IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සුළු- මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ රජයෙන් වී තොග ඉල්ලති

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
 
රටතුල සමස්ථ සහල් ඉල්ලුමෙන් සීයට හැටක් සපයන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් 90% මේ වනවිට වී තොග නොමැතිව අකර්මණ්‍ය වී ඇතැයි සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය කියයි.
 
එම සංගමයේ සභාපති බී.කේ. රංජිත් සහ එම නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියේ සභාපති කේ.ඒ.බී. අභයකීර්ති යන මහත්වරුන් අද (30) දින පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූහ. 
 
දැනට රටතුල පවතින සහල් හිගයට හේතුව සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් වලට වී නොමැති වීම බව පෙන්වා දුන් ඔවුන් හැකි ඉක්මණින් තමන්ට වී තොග නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.
 
සතොස සහ සමූපකාර වල නාඩු සහ සම්බා සහල් හිගයක් ඇතිවෙමින් තිබෙන බව පෙන්වා දෙන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා අතිරික්තයක් ඇති බවද කියති. මෙම අවස්ථාවේ ජනතාව කීරි සම්බා පරිභෝජනය නොකරන බව පෙන්වා දෙන ඔවුන් මහාපරිමාණ වී මෝල් හිමියන්ට සැපයීමට හැකිවී ඇත්තේ රටේ සහල් ඉල්ලුමෙන් සීයට විසිපහක ප්‍රමාණයක් පමණක් බවද කියති.
 
මීට මාස කීපයකට පෙර කීරි සම්බා වී මිළ නාඩු සහ සම්බා වී මිළට වඩා අඩු අගයක් ගත් බව පවසන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා මිළ රුපියල් 125 ක් වීම හේතුවෙන් මේ වන විට මහා පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා කිලෝවකින් සමාන්‍යයෙන් ලබන ලාභයට අමතරව රුපියල් 20-25 දක්වා අමතර ලාභයක් ලබන බව පෙන්වා දෙති.
 
මාධ්‍ය හමුව සදහා සමස්ථ ලංකා සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ ලේකම් ආර්.ඩී. රනිල් තුෂාර සහ එහි භාණ්ඩාගාරික එස්.සී. රූපසිංහ යන මහත්වරුද එක්ව සිටියහ.
 



අදහස් (5)

සුළු- මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ රජයෙන් වී තොග ඉල්ලති

Kamal koyrala Thursday, 30 April 2020 10:37 AM

දැන් ඒවා මෝල් හිමියන්ට නිදහස් කරන්න තුන් කට්ටුවේ වී ගෙන කුඩා මෝල් හිමියන්ට බෙදල ඒකාධිකාරය නසන්න පාරිභෝගික ජනතාවට සාධාරණය කරන්න

:       0       22

රවින් Thursday, 30 April 2020 11:29 AM

බාගෙන කන එකාගෙයි ඉහගෙන කන එකාගෙයි අතර පරතරය?. වී තොග ගත්තා, නාඩු හා සම්බා හැංගුවා, කීරි සම්බා විතරක් වෙළෙඳපලට නිකුත් කළා. ප්‍රංශයේ 17වන ලුවී රජුගේ බිරිඳ වන ඇන්ටනෙට් කුමරිය කිවාසේ " පාන් නැතිනම් කේක් කාපල්ලා " - නැතහොත් නාඩු, සම්බා නැහැ කීරි සම්බා කාපල්ලා .අර පහුගිය දවස්වල හමුදා නිලදරුවෙක් කිවාසේ සහල් ගත්තේ රුපියල් 45.00 ගණනේ ( රජයේ නියමිත මිල රුපියල් 55.00} විකුනන්නේ? කොහොමද ඉහ ගැනීම?. බඩේ පාර දුප්පතාටම තමා. රාජ්‍ය තොග එලෙසම තබාගෙන පෞද්ගලික තොග මුදලට (රු.45.00 ගණනේ) ගෙන සුළු පරිමාන මෝල් හිමියන්ට නිකුත් කර සහල් හිඟය නැතිකරන එක තමා හොඳම ක්‍රමය. හමුදා නිලධාරියා කිව විදියට ඒ ඒ ගබඩාවල ඇති තොග ගණන් වල දත්ත හමුදාව සතු නොවේද?

:       31       3

ranaFriday, 01 May 2020 03:04 AM

මොනාද මෙය මේ ලියන්නේ ? එකිනෙකට සම්බන්ද නැති දේ..., කම්මැලි නම් ගහක් වවන්න !

:       0       0

de silva Friday, 01 May 2020 03:50 AM

ඔය වී අලෙවි මණ්ඩලය කියන එකට තිබෙන වී තොග සහල් කර වෙළඳ පලට නිකුත් කරන්න බැරිනම් ඕකෙන් පලක් තිබේද? ඔය නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ කුමටද? තත්වය මෙහෙනම් මෙවැනි මණ්ඩලයක් රටට අවශ්‍යද ?

:       0       0

lalithm Friday, 01 May 2020 10:00 PM

හැමදාම නැති බණේම කියනවා බනිනවා මිසක් එක්කෙනෙක්වටත් ගොඩ යන මගක් හොයන්නේ නැහැ. හැම ඉලව්වම රජයෙන් කරන්න කියන මේ ව්‍යාපාරිකයෝ කොහොමද 60% සහල් දෙනවා කියන්නේ ? වී ගබඩා කිරීම රජයෙන් කරලා වී කොටන එක විතරක් මේ අයවලුන් කරනවා කියන්නේ ගබඩා කරන වියදම රටේ මිනිස්සු දරල(රජය කියන්නේ මිනිසුන්ගේ මුදලින් වැඩ කරන තැනක් ) කොටන කොමිස් එක මේ ගොල්ලන්ට දෙන්න කියන එකද ? එතකොට තව කළු කඩයක් නොවේද මේ ක්‍රමය ? පෞද්ගලික තොග මුදලට ගන්න කියන්නේ ගබඩා කළ කෙනා හිඟා කන්න කියන එකද? එකෙක් හදන්න තව එකෙක් නැති කළාම රටක් ඉස්සරහට යන්නේ නැහැ. දේශීය ධනපති නැති කළාම පිටරටවලින් එන අය මේ රට නැති කරයි.ඔය බණ තමා පහුගිය අවරුදු 72ක්ම රටේ වාමාංශිකයෝ ප්‍රගතිශීලී කියන කට්ටිය දෙසුවේ. අදත් අපි හිඟන්නෝ. විදෙස් ආයෝජන දිහා බලන් ඉන්න. අල්ලපු රට ඉන්දියාව දේශීය ධනපතීන් බිහිකළා. රටපුරා ආයෝජන ඔවුන්ගේම දේවල්. අඩු ගණනේ සහල් වත් අපේ රටේ කවුරු හෝ හරි සකසනවා නම් ඉඩ දෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2355 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1260 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2891 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1031 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 816 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1016 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site