(ඩයනා උදයංගනී)
රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට වගකිව යුතු රාජපක්‍ෂවරුන්ට හා ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් හෝ සදාචාරයක් නැතැයි එක්සත් ජාතික පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජයසුන්දරලා විසින් රාජපක්ෂලා වෙනුවෙන් තැනූ ආර්ථික ටයිටැනික් නැව, මූල්‍ය අර්බුදය නම් පවුරේ වැදී ගිලෙමින් තිබියදී රාජපක්ෂ පවුලේ අය ලොස් ඇන්ජලීස් බලා යන ප‍්‍රිජට් යුද නැවකට ගොඩවී, වැඩකරන ජනයාට හම්බන් ඔරුවලට නගින්නැයි කීම විහිළුවක් බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට මහ බැංකුවේ විධායක නිලධාරියෙකු ලෙස ලැබෙන විශ‍්‍රාම වැටුප, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ලැබෙන විශ‍්‍රාම වැටුප හා ජනාධිපති ලේකම් ලෙස ලැබෙන වැටුප ඇතුළුව වැටුප් තුනක් තිබුණත් සෑම රාජ්‍ය සේවකයකුම වැටුප් තුනක් ලැබීමට වාසනාවන්ත නැතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.
රටේ පවතින මූල්‍ය අර්බුදයට හා ආර්ථික අර්බුදයට වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම සදාචාර නොවන ක‍්‍රම මගින් ධනය උපයන ව්‍යාපාරිකයන්ට, ඇති හැකි අයට දුන් බදු සහන, අන්තර්ජාතික වෙළඳාම හරහා ලැබෙන බදු ආදායම් අහිමි වීම ආදිය ද හේතු වී ඇතැයි කී පාඨලී චම්පික රණවක මහතා ආර්ථික අවපාතයක් තිබියදීත් රාජපක්ෂ රජය සිය පැරණි දුර්වල ආර්ථික ප‍්‍රතිපත්ති හා ආර්ථික මංකොල්ලය ඉදිරියට ගෙනයමින් සිටින බව ද පැවසීය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රාජපක්ෂලාටහෝ පී.බී ජයසුන්දර මහතාට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට අයිතියක් නෑ
සේන Monday, 11 May 2020 09:45 AM
මම ඉන්නෙ පිට රටක. ලෝකෙ හැම රටකම ආර්ථිකේට විශාල පහරක් එල්ල වුණා මේ වසංගතය නිසා. වර්ථමාන රටට ආදරය ඇති පාළනය නිසයි රට රැකුණෙ. මේක කියල තියෙන පුද්ගලයා පෞද්ගලික කෝන්තර වලින් පෙළෙන කෙනෙක්. මෙවැනි අය දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. මොවුන් කවදාවත් රටට යහපතක් වන දෙයක් කියන්නෙ , කරන්නෙ නෑ.
duminda Monday, 11 May 2020 09:50 AM
ආණ්ඩුවට තිබුනේ අධි තක්සේරුවක් එකයි වැට් බදු අඩු කලේ ...
Jay Monday, 11 May 2020 09:55 AM
අනේ මෙච්චර කල් මෙයා කොහෙද දන්නේ නැහැ හිටියේ. හදිස්සියේම ලොකු කරුණාවක් පහල වෙලා තියෙන්නේ.
dinesha Monday, 11 May 2020 09:56 AM
නොහැකියාව බැරි බැරියාව ගැන පහුගිය අවරුදු 4 කට වඩා කාලයක් ඇහුන්කන්දිගන හිටපු ජනතාවක් මාස 6න් සුරපුරක් බලාපොරොත්තු වෙන්නේ නෑ.
සමීර Monday, 11 May 2020 09:59 AM
කාලයක් කට වැහිලා තිබිලා ඔන්න දැන් ආපසු කට ඇරිලා.
