(කාංචන කුමාර ආරියදාස)
ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද 27 දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන්නට විය.
කිසිදු අයෙකුට දැනුම් දීමකින් තොරව හදිසියේම යුද හමුදාපතිවරයා ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වී වෙළෙන්දන් සමග සහ ගොවීන් සමග ද කෙටි පිළිසදරක නිරත විය.
ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී කියා සිටියේ එලවළු අලෙවි කිරීමේදී සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ විශාල තදබදයක් පවතින බවත් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මාධ්‍ය වල ප්‍රචාරය වීම පිළිබඳව සොයා බැලීමට පැමිණි බවයි.
මෙහිදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියේ ජනතාවගෙන් මීටරය දුර පවත්වාගෙන යමින් මෙය පාලනය කරගැනීම අවශ්‍ය බවත් ඇඳිරි නීතිය යොදවා ඇත්තේ රටක් හැටියට ආරක්ෂා වීම සඳහා බවයි .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවන ක්‍රියාදාමයන් තම ඇස් දෙකෙන් දැක බලා ගැනීමට අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.
බැසිල් රාජපක්ෂ මහතා එළවලු ප්‍රවාහනය කිරීම සඳහා නිවෙස් වලට ගෙන ගොස් දීමට ක්‍රමවේදයක් සකසා තිබෙන බවත් ඉදිරියේදී නිවෙස් වලට එළවළු ප්‍රමාණය යැවීම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේය.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
යුද හමුදාපති දඹුලු ආර්ථික මධ්‍යස්ථානයට යයි
Ileperuma Friday, 27 March 2020 09:24 AM
වෙළඳ ඇමතිට මොකද වුනේ ?
sam Friday, 27 March 2020 09:41 AM
ඉලේපෙරුම, හමුදා රජයකට මොන වෙළඳ ඇමතිලාද??
asanka Friday, 27 March 2020 10:18 AM
වෙළෙඳ ඇමති ඇතුළු බොහෝ මැති ඇමතිවරු මේ දිනවල ඇඳ යට සැඟවී සිටින බවයි ආරංචි.
JCN Friday, 27 March 2020 10:20 AM
හමුදාව දාල හරි වැඩේ කෙරෙනවා නම් කමක් නෑ කිය කිය ඉම්මුකො තව අවුරුද්දක් දෙකක්
බද්රානි Friday, 27 March 2020 11:20 AM
අවිනීත, අශීලාචාර, තක්කඩි මිනිසුන් බහුලව ජීවත් වෙන රටකට විනයකින් යුතු ජනතාවක් බිහිකිරීමට නම්් වසර කීපයකට හෝ මේ රටට හමුදා පාලනයක් අවශ්‍යයි. ජනාධිපතිතුමා හමුදාව හා පොලිසියේ සහයෝගය ඇතිව මේ මොහොතේ රටට අවශ්‍ය දේ ඉතාම හොඳින් ඉටුකරමින් සිටිනවා. එය අනාගතයේදී මේ රට ගමන් කරන දිශාව තීන්දු කරන තීරණාත්මක සාධකයක් වේවි. ඔවුනට අපේ ප්‍රණාමය පිදිය යුතුයි!!
de silva Friday, 27 March 2020 11:38 AM
ඇදිරි නීතිය තිබුනත් නැතත් ඔය එළවලු ආර්ථික මධ්‍යස්ථානවලට ගෙන එන්නේ නැතුව කෙලින්ම නගර වලට ගෙනත් පාරිභෝගිකයාට අලෙවි කරන්න ක්‍රමවේදයක් සකස් කරන්න බැරිද? කුට වෙළදුන්ගේ ගසාකෑම නතරකලොත් එළවලු සාධාරණ මිලකට පාරිභෝගිකයාට දෙන්න පුළුවන් වෙන අතර , ගොවියාටත් සෙතක් සැලසේ.... රටේ ජිවන බර අඩු කරන්න ඕනේ නම් මෙවැනි දේ කලයුතු වෙනවා .
NishanFriday, 27 March 2020 10:41 PM
එහෙම කරන්නේ කොහොමද ඒවා මෙහෙයවන්නේ ආණ්ඩුවේම අය වෙච්චි කොට