( දිල්රුක්ෂි ග්‍රේරු )
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම කොරෝනා මර්දන තොරතුරු වාර්තා මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු යයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මෙම කාර්යාලය පිහිටුවීම සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සහය ලබාගත යුතු බවත්, ඒ සඳහා සහය ලබාදීමට එම කාර්යාල අයත් පොලිස් ස්ථාන මගින් පොලිස් නිලධාරියෙකු අනුයුක්ත කළ යුතු බවත් මෙම චක්‍ර ලේඛයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාධිතයින් සැළකිය යුතු ප්‍රමාණයක් හමු වී ඇති නිසා එම තතත්වය ශ්‍රී ලංකාවේ වසංගතයක් දක්වා වර්ධනය නොවීම සඳහා කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙම ක්‍රියා මාර්ග පිළිපදින ලෙස ඉල්ලමින් අමාත්‍යංශය මගින් මෙම චක්‍රලේඛය නිකුත් කළේය.
ගම් මට්ටමේදී ඒ ඒ ග්‍රාම නිලධාරී වසම බාර ග්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී යන සියලු දෙනාගේ සහයෝගයෙන් ගම් මට්ටමින් පිහිටුවා ඇති ග්‍රාමීය සිවිල් ආරක්ෂක කමිටු හෝ ග්‍රාමීය ඩෙංගු මර්ධන කමිටු එක්ව ක්‍රියා කළ යුතු ආකාරයද එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.
ඒ අනුව අදාළ ප්‍රාදේශිය ලේකම්ට තොරතුරු ලබා දීම සඳහා අමාත්‍යංශ,දෙපාර්තමේන්තු,සංස්ථා සහ මණ්ඩල කාර්යාලවලද කොරෝනා වසංගත තොරතුරු වාර්තා කිරීමට මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතුය. පිහිටුවා ඇති මෙම මධ්‍යස්ථානවලට වාර්තාවන කොරෝනා වයිරසය අසාදනය වී යැයි සැක පුද්ගලයින් පිළිබඳව සෞඛ්‍ය බළධාරීන්ට දැනුම් දිය යුතුය.
එමෙන් ග්‍රාමිය මට්ටමින් දැනට ස්ථාපිත කර තිබෙන ප්‍රාදේශිය සිවිල් ආරක්ෂක කමිටුව හෝ ඩෙංගු මර්දන කමිටුව මගින් මෙම වයිරසයේ තත්ත්වය පිළිබඳව සහ එය මර්දනය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය මෙහෙයුම් කටයුතු ආරක්ෂක අංශ සහය ලබාගෙන කළ යුතු බවද එහි දක්වා ඇත.
ආසාදිත යැයි සැක පුද්ගලයින් සිටී නම් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී ,සෞඛ්‍ය , ආරක්ෂක ඇතුළු අදාල අංශ දැනුම්වත් කර එම පුද්ගලයින් නිරෝධායනයට යොමු කළ යුතු අතර , විදෙස්ගතව පැමිණ නිරෝධායන සඳහා යොමු කරනු ලබන පුද්ගලයින් සහ ස්වයං නිරෝධායනට යොමු වන පුද්ගලයින්ට අවශ්‍ය විශේෂ නිවාඩු ආයතන සංග්‍රහයේ XXII ජේදයේ 12:9 හා XXVIII ජේදයේ 13:1:2 වගන්තිය අනුව ලබා දීම අදාළ අමාත්‍යංශ ලේකම්,දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් කළ යුතු බවද එහි දක්වා තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ උපදෙස් මත අමාත්‍යංශ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් , දිස්ත්‍රික් ලේකම්වරුන් , දිසාපතිවරුන්, සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්, ප්‍රාදේශිය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීවරුන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇතැයි එම චක්‍රලේඛයේ සඳහන්ය.
කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා මේ වන විට ගෙන ඇති පියවරක් ලෙස රාජගිරියේ කොරෝනා මර්දන කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ. මෙම බළකායට තොරතුරු ලබා දීම සඳහා 117 යන දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ වීමේ හැකියාවක් පවතී.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහත
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් පනස් දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිට
ශ්රී ලංකාව වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙරටට පළමුව පැමිණි එන්.වයි.කේ නෞකාවේ වාහන 197 ක් මෙරට
රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව
කාල්ටන් නිවසට අද ආපු පළාත් පාලන අපේක්ෂකයන් කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සෑම දිස්ත්‍රික්කයකම කොරෝනා මර්දන කාර්යාල
Ajantha Monday, 16 March 2020 09:19 AM
හොඳ අදහසක්... කළ යුතු වැඩ ටික හරියට කරමු...