කොරෝනා වයිරසය ආසාදිතයන් හෝ එසේ සැක කරන්නන් සමග විවෘතව රාජකාරි කිරීම නිසා තමන්ගේ සේවයෙන් පසුව නිවෙස් වලට යා නොහැකි අයට අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා නවාතැන් දීමට ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය කැමැත්ත පලකර තිබේ.
කොරෝනා වයිරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග දෙස මහත් අගයකිීරීමෙන් බලා සිටින ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය ඊට සහයෝගය දීමට කැමැත්ත පළකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව තමන්ගේ සංගමයට අයත් සාමාජිකයන්ගේ තෝරාගත් හෝටල කිහිපයක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට කැමැත්ත පළකර තිබේ.
විශේෂයෙන්ම කොරෝනා වයිරසය සමගින් කටයුතු කරන වෛද්‍ය කණ්ඩායම් වලට අවශ්‍ය නිරෝධායන කටයුතු වෙනුවෙන් තමන්ගේ හෝටල් කාමර වෙන් කිරීමටද ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය කැමැත්ත පලකර තිබේ. මෙම කටයුතු වල නිරත වන වෛද්‍ය කණ්ඩායම් වලට තමන්ගේ සේවාමුරය නිමවීමෙන් පසුව නිවෙස් වලට යාමට නොහැකිය.
නිරෝධායන කටයුතු සඳහා නිදහස් කෙරෙන කාමර සංඛ්‍යාව එහි අවශ්‍යතාව මත තීරණය කෙරේ. ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම අවස්ථාවේදී කොවිඞ් - 18 වයිරසය සමග සටන් වදින ප්‍රජාව, විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කාර්යභාරය ඉතාම ඉහළින් අගයන බවයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හෝටල්කරුවන්ගෙන් වෛද්‍ය කාර්යමණ්ඩලයට නිරෝධායන කාමර