

ඉන්පසු ඔහුට සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයේ ප්‍රධාන තනතුරක් ලබා දෙන්න . ක්‍රියා පටිපාටිය එයයි.

:       228       217

UpaliThursday, 26 March 2020 11:28 AM

විය යුත්තේ එයයි ඔබ කෙසේ සිතුවත්...

:       0       26

BamunuarachchiThursday, 26 March 2020 01:36 PM

සදුසුකම තිබෙනවා නම් වැරද්දක් තිබෙනවාද? උස කොට සුදුසුකමටද රැකියාවල් දෙන්න ඕනේ. අපි දැක්ක කට්ට අවුවේ පෝලිමේ තියලා රැකියාවල් දුන්න හැටි. සුදුසුකම "සමීතියේ ලේකම්ගේ " ලියුම.

:       0       18

Champa Thursday, 26 March 2020 11:01 AM

අන්තිමේ හරි සුනිල් රත්නායකව නිදහස් කරපු එක ගැන සතුටුයි. 2002 ඉඳන් සුනිල් අවුරුදු 13ක් හිරේ හිටිය. ඊට පස්සේ 2015 වහල් ආණ්ඩුව ආපු ගමන් මරණ දණ්ඩනය නියම වෙලා තවත් අවුරුදු 5ක් හිරේ හිටිය. හැබැයි සුනිල්ව නිදහස් කලේ සුනිල් ගැන තිබ්බ සැබෑ කැක්කුමකින් නෙමෙයි. එහෙම තිබ්බ නම් සුනිල්ව නිදහස් කරන්නේ ජනාධිපතිවරණෙ දිනපු දවසේමයි. එහෙම කලේ නැහැ. 2015 සුනිල් මරණ දණ්ඩනයට නියම වෙච්ච දවසේ ඉඳන් අපි නිතරම ලිව්ව දෙයක් ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන් සුනිල්ව නිදහස් කල යුතුයි කියන එක. හැබැයි ජනාධිපතිවරණෙ දින්නම සුනිල්ව අමතක කළා. ඒ වෙනුවට ගිහි පැවිදි හොර දේශප්‍රේමියෝ දම්මල මාධ්‍ය හමු තිබ්බේ, නිදහස් කරන්න කියල පාරවල් වල උද්ඝෝෂණ තිබ්බේ, ජනාධිපතිගේ ගජ මිතුරෙක්ව. අදත් මේ සුනිල්ව නිදහස් කලේ ඒකට පාර කපන්න ඕනේ හින්ද. සුනිල් මේක බැලුවොත්, ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් සේවය කල ඔබව නිදහස් කරා කියල කිසිවෙකුට ණයගැති හෝ කෘතඥ විය යුතු නැහැ. මිනිස්සු අහන්න ඕනේ ජනාධිපතිවරණෙට පස්සේ දවසේ නැතුව සුනිල්ව නිදහස් කරන්න මාස 4ක් ගත කලේ මොකද කියල...

:       0       0

සෙන්දේ Thursday, 26 March 2020 11:15 AM

සැමට එකම නීතියක්........

:       17       3

විජිත් Thursday, 26 March 2020 11:21 AM

බොරදියේ මාළු බානවා කියන්නේ මෙන්න මේ වගේ වැඩ වලටයි.මේ...අර මරණ දණ්ඩනය නියමවෙලා කුඩුවේ ඉන්න, දියවන්නාවේ හිටපු කුඩු මුදලාලියාව නිදහස් කරගන්න යොදන ප්ලැන් එකේ පටන් ගැන්මද...?මේ ක්‍රියාව සම්පුර්ණයෙන්ම සමාජ විරෝධී දෙයක් බව වගකිවයුත්තන්ට තේරෙන්නේ නැහැයි කියන්න බැහැ. මරණිය දණ්ඩනය හිමිවුවන්ට නිදහස දීමේ බලය ජනාධිපතිට අහිමි කලයුතුයි.

