(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතර දිස්ත්‍රික්කයන්හි කොරෝනා ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නැති බව රජය පවසයි.
අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමග අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්ම වන ඇඳිරි නීතිය ඇතුළු සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතින බවද රජය සඳහන් කරයි.
කොවිඩ් - 19 රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කර ඉදිරි පියවර තීරණය කිරීම සඳහා අද(04) ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
වර්තමානයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන කොරෝනා මර්දන වැඩසටහන අලුත් අවුරුද්ද අවසානය වන තෙක් විධිමත්ව පවත්වාගෙන යාමටත්, අනතුරුව තත්ත්වය විමර්ශනය කර ඊළඟ පියවර ගැනීමටත් එහිදී රජය තීරණය කර තිබේ.
එමෙන්ම වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර කරන නිර්දේශ අධ්‍යයනය කර සුදුසු පරිදි පිළිපැදීමට ද දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්දන වැඩසටහන වඩාත් විධිමත්ව තත්ත්වය යහපත් වන තුරු ඉදිරියට ගෙන යාමටද සාකච්ජාවේ දී එකඟත්වය පළ වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාව සඳහා ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෙසු නිලධාරීහූ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ශ්රී ලංකාවේ කොරෝනා අවදානම ගැන තක්සේරුව අලුත් අවුරුද්දෙන් පසු
Senevirathne Saturday, 04 April 2020 06:02 PM
ඔව් ඔව් අවරුදු කන්න සියල්ල අමතක කරාවි. එතකොට ආයෙමත් වැඩේ මුලට
jayath Sunday, 05 April 2020 03:56 AM
ජය වේවා ! දේශපාලන පාට කන්ණාඩි ගලවලා කුහක වෙන්නේ. නැතුව මැදිහත්ව හිතන කාටවත් කියන්න බැහැ මේ වැඩ පිළිවෙල නරකයි කියලා. විශේෂයෙන් කලින් බිය පලකරලා තිබුන විදියට 3 b අවස්ථාවෙන් එහාට මේ සතියේදී මේක යන්න නොදී නවත්තගත්තෙක ම ලොකු ජයක්. දැනට තියෙන්නේ යම් මෝඩ ජනකොටස් වල තකතීරු හැසිරීම නිසා විශ්ෂයෙන් මේ කොළඹට තියෙන ප්‍රශ්නයක් මේ මට හිතෙන විදියට......
de silva Sunday, 05 April 2020 04:45 AM
හොඳ තීරණයක් , අවුරුද්දෙන් පස්සේ අනිත් පළාත්වල වෙසෙන අපට අහාර භෝග වගාකිරීම , ධිවර කර්මාන්තයේ යෙදීම වැනි දේවල් ක්‍රියාත්මක කර රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ,
de silva Sunday, 05 April 2020 04:48 AM
ලෝකයේ තෙල් මිල අඩුවෙලා තිබෙන නිසා ලංකාවේ තෙල් මිලත් කරුණාකර ඉදිරි දින කිහිපයේ අඩු කරන්න , ආර්ථිකය වර්ධනය වීමට නම් මෙවැනි ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගන්න වෙනවා .