IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ශ්‍රී ලංකාවට කෝටි 15 ක වෛද්‍ය ආධාර

ලෝක සෞඛ්‍ය සංවිධානයඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඇමෙරිකානු ඩොලර් 800,000 (ආසන්න වශයෙන් රුපියල් කෝටි 15) වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.

අත්‍යවශ්‍ය විද්‍යාගාර උපකරණ, රෝහල් උපකරණ, පෞද්ගලික ආරක්ෂණ උපකරණ යනාදිය ඊට ඇතුළත් වේ.

‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන ක්‍රියාමාර්ගවලට සහාය දීමක් ලෙස එම උපකරණ මෙරටට පරිත්‍යාග කර ඇත.

මුඛ ආවරණ සහ අත් ආවරණ ඇතුළු පෞද්ගලික ආරක්ෂණ උපකරණ 45,000,000වැඩි ප්‍රමාණයක් , පී.සී.ආර්. යන්ත්‍ර සහ නළ 10කට වැඩි ප්‍රමාණයක් , රෝහල් ඇඳන් හා ඔක්සිජන් ටැංකි යනාදී රෝහල් උපකරණ 350කට වැඩි ප්‍රමාණයක් , ‘කොවිඩ්-19’ පරීක්ෂණ කට්ටල 120ට වැඩි ප්‍රමාණයක්, පරිගණක සහ විඩියෝ සම්මන්ත්‍රණ සඳහා භාවිත කරන උපකරණ 50කට වැඩි ප්‍රමාණයක් , වෛද්‍ය පරිභෝගික උපකරණ හා භාණ්ඩ අයිතම සහ කට්ටල 1,500කට වැඩි ප්‍රමාණයක්, ජෛවරසායන සහ රුධිර විද්‍යාවට අයත් අයිතම 5ක් සහ දැනුවත් කිරීමේ පත්‍රිකා සහ පෝස්ටර් 55,000කට වැඩි ප්‍රමාණයක් මෙම වෛද්‍ය ආධාර තොගයට අයත් වේ. 

(055)



අදහස් (12)

ශ්‍රී ලංකාවට කෝටි 15 ක වෛද්‍ය ආධාර

Samitha Senaka Aluthgamage. Sunday, 10 May 2020 12:55 PM

ලෝක සෞඛ්‍ය සංවිධානයට හා ඕස්ට්‍රේලියාවට ස්තූති වේවා...!!!

:       0       0

Sam Sunday, 10 May 2020 01:20 PM

අනේ මන්දා අගමැති කීවා නේද කිසි දෙයක් ලැබුනේ නෑ කියලා... අන්තෝ ජටා බහි ජටා....

:       0       0

Rohit Sunday, 10 May 2020 01:58 PM

ඕකත් නැවෙන් ආවෙ නැහැ කියයි... වෙලාවට ෆොටෝ එකක් තිබ්බේ...

:       0       0

පර්සි Sunday, 10 May 2020 05:17 PM

" ආධාර කියලා බඩු දීලා හරියන්නේ නැහැ. අතට සල්ලි දෙන්න ඕනා. එතකොට තමයි.. සුනාමියේදී වගේ මට අතපය දිගහැරලා වියදම් කරන්න පුළුවන්.... එත් දැන් දැන් මුන් මගේ අතට සල්ලි දෙන්නේ නැහැ.... ඔය අර නොදන්නකමට සුනාමියට ලැබුන ඩොලර් මිලියන ගණනක් මම වියදමට තියාගත්තු නිසානේ. ඒ කොයි කාලේද .? මේ සුද්දන්ට ඕවා තවමත් මතකයිනේ.. දැන් ටීවී එකට කියනවා ඩොලර් මිලියන 50 ක් ලංකාවට දෙනවා කියලා. හෙට සුද්දෙක් ලොරියක් අරන් ඇවිත් මොනවාහරි තඩි පෙට්ටි ටිකක් බාලා ..ෆොටෝ ගහලා ..වීඩියෝ කරලා කියනවාමේ අර ඩොලර් මිලියන 50 පරිත්‍යාගය කියලා.. නොදකින් ..මට ඔය ජරාව ඕන නැහැ . දෙනවානම් කෑෂ් අතට දෙන්න ඕනා.. නැද්ද ..හාන්දුරුවනේ...? "

:       67       373

isuru Sunday, 10 May 2020 05:37 PM

ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 15 ක වෛද්‍ය ආධාර ලැබීම රටවැසියන්ට ලොකු සහනයක් ...

:       0       10

ranjanSunday, 10 May 2020 07:17 PM

ආධාර ලැබුන එක අපිට හොඳයි. එත් ආධාර සල්ලි විදිහට නොලැබුන එකට ආණ්ඩුවේ කට්ටියට හිත රිදිලා. හොරා කන්න බැහැනේ.

:       139       312

RasikaSunday, 10 May 2020 10:06 PM

ඉසුරුත් හරියට අර කට උල්කරලා බොරු ගණන් හදන හාදයා වගේ... මේකේ තියෙන්නේ රුපියල් 15ක්.. ඩොලර් ලක්ෂ 8ක් විතර... කොහොමද ලක්ෂ 8ට කෝටි 15ක් ලැබුණා කිව්වහම..?

:       0       0

Ranjith Monday, 11 May 2020 12:44 AM

මේ අය කැමති නැහැ රට (අපි) සංවර්ධනය වෙනවට. එකයි මේ සල්ලි අපේ ගිණුමට වලට එවන්නේ නැත්තේ.

:       0       0

krishantha vidanapathirana Monday, 11 May 2020 12:48 AM

ශ්‍රී ලංකාවට කෝටි 15 ක වෛද්‍ය ආධාර භාණ්ඩ වශයෙන් දෙන්නේ ඒ ඇත්තොත් දන්නවා ඇති පසුගිය මාසය තුලදී ලැබුන මුදල් ආධාර මහජනයාට නොදී බහිරවයින් ගිල්ල බව.

:       0       0

kamal Monday, 11 May 2020 02:52 AM

කෑෂ් ලැබුණානම් තමයි මේ සැරෙත් ලංකාව ආසියාවේ ආස්චර්‍යය කරන්න තිබුනේ. මේ අධ්රාජ්‍යවාදී යටත් විජිතවාදී බටහිර රටවල් අපිට එහෙම කරන්න දුන්නම් තමයි හොඳ නේද අපේ හාමදුරුවනේ...?

:       54       4

samarasekaraWednesday, 13 May 2020 11:44 AM

නොදන්නා දේවල් කතාකරන්න එපා. අධිරාජ්‍යවාදීන් අපිට කරපු දේවල් ඔබ දන්නවාද..? ඔබ පාසලේ කීයටද ගිහින් තියෙන්නේ..? 5 පන්තියටවත්..

:       0       0

rana Monday, 11 May 2020 04:39 AM

සුනාමියට පසු අපේ රටට මුදල් ආධාර් නොදීමට යුරෝපා සංගමයේ තීරණයක් තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බෝට්ටු දෙකකින් ඇවිත් තවත් බෝට්ටුවක් කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 08 125 0

ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදු කරමින් සිටියදී තවත් බෝට්ටු දෙකකින් පැමිණි අට දෙනෙකු එම බෝට්ටුවේ එන්ජිම ඇතුළු ලක්ෂ දහඅටක දේපළ කොල්ලකා පලා ගොස් ඇතැයි ක


රන් ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි
2024 සැප්තැම්බර් මස 08 106 0

රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් තම කළිසම් සාක්කුවේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටි ගුවන් මගියෙකු ග


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 08 32 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 890 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 590 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 1020 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 868 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 678 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site