Thilina Monday, 11 May 2020 10:00 AM
මේ වගේ පටු කුහක දුෂ්ට දේශපාලකයෙක් මම තවත් දැකල නැහැ .මම අවංකවම දුක් වෙනවා මොහුට එක පාරක් හරි ජන්දය භාවිතා කිරීම ගැන. මේ වෙලාවේ අපි රටක් විදිහට එකතු වෙලා මේ අර්බුදයෙන් ගොඩ එන්න ඕන වෙලාවේ තමන්ගේ ජරා දේශපාලන මතය ඉදිරියට අරගෙන මේ කරන ජරා වැඩෙන් කිසිම හොඳක් වෙන්නේ නැහැ .
තිවා Monday, 11 May 2020 10:04 AM
පහුගිය අවුරුදු පහේ ආර්ථිකය මෙයාලා ගොඩක් ශක්තිමත් කළානේ.
chandra Monday, 11 May 2020 10:04 AM
ආර්ථීක ඝාතකයින්ගේ වැඩ. එදා ආර්ථීකය කෑවා. අද කන්න නැති නිසා රාජ්‍ය සේවකයින්ගෙන් හිගා කනවා.
ධනා Monday, 11 May 2020 10:20 AM
අපිට ආයෙත් ඕනේ ඔබතුමාලා වගේ රට ස්වයංපෝෂිත කරපු යුගයක්.
සමන්ත Monday, 11 May 2020 10:24 AM
මුලින්ම එම නිවේදනය කියවන්න. එහි ඇත්තේ කැමතිනම් මිසක් බල කීරීමක් නොවේ. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. මොන දේ කිව්වත් යූ.එන්.පී 3% පරදින එක නියතයි. අර දැන් යූ.එන්.පී කෙනෙක් අහවල් ශ්‍රී ලාංකිකයන් අදාහනය කරනවා කියලා උසාවි යනවා. ඉතිං බහුතරයක් සිංහල මිනිස්සු එවැනි පක්ෂයකට ඡන්දය දෙයිද ? බහුතරයකගේ ජීවත් වීමේ අයිතිය නැති කරන්න උසාවි යද්දී. සිංහල ඡන්ද වලින් දිනන්න බෑ කියන මතය පුස්සක් කරපු බව අමතක කරන්න එපා. හිතාගෙන ඉන්නේ අහවල් ශ්‍රී ලාංකික ඡන්ද වලින් විතරක් රජයක් පිහිටවීමට නම් ඒක හීනයක්. මුලින් බහුතරය සතුටු කර සිටින්න.. සුලුතරයට පෙර..
සනත් සුගතපාලMonday, 11 May 2020 11:40 AM
සමන්ත මහත්තයෝ ඔබ කියන විදියට කැමතිනම් දෙන්න කිව්වාම කියමුකෝ. ලොක්කට/ලොක්කිට හොඳනම ලැබෙන්නත් උසස්වීමක් ගන්නත් මේ කියන මුදල එකතුකරලම දෙන්න ඕන.
කමල් Monday, 11 May 2020 12:26 PM
මුලින්ම ඔබතුමාගේ අදහසට සාදු සාදු සාදු... මේකෙන් පස්සේ අපේ ඔෆීස් එකේ පෙම් හසුන් දැන් යවන්නෙ රාජකාරී ලිපි ශීර්ෂ වල. අනික ඔක්කොම ඒවයෙ කොපියක් යවනව නීතිපතිටයි විගණකාධිපතිටයි. ඒගොල්ල ඒක වැඩිදියුණු කිරීමට විදි කියල දෙනවා. අපි දැන් කියන්න ඉන්නේ අපේ පඩි දෙන විදිහත් මේ විදිහට කරන්න අපේ පඩිය තුනකට කඩල දෙන්න කියලා. එතකොට පුජා කරන්න ඕන පඩිය අදුන ගන්න ලේසී. තව අපේ ලොකු සර්ල දෙන්න මරු වැඩක් කලා ලගදි. ඉස්සරහට එන සේවක සුභසාධන ප‍්‍රශ්න වලට මේ විදිහ හොඳයි කියල හිතල ඔෆීස් එකේ සුපිරිම ගොට්ට අල්ලන මනුස්සයට කියල කියවනව මට මේක එපා අරක එපා කියල සභාවක් මැද්දෙ. ඊට පස්සේ අනික් එකෙක්වත් කට හොල්ලන්නෙ නෑ අඩුපාඩු කියල. අනේ ඔබතුමාටයි ඔබතුමාගේ පක්ෂ නායකයොන්ටයි දිව්‍ය ආයුෂ ලැබිල වැඩි වැඩියෙන් රටේ යහපතටයි අපේ මැටි මොලේ දියුණු වෙන්නයි මේ වගේ සුපිරි අදහස් බෙදා ගන්න දිගටම ලැබේවා.
