IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


හුබෙයි පළාතට පනවා තිබූ සීමා ලිහිල් කෙරේ

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් චීනයේ හුබෙයි පළාතට පනවා තිබූ දැඩි සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව චීනය අද (24) ප්‍රකාශ කළේය.

වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. වයිරසය පාලනයකින් තොරව ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ ‘ලොක්ඩවුන්’ එසේත් නැතිනම් හුබෙයි පළාතේ කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට චීන බලධාරීහු පියවර ගත්හ.

කෙසේ නමුත් විදේශවල සිට පැමිණෙන අයගෙන් වයිරසය නැවත වරක් එනම් කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ ‘දෙවැනි රැල්ලක්’ ඇතිවීමේ අවදානමක් හටගෙන ඇත.

හුබෙයි පළාත මාස දෙකකට සීල් තැබිණි. ඒ අනුව ගමන්බමින් දැඩි ලෙස සීමා කළ අතර කඩසාප්පු යනාදි සියල්ල වසා දැමිණි. හුබෙයි පළාතේ දෛනික ජන ජීවිතය සම්පූර්ණයෙන්ම නැවැතුණි. සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කරගත් පසු එහි වැසියන්ට පළාතෙන් පිටතට ගමන් කිරීමට හැකි වුවත් වයිරසය මුලින්ම ව්‍යාප්ත වීමට පටන් ගත් වූහාන් නගරයට පනවා ඇති සීමා ඉවත් කෙරෙන්නේ අප්‍රේල් මස 8 වැනිදා යැයි ද චීන බලධාරීහු ප්‍රකාශ කළහ.

හුබෙයි පළාත වසා දැමුණේ පසුගිය ජනවාරි මාසයේදීය. එහෙත් අවස්ථා කිහිපයකදී පනවා තිබූ සීමා ලිහිල් කර කළ අතර හුබෙයි පළාතෙන් පිටතට රැකියා සඳහා යන ජනතාවට ඒ සඳහා යෑමටත් නැවත පැමිණීමටත් ඉඩ ලබා දී තිබිණි.

පනවා තිබු සීමා ලිහිල් කළ ද හුබෙයි පළාතෙන් හෝ වූහාන් නගරයෙන් රැකියා සඳහා පිටත්ව යෑමටත් නැවත පැමිණීමටත් අවසර ඇත්තේ චීන රජය මඟින් නිකුත් කරන ‘හරිත කේතය’ ඇති අයට පමණක් යැයි ද බලධාරීහු කීහ.

කෙසේ නමුත් හුබෙයි පළාතේ පාසල් සියල්ල තවදුරටත් වසා දමන්නැයි බලධාරීහු නියෝග කර ඇත.

පසුගිය මාසයක කාලය සැලකිල්ලට ගැනීමේදී හුබෙයි පළාතෙන් මෙන්ම වූහාන් නගරයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන අඩු වී ඇත. වූහාන් නගරයෙන් නගරයේ සිටි අයකුට අද වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වූ අතර එවැන්නක් වාර්තා වූයේ සතියකට පසුවය. අනෙක් සියලු සිදුවීම් විදේශයකදී වයිරසය ආසාදනය වූ සිදුවීම් යැයි ද චීන බලධාරීහු කීහ. ඊට අමතරව ඊයේ දිනය තුළ චීනයෙන් ආසාදිතයන් තිදෙනකු සොයාගෙන තිබිණි. ඔවුන් කිසිවකුත් විදෙස් ගතව සිට පැමිණි හෝ විදෙස් ගතව සිට පැමිණි අය සමඟ සිටි අය නොවන බව ද චීන බලධාරීහු කීහ.

එහෙත් අද දිනයේදී චීනයෙන් තවත් ආසාදිතයන් 74 දෙනකු වාර්තා විය. ඔවුන් සියලුදෙනාම විදේශයකදී වයිරසය ආසාදනය වී චීනයට පැමිණ අය යැයි චීන සෞඛ්‍ය බලධාරීහු කීහ. චීනය කොරෝනා වයිරසය පාලනය කිරීමට සමත් වුවත් විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයන් නිසා වයිරසය නැවත වරක් පැතිර යෑමේ බියක් සහ අවදානමක් නිර්මාණය වී තිබේ.

අද දිනයේදී චීනයෙන් කොරෝන මරණ හතක් වාර්තා වූ බවත් මියගිය සියලු දෙනා වූහාන්වල වැසියන් බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේය.

ඒ.එෆ්.පී.

055

 



අදහස් (0)

හුබෙයි පළාතට පනවා තිබූ සීමා ලිහිල් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2389 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1278 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2913 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1053 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 839 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1036 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 228 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 523 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 250 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site