IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ලිංගාශ්‍රිත රෝග - ඒඩ්ස් මර්දන සායන ප්‍රතිකාර අඛණ්ඩව

( දිල්රුක්ෂි ග්‍රේරු)

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ  සායන වලින් ප්‍රතිකාර ලබාගන්නා  පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීම සඳහා  විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
 
 ඒ අනුව කොළඹ පිහිටි මධ්‍යම සායනය මගින් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8 සිට මධ්‍යහ්න 12 දක්වා ඖෂධ නිකුත් කිරීම හා සේවා ලබා දීම සිදු කෙරේ.
 
තමන්ට නියමිත සායන සඳහා පැමිණිමට අපහසු පුද්ගලයින්ට  එම අවස්ථාවේදී තමන්ට ළගම සායනික ස්ථානයට ගොස්  ඖෂධ ලබාගත හැකි බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය කියයි.
 
 දිවයිනපුරා පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ  සායනවල දුරකතන අංක ආයතනයේ වෙබ් අඩවිය වන  WWW.aidscontrol.gov.lk  වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවද  අධ්‍යක්ෂකවරිය පවසන්නීය.
 
සායන සඳහා පැමිණෙන පුද්ගලයින්ට  සිය ජංගම දුරකතනයට එවනු ලැබූ කෙටි පණිවිඩය  පොලීසියට පෙන්වීමෙන් ඇදිරිනීතිය පවත්නා අවස්ථාවේදී ඇදිරිනිතී බලපත්‍රය ලෙස භාවිත කළ හැකිය.
 
 රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් මෙම නිවේදනය මහජනතාවට නිකුත කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.



අදහස් (0)

ලිංගාශ්‍රිත රෝග - ඒඩ්ස් මර්දන සායන ප්‍රතිකාර අඛණ්ඩව

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 168 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 100 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 130 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 385 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 571 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site