(නිමල කොඩිතුවක්කු)
අවම සේවක සංඛ්‍යාවක් යොදවමින් හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි සමස්ථ ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලිමක් කරයි.
කොරෝනා රෝගය හේතුවෙන් හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශ මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ලිපියක් යොමුකරමින් ඔවුන් මෙම ඉල්ලීම් සිදුකරනු ලබයි.
හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ ආර්ථික සුරක්ෂිතතාවයද ඇති කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම, ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවලින් 1/3 ක් හෝ ප්‍රමාණවත් අවම ප්‍රමාණය පමණක් යෙදවීම, හෙද හෙදියන්ගේ හා කාර්ය මණ්ඩලවල ණය වාරික අයකරගැනීම මාස 06 කට අත්හිටුවීම, මතුව ඇති ප්‍රවාහණ ගැටලු නිරාකරණය කිරීම, ප්‍රවාහන ගැටළු නිසා සේවයට පැමිණීමට නොහැකිව සිටින හෙද හෙදියන්ට රාජකාරී නිවාඩු ලබා දීම, ගර්භණී කාර්ය මණ්ඩල සඳහා රාජකාරී නිවාඩු ලබාදීමට කටයුතු කිරීම එම ඉල්ලිම් අතර වේ.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘‘සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න‘‘
LASANTHA Tuesday, 24 March 2020 09:50 AM
ගරු සබාපති මැදිවත්ත මහතා ඇතුළු සමස්ථ ලංකා හෙද සංගමයට අපගේ ප්‍රණාමය...
Don Tuesday, 24 March 2020 10:32 AM
මේ වෙලාවේ ඔවුන්ගේ ආරක්ෂාව ගැනත් අවධානය යොමු කල යුතුමයි. අත්‍යාවශ්‍යම ආරක්ෂිත ඇඳුම් මුහුණු ආවරණ සහ අත් සේදුම් දියර බොහෝ තැන්වල මේ වන විටත් නෑ. ඔවුන් තමන් විසින්ම ඒ ඇදුම් සකස් කරගන්නේ රාජකාරි වේලාවේදීම රෝහල් තුලමයි.. මාධ්‍යවේදීන් ඉදිරියේ ඇමතිවරිය සහ ඉහල බලධාරීන් සියල්ල සපයා ඇති බව පුන පුනා කීවත් සැබෑ තත්වය මෙයයි..