(හර්ෂණ තුෂාර සිල්වා)
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව ද ඇතුළු අග්නිදිග ආසියානු රටවල් දැනට වඩා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද සමාජයක් ලෙස එක්ට එක්ව කටයුතු කළ යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ගෝලීයව වේගයෙන් පැතිර යමින් තිබෙන බවත් පොකුරු පිටින් ආසාදිතයන් හමුවෙමින් තිබෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් කේත්‍රපාල් සිං නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළාය.
‘‘සමූහයකට වයිරසය සම්ප්‍රේෂණය වන බව තහවුරු වී තිබෙනවා. එය පලදායී සෝදිසියත් වැඩි වැඩියෙන් පරීක්ෂාවීමටත් කරන අනතුරු ඇඟවීමක්. ඒ නිසා දැනට වඩා ක්‍රියාකාරී විය යුතුයි. වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට අපි දැනට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. එම ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්න වුවමනායි. ඒ වගේම සමාජයක් ලෙස සාමූහිකව ක්‍රියාමාර්ග ගත යුතු’’ යැයි ද වෛද්‍ය පූනම් කේත්‍රපාල් සිං සඳහන් කළාය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සලකා බලන අග්නිදිග ආසියානු කලාපයට රටවල් 11ක් අයත් වන අතර ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ජීවත් වන්නේ මෙම කලාපයේය.
ශ්‍රී ලංකාව, තායිලන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලනය සහ භූතානය යන රටවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
දැනට වාර්තා වී ඇති සංඛ්‍යාදත්ත බැලීමේදී කොරෝනා වයිරසය ප්‍රජාවකට සම්ප්‍රේෂණය වන පැහැදිලිව පෙනී යන්නේ යැයි ද වෛද්‍ය පූනම් කේත්‍රපාල් සිං කීවාය.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සම්ප්‍රේෂණය වීමේ වේගය අඩු කිරීමට පියවර ගත යුතු යැයි ද එවිට වයිරසය පැතිර යෑම ද නවතින බව ඇය පැවැසුවාය.
‘‘අපි කඩිනම් හා දැඩි පියවර ගන්න ඕනෑ. අපි ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. මේ දැන්ම’’ යැයි ද ඇය කීවාය.
ආසාදිතයන් හඳුනාගැනීම, පරීක්ෂා කිරීම, ප්‍රතිකාර කිරීම, රෝගීන් හුදෙකලා කිරීම හා ආසාදිතයන් මුණ ගැසුණු අනෙක් පුද්ගලයන් කවුදැයි සොයාබැලීම අඛණ්ඩව කළ යුතු යැයි වෛද්‍ය සිං වැඩිදුරටත් සඳහන් කළාය.
වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අත් සේදීම, කහින සහ කිවිසුම් යන විටදී මුහුණ ආවරණය කිරීම, එක්රැස් වීමෙන් වැළැක්වීම, නිරන්තරයෙන් අත් සේදීම යනාදී සෞඛ්‍යාරක්ෂිත පුරුදු පිළිපදින්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටියි.
අද (18) වනවිට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200,000 ඉක්මවා ගිය අතර මරණ ගණන 8,000 ඉක්මවා ගියේය. කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 81,972ක් ලෙස දැක්විණි.
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
’ශ්රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ’
mudalige Wednesday, 18 March 2020 11:37 AM
මේ මොහොත වනවිටත් අපේ ජනතාව මෙහි තිබෙන බැරෑරුම්කම තේරුම් අරගන නැහැ. මෙය ඉතා භයානක තත්වයක්. මේ වෙලාවේත් පිරිස් එකතුවෙලා විනෝද ගමන් යන්න ප්ලෑන් කරනවා. පිරිස් එකට එකතුවෙලා මත්වතුර පානය කරනවා. පොඩි ළමයි එක්ක ගමන් බිමන් යනවා. පිටරට ඉඳන් පැමිණි අය හැමතැනම ඇවිදිනවා. මුස්ලිම් අය රජය කියන දේට වඩා පල්ලිය කියන විදියට වැඩකරනවා. හැකි ඉක්මණින් දැඩි තීරණ ගත යුතුයි.
Asanka Wednesday, 18 March 2020 02:53 PM
කවුද මේක සිංහලයට පරිවර්තනය කළේ...?