IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


රාජ්‍ය-පෞද්ගලික අංශයන්ට සතියක් නිවසේදී රැකියා කටයුතු කරන්නැයි උපදෙස්

(අජන්ත කුමාර අගලකඩ)

හෙට(20) සිට ලබන සිකුරාදා(27) දක්වා වූ කාලය නිවසේ සිට රාජකාරී කටයුතු කරන කාලසීමාවක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම තීරණය රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙස රජය දැනුම් දෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.



අදහස් (23)

රාජ්‍ය-පෞද්ගලික අංශයන්ට සතියක් නිවසේදී රැකියා කටයුතු කරන්නැයි උපදෙස්

Saman Abeyrathne Thursday, 19 March 2020 07:42 AM

මේ වැඩ කරන අයටනේ... කුඩා කණ්ඩායම් පන්ති පැවැත්වීම කොහොමද? පොඩි අධ්‍යාපනික ආයතන ගොඩක් තියෙනවා රටේ... 4 දෙනාට වැඩිය රැස්වෙන්න. එ් නිසා කියන්න සියලුදෙනාටම පැහැදිලිවන ලෙස...

:       39       7

Anton AustriaThursday, 19 March 2020 08:32 AM

ළමයි ටික බේරගත්තොත් ඔයාට රෑටත් පන්ති දාලා කරන්න පුළුවන්...

:       2       8

upul Thursday, 19 March 2020 08:00 AM

මෙය පටන් ගැන්මේදීම එයාර්පෝර්ට් එක වැහුවා නම් අද මේ ප්‍රශ්නයට මුහුණදෙන්න වෙන්නේ නැහැ. මේක ජනාධිපතිට කියන්න කෙනෙක් හිටියේම නැද්ද?

:       117       591

IndikaThursday, 19 March 2020 08:28 AM

ඕක එදා වැහුවා නම් ඔහොම කියන්නේ නැහැ. කට්ටියම එහෙනම් ගිහින් ජිනීවා.. අපි දන්නවනේ ලංකාවේ කට්ටියගේ හැටි..

:       24       18

සංජීව Thursday, 19 March 2020 08:48 AM

සම්පූර්ණ ඇත්ත. අශ්වයා ගියාම ඉස්තාලයේ දොරවහන ක්‍රමයක් මේ රජයට තියෙන්නේ... කිසිම දෙයකට පූර්ව සූදානමක් නෑ. වයිරසය රට රටවලට පැතිරෙද්දි පුරසාරම් දොඩව දොඩවා මෙහේ ඕනෑම කෙනෙක්ට එන්න ගුවන්තොටුපල ඇරලා තිබ්බා. පස්සේ රටවල් තුනක ඉඳන් එන අය විතරක් කඳවුරුවලට දැම්මා. අනිත් අයට එන්න දුන්නා. ලෙඩේ පැතිරෙද්දි එක දවසක් විතරක් නිවාඩු දුන්නා. දැන් ගෙදර ඉඳන් වැඩ කරන්නලු. මේ ඔක්කොම කරේ ඡන්දය බලාගෙන. රටට හෙන ගැහුවත් මේ රජයට ඕනේ ඡන්දය ඉක්මණින්ම තියාගන්න...

:       35       77

ලියනගේFriday, 20 March 2020 08:26 AM

අනිත් අය ආණ්ඩුව කරා නම් මෙලහකටත් රටෙන් භාගයක්ම මේ වසංගතේට ගොදුරු වෙලා. මේ ආණ්ඩුව නිසා තමයි මෙහෙමවත් බේරුණේ. මතකනේ සහරාන් බෝම්බ ගහපු වෙලාවෙ, ඇදිරි නීති දැම්මෙත් සතියකට විතර පස්සෙ..

:       1       0

athuraSunday, 22 March 2020 05:32 AM

ලියනගේ හැබැයි දෙවැනි ප්‍රහාරේ වළක්වා ගත්තා ඔහෙට අමතකද?

:       0       0

ධනාThursday, 19 March 2020 09:44 AM

කොරෝනා සම්බන්ධව රජය ගෙන ඇති පියවර සාධනීය වන අතර රට වැසියන් වශයෙන් ගන්නා සියලු පියවරයන්ට කොන්දේසි විරහිතව සහය දිය යුතුය.

:       0       0

Ranjan Thursday, 19 March 2020 08:14 AM

නොදන්නා නිසා අහන්නේ.... දැන් මේ කට්ටියට නිවසේ සිට රාජකාරි කරන්න අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සහ ලැප්ටොප් ආදිය සම්බන්ද කර තිබෙනවද?

:       0       0

Ruwan R Thursday, 19 March 2020 08:29 AM

ගරු අගමැතිතුමෝ., පරක්කු වෙලා වුණත් ගත්තු හොඳ තීරණයක් ඒක නම්... එ්ත් අපේ බොස් ගෙදර ගිහින් රාජකාරි කරන්න දෙන්න බෑ කියනවා. මට හෙල්ප් එකක් දෙනවද? මම වැඩ කරන්නේ හංදියේ වයින් ස්ටෝර්ස් එකේ..

:       1       100

samThursday, 19 March 2020 09:06 AM

බොසා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉඳලා බඩු ටිකක් ගෙදර ගෙනිහින් විකුනන්න. පොලිසියෙන් ඇල්ලුවොත් එහෙම මම කිව්වයි කියන්න එපා. අගමැති තුමා කිව්වයි කියන්න.

