IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


යුද ගැටුම් නවතාලන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉල්ලයි

ලොවපුරා තිබෙන යුද ගැටුම් නවතා දමන්නැයි ද සටන් විරාම ප්‍රකාශයට පත් කර යුද ගැටුම් තිබෙන ප්‍රදේශවල සිටින ජනතාව ආරක්ෂා කරන්නැයි ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ‘‘වහා ක්‍රියාත්මක වන පරිදි ගෝලීය සටන් විරාමයක්’’ ක්‍රියාත්මක කරන්නැයි ද ජගත් මහ ලේකම්වරයා සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කළේය.

නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී කෙටි කතාවක් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඒ බව සඳහන් කළේය.

එහිදි එක්සත් ජාතීන්ගේ ප්‍රධානීයා කිසිදු රටක් හෝ සංවිධානයක් පිළිබඳ විශේෂ සඳහනක් නොකළ අතර යුද ගැටුම් පවතින ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විශාල අවදානම් ඇතැයි පෙන්වා දුන්නේය.

‘‘කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙනවා. එය ආයුධ සන්නද්ධ යුද්ධයකට වඩා විශාල යුද්ධයක්. මම අද මෙතැනට ආවේ ඒ නිසයි. මේ තත්ත්වය හේතුවෙන් මම ලෝකයේ සෑම කොනකම තිබෙන ගැටුම් නවතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගෝලීය සටන් විරාමයක් ප්‍රකාශ කරන්නැයි මා ඉල්ලා සිටිනවා’’ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පැවැසීය.

වසර දහයක් මුළුල්ලේ සිවිල් යුද්ධයකට මුහුණ දී සිටින සිරියාවෙන් ද ඉකුත් දා පළමු කොරෝනා ආසාදිතයා පිළිබඳ තොරතුරු වාර්තා විය. යුද ගැටුම් පවතින කො0ගෝ ජනරජයෙන් මෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ද මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත.
යුද ගැටුම් පවතින බොහෝ රටවල් දුප්පත් මෙන්ම දුර්වල සෞඛ්‍ය පද්ධති තිබෙන රටවල් යැයි විශේෂඥයෝ සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පෙන්වාදෙති.

‘‘ආයුධ සන්නද්ධ ගැටුම්වලට විරාමයක් තියන්න කාලය ඇවිත්. අද අපි අපේ ජීවිත බේරාගැනීමේ සත්‍ය සටනට අවධානය යොමු කළ යුතුයි. තුවක්කු නිහඬ කරන්න. කාලතුවක්කු නවත්වන්න. ගුවන් ප්‍රහාරවලට තිත තියන්න’’ යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
 
ඒ.එෆ්.පී.
 
055



අදහස් (2)

යුද ගැටුම් නවතාලන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉල්ලයි

de silva Tuesday, 24 March 2020 03:32 PM

කොරෝා නෙවේ වසූරිය හැදුනත් ඒවා නවත්වන්නේ නැහැ....

:       0       7

Raveendra Wednesday, 25 March 2020 04:04 AM

මෙයත් අපේ දේශපාලුවන් ඉගෙනගෙන ලෝකෙටම විහිළු සපයනවා වගේ...කව්ද ලියා දුන්නේ කියවන්න කියල ඒක...අර බෝක්කුව උඩ ඉදගෙන ට්‍රම්පට් ගහන අයියද ? එයාටත් ආතබුත නැහැ....

:       0       16

ඔබේ අදහස් එවන්න

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2389 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1278 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2913 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1053 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 839 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1036 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 221 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 514 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site