IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හොරොව්පොතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි

(පැතුම් දර්ශන)

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති මුස්ලිම් පල්ලි  23 හි දොරගුළු    නැවත දැනුම් දෙන තුරු  වසා දැමු බව  හොරොව්පොතාන මහ පල්ලියෙ සභාපති ඒ.එම් සියාම් මහතා (28) පැවසීය.

සභාපති වරයා එසේ පැවසුවේ  හොරොව්පොතාන කිව්ලේකඩ මුස්ලිම් පල්ලියේ පුද්ගලයන්  70 ක  භාගිත්වයෙන් පැවැති දේව මෙහෙය සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුස්ලිම් මහ පල්ලියෙ සභාපති ඒ.එම්.සියාම් මහතා පැවසුවේ ඊයේ(27) දින සිදු වූ එම සිදුවීම පිළිබඳව තමන් ඇතුළු හොරොව්පොතාන ප්‍රදේශයෙ ජීවත්වන සියලුම ඉස්ලාම් බැතිමතුන්ගේ කනගාටුව පළ කරන බවය. පොලිස් ඇඳිරි නීතිය පනවා පවතින අවදානම් තත්වය පිළිබඳව පෙර දැනුම් දීම් කර තිබියදීත් ඒ පිළිබඳ සැලකිල්ලකට නොගෙන සිදුකරන මෙවැනි හැසිරීම් තරයේ හෙළා දකින බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් දේව මෙහෙයකට සහභාගී වූ හොරොව්පතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ සභාපති වරයා ඇතුළු දාහත් දෙනෙකුට ඊයේ(27) නීතිමය පියවර ගැනීමට හොරොව්පොතාන පොලිසිය කටයුතු කර තිබිණි.

 



අදහස් (8)

හොරොව්පොතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි

Chathuri Saturday, 28 March 2020 01:02 PM

මේ කට්ටියට පුළුවන් ගෙදර ඉදන් තමන්ගේ කාමරයකට වෙලා පැය 24 වදින්න. පල්ලි වලට ගිහින් බිම වැටිලා වදිනකොට කොයිතරම් විෂබීජ ගොඩකටද මුහුණ තියෙන්නේ අත්දෙක සෝදාගන්න ගන්න මතක තියාගන්න. මේ ලෙඩේට බෙහෙත් හොයගන්නකම් පවුලේ අයත් සමගත් දුරස්වෙලා ඉන්න බලන්න ව්ටෙට්ට එකතු වෙලා කිසිම දෙයක් කරන්න එපා. අපිට මොනවා හරි වුනොත් බේරගන්න එන්නේ හමුදාවයි දොස්තරවරුන් විතරයි ආගමික නායකයින්ට කිසිවක් කළ නොහැක.

:       3       179

Indhika Saturday, 28 March 2020 01:04 PM

හොරොව්පතා් විතරක් පල්ලි 23 ක් ? කොටි ගහන්න කලින් ඕා හොඳ සිංහල ගම්මාන.

:       382       1758

karu Saturday, 28 March 2020 01:16 PM

පල්ලි ,පන්සල්, කෝවිල් ඔක්කොම වහන්න ඕනා. මිත්‍යා දෘෂ්ටියෙන් දැන්වත් මිදිය යුතුයි... දෙවියන් සිටින්නේ රෝහල් වලයි.

:       2       60

lalithmSunday, 29 March 2020 03:55 AM

නැහැ මිත්‍රයා. දෙවියෝ ඉන්නේ තමා තුලයි. තමන් හරි දේ කරනවා නම් දෙවියෝ බුදුන් හොයාගෙන පන්සල් පල්ලි කෝවිල් ගානේ මේ වෙලාවේ යන්න ඕනේ නැහැ. තමන් තුල ඒ ගති නැති මිත්‍යා දෘෂ්ටිකයින් දෙවියෝ හොයා හොයා ඉබාගාතේ යනවා. රට වනසනවා.

:       0       0

Ajithdl Saturday, 28 March 2020 01:17 PM

සෞදි අරාබියේද පල්ලි වසා තියෙන විට අයියා මොකද වදින්න හදන්නේ? ඉක්මනින්ම 72 බලන්නද ?

:       1       67

siri Saturday, 28 March 2020 01:53 PM

අපි දැක්ක ඉන්දියාවේ මේවගේ ඇඳිරි නීතිය කඩ කරමින් දේව මෙහෙයක් පවත්වපු පිරිසකට පොලිසිය විසින් මදි නොකියන්න වේවැල් කසාය පොවනවා. අපේ රටේ එහෙම කළා නම් කොහොම තියෙයිද ?

:       0       0

Raveendra Saturday, 28 March 2020 02:05 PM

දොරගුළු දාල වහන්න තරම් මොලේ නැද්ද මෙච්චර ගැටළුවක් තියෙනවා කියලා..??

:       0       6

සාරසී Saturday, 28 March 2020 02:26 PM

ඒ ගොල්ලො වහලා වැඩක් නැ පොලිසියෙන් සීල් තියන්න ඕන....

:       0       112

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 4247 13

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1944 14

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1696 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3123 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3700 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 2695 7

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site