කොරෝනා වයිරසය මේ වන විට ලොව පුරා මිලියන 4.35කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර 297 000 ක පමණ පිරිසක් මියගොස් ඇත. වයිරසයෙන් සුවවූ සංඛ්‍යාව මිලියන 1.55ක් වේ.
ලෝකයේ රටවල් අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් සහ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එහි සිදුවූ මරණ සංඛ්‍යාව 84 763කි. ඇමරිකාවේ කොරෝනා වයිරස රෝගීහු මිලියන 1.42ක් සිටිති.
දෙවැනියට වැඩිම රෝගීන් වාර්තා වන්නේ රුසියාවෙනි. රුසියාවේ කොරෝනා ආසාදිත රෝගීන් 242 000ක් පමණ තහවුරු වී ඇති අතර මරණ 2 212ක් සිදුවී තිබේ.
එක්සත් රාජධානියේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 33 186කි. පසුගිය පැය 24 තුළ මරණ 494ක් සිදුවී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එංගලන්තයේ අගුළු දැමීම තාවකාලිකව ලිහිල් කිරීමට පටන්ගත් අතර නිවසේ සිට රාජකාරි කළ නොහැකි අයට රැකියාවට යන ලෙස සඳහන් කර තිබේ.
මහා බ්‍රිතාන්‍යයේ, එංගලන්තය හැර සෙසු කොටස් තවමත් වසා දමා තිබේ.
සමස්ත ස්පාඤ්ඤ ජනගහනයෙන් 5%කට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ස්පාඤ්ඤයේ මේ වනවිට කොරෝනා රෝගීහු 229 000ක් සිටිති. මරණ 27 104ක් සිදුවී තිබේ.
ඉතාලියේ රෝගීන් 222 000ක් තහවුරු වී ඇති අතර 31 106ක් මියගොස් තිබේ.
(රොයිටර් ඇසුරිණි - 085)
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මිලියන 4 කට වැඩි පිරිසකට කොරෝනා