hira Monday, 11 May 2020 10:50 AM
මහඋළු ගෙදර ඉන්න ඕන කෙනෙක්නේ මේ බයිලා ගහන්නේ.
saaliMonday, 11 May 2020 03:10 PM
බයිලා ගහන ආර්ථිකයා...
Raveendra Monday, 11 May 2020 10:58 AM
මමත් මොනවා හරි කියන්නම ඕනේ නිසා ඔන්න කිව්වා හොදේ. කොහෙද හැංගිලා හිටියේ හැබෑට ? රාජපක්ෂලා විතරක් නොව තොපිත් ( මිහරකුන් 225 ම ) මෙතෙක් කල් අහිංසක මිනිසුන්ගේ බදුමුදල් වලින් පිනට ගත්ත, සහ පිනට ගිලපු සියල්ල නැවත දෙන්න මහජනතාවට පොලියත් එක්ක. කාලකන්නි...
AsangaMonday, 11 May 2020 11:47 AM
මටත් කියන්න තිබ්බ එක ඔබ කළා.
Covid19 Monday, 11 May 2020 11:11 AM
මෙම පුද්ගලයන් සෑම විටම රජයෙන් කරන දේවල් විවේචනය කරනවා. සරලවම මෙය ඉල්ලීමක් මිස නියෝගයක් නොවේ. කැමති අයට දෙන්න පුළුවන්. අකමැති අයට නොදී ඉන්න පුළුවන්.
kamalMonday, 11 May 2020 12:28 PM
ඉහළින් ඉන්නේ කැමැති නම් කියලා නමුත් තාම ඉහළ නිලධාරින්ගේ ප‍්‍රසාදය දිනාගැනීම සදහා ඒවා පහළට එන්නේ නියෝග ලෙසිනි.
wijeMonday, 11 May 2020 05:38 PM
ඒක සහතික ඇත්ත...
Gihan Monday, 11 May 2020 11:14 AM
ඔන්න ආයෙත් කරළියට ඇවිත්.ඒක ඒ අය බලාගනී. ඔයා කහින්න එපා.
Sisira Monday, 11 May 2020 11:56 AM
හෙළ උරුමය වෙන්දේසිකරු රට විකුණගෙන කාපු කට්ටිය හෙළ උරුමය නෙමේ මුන් හෙළ නරුමයෝ..
singapuli Monday, 11 May 2020 12:34 PM
මුග්ධ දේශද්‍රෝහී දේශපාලුවන් මේ රටෙන්ම නෙරප හැරිය යුතුය.
Keppetipola Monday, 11 May 2020 01:09 PM
හලෝ පාච රණවක, රජයේ වාහන අරන් හොර ගමන් ගිහින් අහිංසක ළමයි හප්පලා අබ්බගාත කරලා වෙන රියදුරන් ඉදිරිපත් කරලා පලා යන්නත් කිසිම අයිතියක් හෝ සදාචාරයක් නැහැ. මහා බැංකුව මංකොල්ල කන්නත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ද මුස්ලිම් ත‍්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් සමග ගනු දෙනු කිරීමටත් ඔබට කිසිම අයිතියක් හෝ සදාචාරයක් නැහැ.
wasantha Monday, 11 May 2020 01:18 PM
මේ ද්වේශ සහගත අප්‍රසන්න, ඔලුව ඉදිමිච්ච කෙනෙක්...