:       0       14

නන්නාදුනන හාදයා Thursday, 26 March 2020 11:28 AM

මේ වගේ මිනීමරුවන්ට දේශපාලුවන්ගේ මාර්ගයෙන් නිදහස හිමිවෙනවා නම් නිතිය කාටද....? රණවිරුවා, අරු.. මු ..කියලා වෙනසක් නැහැ. යමෙක් යමෙක්ව මැරුවා නම් ඒ පුද්ගලයා මිනිමරුවෙක්. දැන් ඉතින් රටවැසියන්ට තියෙන්නේ " නන්නාදුනන තුවක්කුකරුගේ" නීතියේ පිහිට පැතීම පමණයි. නන්නාදුනන තුවක්කුකරුවාණෙනි, මෙන්න ඔබට බිල්ලක්. පවු නැහැ.

:       0       56

Nandalal DE SILVA - France Thursday, 26 March 2020 11:50 AM

හ්ම්...! බලාගෙන යනකොට, "නිදහස" ලබපු මේ සිරකරුවාත් පහුගිය කාලේදී එක පතේම කාපු අය වගෙයි !!! මොකද්ද ඔහුට නිදහසක් දෙන්න තිබුන විශේෂ අවස්ථාව ? මේ "අවස්ථාව" සදහා ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සහභාගී සිටීමෙන්ම මෙය ඉතාම විශේෂ අවස්ථාවක් වග පේනවා ! එයාටත් වෙන වැඩ නැති බව පේනවා... රටවැසියාත්, හිටපු විරුද්ධ පක්ෂයත් කොරෝනා භීතියෙන් අසරණව සිටින මෙවැනි අවස්ථාවක මේවගේ "සිල්ලර" වැඩ ගැන ඔවුන්ට හිතන්න බැරි දිනක මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව හිටපු සගයෙක් නිදහස් කර ගෙදර යැවීම ඉතාම ලජ්ජා සහගත කාරණාවක් නොවේද? දන්නේ නැති නිසයි අහන්නේ....මොකද්ද මේ 'මිරුසුවිල් සිද්ධිය' කියන්නේ ? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ ...

:       0       81

Asanka Thursday, 26 March 2020 12:02 PM

මෙච්චරකල් ඔහු හිරේ හිටියේ ඔවුන්ගේ අත් අඩංගු‌ෙවෙන් මිදීගිය ‌කොටි සාමාජිකයෙකුගේ සාක්ෂි මතයි.‌ මෙතන ‌ලොකු කුමන්ත්‍රණයක්. ‌අවසානයේ සුනිල්ට ‌කොටි සාමාජිකයින් සමග එකම මෙච්චරකල් ඔහු හිරේ හිටියේ ඔවුන්ගේ අත් අඩංගු‌ෙවෙන් මිදීගිය ‌කොටි සාමාජිකයෙකුගේ සාක්ෂි මතයි.‌ මෙතන ‌ලොකු කුමන්ත්‍රණයක්. ‌අවසානයේ සුනිල්ට ‌කොටි සාමාජිකයින් සමග එකම කූඩුවේ ඉන්න සිදුවුනා. හිතන්න එපා නැවත කවදාවත් රට ‌වෙනුවෙන් ‌මොවුන් ඉදිරිපත් ‌වෙයි කියා. ජනපතිතුමනි, ඔබට ‌ලොකු පිනක් ‌මොහු නිදහස් කළ එක.

:       108       21

Bamunuarachchi Thursday, 26 March 2020 04:06 PM

Nandalal DE SILVA - ලංකාවේ සිටින සෑම සිංහල කෙනෙකුගේ අභිප‍්‍රාය ඔහු නිදහස් වීමයි. ආදරයෙදී හා යුද්ධයේදී සිදුවන සෑම දෙයක්ම සාධාරණයි කියන ඉංග්‍රීසි කියමන ඔබ අසා තිබෙනවාද?

:       12       12

නොකවුට් Friday, 27 March 2020 01:49 AM

ඔහු නිදහස් උනේ හැට නව ලක්ෂයක් බහුතරයෙන් ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමයි. ජනතා පරමාධිපත්‍යය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 576 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 146 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 160 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 358 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 643 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 277 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site