:       0       0

sumu Thursday, 19 March 2020 08:31 AM

මේක පැහැදිලි මදි... පෞද්ගලික අංශයේ සියලුම ආයතන වහන්න ඕනිද නැද්ද? එතකොට නගරයක තියෙන සියලුම ව්‍යාපාරික ස්ථාන වැඩ නතර කරන්න ඕනෑද? ඒවා ගෙදර ඉඳන් කරන්න පුළුවන්ද?

:       1       79

sachith Thursday, 19 March 2020 08:33 AM

මේක පෞද්ගලික අංශයට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි තාම සුද්දගේ කාලේ වගේ ෆයිල් වල කොළ පුරවාගෙන අරයාගෙන්, මෙයාට අත්සන් කරකර අරගෙන යන රාජ්‍ය සේවය කොහොමද දුවන්නේ...?

:       0       29

චමින්දThursday, 19 March 2020 04:35 PM

සචිත්ගේ අදහස ඉතාම නිවැරදියි. අපි හිතමු කෙනෙකුට ගසක් කපාගැනීමට අවශ්‍යව තියෙනවා කියලා. අපි ඉඩමේ ඔප්පුවත් සිතියමත් දුන්නම ඉඩමේ මුල් අයිතිකරුගේ හා වත්මන් අයිතිකරුගේ ඥාතිත්වය පෙන්වීමට ලියකියවිලි ගෙනෙන්න කියන ලිපිකරුවෝ ඉන්න රටක ලිපිකරුවන්ට නිවසේ සිට රාජකාරි කරන්න කිව්වම මොනවා වේද කියලා මොලයක් ඇති අයෙකු සිතාබලත්වා.

:       0       7

nalinFriday, 20 March 2020 04:36 AM

චමින්ද වෙත, දැන් මේ වෙලාවේ ගහක් කපා ගන්නම ඕනෙද? පොඩ්ඩක් ඉන්න බැරිද?

:       0       0

Jehaan Thursday, 19 March 2020 08:35 AM

රාජ්‍ය අංශයට අමුතුවෙන් ගෙදර යවන්න ඕනෑ නැහැ... කොහොමත් ඒ ගොල්ලන්ට වැඩකරන තැන ගෙදර වගේ තමයි. රාජකාරී වෙලාවේ බුදියගෙන ඉන්න පින්තූරත් අපි පසුගිය කාලේ දැක්කේ...

:       4       37

Ruwan R Thursday, 19 March 2020 08:38 AM

අස්සයා ගිය පසු ඉස්තාලය වැසීම අංක 2 ... කමක් නෑ. නාමයෝජනා වැඩේ ඉවර කර ගත්තනේ.

:       0       0

jagath Thursday, 19 March 2020 10:28 AM

බාර් වහනවා ද ?

:       0       0

Dilshan Thursday, 19 March 2020 12:19 PM

හෙට ඉදලා වහන්නේ නැති කොම්පැණිවලට මොකද කරන්නේ.

:       0       2

දසුන් Thursday, 19 March 2020 12:59 PM

ලංකාවේ පෞද්ගලික අංශය ඉතාමත් ආත්මාර්තකාමියි. අසීරු අවස්තාවේදීවත් සේවකයාට නිවාඩු ලබාදීමට අදහසක් නෑ. අධික ලාභ ලැබුවත් සේවකයාගේ පඩි ෂුවර් නෑ. රාජ්‍ය අංශය අධික පාඩු ලැබුවත් සේවකයාගේ පඩි ෂුවර් .

:       0       11

sas Thursday, 19 March 2020 01:19 PM

රජයේ සේවකයන්ගෙන් බහුතරයක් එනම් පරිපාලන සේවයේ නිලධාරීන්ගේ සිට කනිෂ්ට සේවකයා දක්වා කාර්යාලයේදීත් කිසිම පලදායී වැඩක් නොකරති. එසේ වන විට ඔවුන් ගෙදර සිට වැඩ කරයිද ?

:       0       23

Perera Friday, 20 March 2020 04:45 AM

මේ දාල තියෙන කොමෙන්ට් වලින් පැහැදිලි වෙන්නේ ඇහැටවත් පෙනෙන්නේ නැති පුංචි වයිරසයක් මුළු ලෝකයේ කෙරුම් කාරයෝ ඇතුළු හැමදෙනාගේම එදිනෙදා ජීවිත සම්පූර්නෙන් අන්ත අසරණ වෙන තත්වෙට අනලා කියලා. මේක මඩින්න ඉන්න ජගතා කව්ද? දෙවියන්ගේ පිහිට තමා ඉතින්.

:       0       0

Ananda Wanasinghe. Saturday, 21 March 2020 04:50 AM

විදේශ රටවල සහ පුද්ගලික අංශයේ නම් ගෙදර සිට වැඩ කරන්න පුළුවන්.. ඒත් තවම ෆයිල් ඵක අරගෙන ඵහේ මෙහේ දුවන රාජ්‍ය සේවයේ නම් ගෙදර සිට වැඩ කරනවා කියන්නෙ බිරිඳට කඩේයාම පොල් ගෑම ළමයි බලා ගැනීම වගේ දේවල්. අපි තවම 19 වන සියවසේ ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2389 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1277 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2913 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1051 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 837 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1035 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 259 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site