ගගන Monday, 11 May 2020 01:21 PM
ඔහේ ඉතින් ඉන්නේ අර මොරටු විශ්ව විද්‍යාලේ කාලේ වගේ ඔයවගේ දේවල්වලට බුරන්න විතරයි. වෙන වැදගත් යමක් කරන්න පැත්ත පලාතටවත් ගා ගන්න යුතු නැති චරිතයක්. ආපහු නගිනවකෝ පුටු කබලක් උඩ ඇගිල්ලත් දික්කරගෙන පන්ති වර්ජන කළා වගේ... පාර මැද කතාවක් පවත්වන්න පඩි ගැන.
latha Monday, 11 May 2020 01:22 PM
විදුලි පුටුවේ ඉන්දනවෝ කියපු උන් - ආර්ථික ගාතකයෝ කියපු උන් දැන් හිඟාකනවෝ...
නොකවුට් Monday, 11 May 2020 02:03 PM
කොහෙද මෙච්චර කාලයක් හිටියේ...?
සෙනෙවිරත්න Monday, 11 May 2020 02:11 PM
රාජපක්ෂ නැවට හිතූ තරම් ලෙහෙසියෙන් යාත්‍රා කරන්න අමාරුයි. පටන් ගන්න කොටම කා ගත්ත බදු කීපයක් අඩු කරල , ඒකෙන් වාසි කාටද කියලවත් අපි දන්නෙ නැහැ. මේකට විරුද්ධකතා මිසක් කොතනකවත් පක්ෂව කතා නැති එකෙන්ම තේරෙනව රාජ්‍ය සේවක 70% දැන් හිතනහැටි. මෙතන 3% ගැන කියපු අයට කියන්න තියෙන්නෙ තව වසර පහකින් ඒ 3% කියපුව නිවැරදි බව වැටහෙනු ඇති බවයි...
ප්‍රියන්ත Monday, 11 May 2020 02:20 PM
හොද වෙලාවට ඕගොල්ලො ගියාට පස්සෙ කොරෝනා ආවේ. නැත්නම් මේක මෙලහකටත් පුංචි ඉතාලියක් වෙලා ඉවරයි ! මේං වැන්දා හිටිය වගේ තව ටිකක් හැංගිල ඉන්නකො.
ධම්ම Monday, 11 May 2020 02:27 PM
ජයසුන්දර කියූ දේ මිනිසුන්ට තේරුනේ නැහැ කියලද මේ කියන්නේ...? මිනිසුන් එයට නිසි ප්‍රතිචාර දක්වාවි. ඔබ දැන් අවලංගු කාසියක් වී හමාරයි.
Wca Monday, 11 May 2020 03:30 PM
මමත් ආවෙ හොදට දෙකක් ලියන්න. කට්ටිය හොදට වැඩෙ කරල තියෙනවා.
wije Monday, 11 May 2020 05:35 PM
අපෙ පඩි, අපිටත් නොකියා කපන්න තීරණය කර කලාප කාර්යාලයට ලිපිය ලියා යවා අවසන්. ස්තුති P.B. ජයසුන්දර මහතා
de silva Tuesday, 12 May 2020 04:27 AM
ලංකාවේ රජයේ සේවකයන්ගෙන් 75% ලොකු, පොඩි, ඍජු සහ වක්‍ර ආකාරයෙන් යම් කිසි අල්ලසක් ලබනවා. කෙනෙක් රජයේ රැකියාවක් ගන්න පොරකන්නේ මෙවැනි පොඩි පොඩි වාසි සහ 55 ලැබුවට පස්සේ විශ්‍රාම වැටුපක් ලැබෙන නිසා... කාර්යාල පසුගිය මාස දෙකේ වහලා තිබුණු නිසා එම අාදායම ඇහිරිලා..., මේ අවස්ථාවේ වැටුපෙන් 1/3ක් කැපුවාම හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ...
සෝමචන්ද්‍ර Tuesday, 12 May 2020 05:02 AM
පිටරටවල අයින් කරපු සත හැටේ බෙහෙත් පෙත්ත ආනයනය කර රුපියල් හැටකට අහිංසක රෝගීන්ට විකුණලා නැව් අරගත්ත ඇමතිවරු ගැන දැන් අමතකයි වගේ... ඔය නිර්භීත කට ඒ කාලේ පාවිච්චි නොකළේ ඇයි? අසාධාරණයට කතා කරනවා නම් පක්ෂ භේදයක් නැතිව කරන්න.