ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව අද (3) පස්වරු වනවිට 53,000 ඉක්මවා ගියේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (3) පස්වරුවේ නිකුත් කළ දත්තවලට අනුව ‘කොවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 53,179ක් ලෙස දැක්විණි. එම දත්තවලට අනුව අද පස්වරු 4 වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන දස ලක්ෂය ඉක්මවා ගොස් තිබූ අතර සමස්ත ගණන 1,017,693ක් විය.
නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර වයිරසය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් මෙන්ම ආර්ථික අර්බුදයක් ද ඇති වී තිබේ.
රටවල් සහ පරිපාලන ප්‍රදේශ 200කට වඩා ව්‍යාප්ත වී තිබෙන නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටය. වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
දෙවැනියට සහ තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර ඉදිරි සති දෙක තුළ දී හදිසි ප්‍රතිකාර ලබන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ අවසන් වනු ඇතැයි යුරෝපය අනතුරු අඟවා ඇත.
පසුගිය දින අටක කාලයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇත.ලොවපුරා පළමු කොරෝනා ආසාදිතයන් 500,000 වාර්තා වීමට දින 75ක් ගත විය. සමස්ත කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 22ක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාවෙන් ඉතාලියෙන් හා ස්පාඤ්ඤයෙන් වාර්තා වන ගණන ප්‍රතිශතයක් ලෙස සියයට 11කි. වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් චීනයෙන් වාර්තා වන ගණන සමස්ත සංඛ්‍යාවෙන් සියයට 8කි.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලොව පුරා මිය ගිය කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 53,000 ඉක්මවයි