IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


මැති ඇමැති වැඩිවෙන වැටුපට වසරකට කෝටි 445 ක්

(දයාසීලි ලියනගේ)  

මේන්තු මැති-ඇමැතිවරුන්ගේ වැටුප් අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුපට සම කිරීමේදී රජයට කෝටි 445ක මුදලක් වසරකට වැය කිරීමට සිදුවී ඇති බව වාර්තාවේ. 


මෙම වැටුප් වැඩිවීම සිදු කෙරෙන්නේ සියලුම පක්ෂ නායකයින්ගේ අනුමැතිය ඇතිව බවද වාර්තාවේ. 


මැති ඇමැතිවරුන් ලබන අනෙකුත් දීමනා හැර වැටුප් වශයෙන් ලබන දීමනාව සඳහා පමණක් මෙම මුදල දැරීමට රජයට සිදුවනු ඇත.   


ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ වැටුපට සමානව පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ දීමනාද වැඩිවිය යුතු බවට මෙතෙක් පැවැති ක්‍රමවේදයට අනුව මෙම වැඩිවීම සිදු කිරීමට යන බව සඳහන් වේ.  

 

වර්ෂ 2016 දී අවසන් වරට ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ වැටුප් වැඩිකරනු ලැබුවත් එයට සමානව මැති ඇමැතිවරුන්ගේ දීමනාව වැඩි කෙරුණේ නැත.  


එම දීමනා වැඩිවීම මේ වසරේ ක්‍රියාත්මක කිරීමට යයි.  


නව වැටුප් වැඩිවීමට අනුව මන්ත්‍රීවරයකුගේ වැටුප රුපියල් 54285 සිට රුපියල් 120,000 දක්වාද නියෝජ්‍ය ඇමැතිවරයකුගේ වැටුප රුපියල් 63500ක සිට 1,35,000ක් දක්වාද, ඇමැති හා රාජ්‍ය ඇමැතිවරයකුගේ වැටුප රුපියල් 65,000 සිට 1,40,000 දක්වාද වැඩි​ෙවනු ඇත.  


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන වැටුපට අමතරව සංග්‍රහ දීමනාව, පාර්ලිමේන්තු සැසි වාරයකට සහභාගි වීමේ දීමනාව, කාර්යාලයක් පවත්වා ගෙන යාමේ දීමනාව, තැපැල් දීමනාව, දුරකථන දීමනාව, ඉන්ධන වියදම් දීමනාව සඳහා තවත් රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් ද හිමිවේ.


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මැති අමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කළ බව තමන් නොදන්නා බවයි. 

 



අදහස් (0)

මැති ඇමැති වැඩිවෙන වැටුපට වසරකට කෝටි 445 ක්

ඔබේ අදහස් එවන්න

 

ජයාරූප

ඉඩම් බලෙන් අල්ලාගත් හිටපු ඇමතිවරු රැසක් ගැන පරීක්ෂණ
2025 මාර්තු මස 10 72 0

රජයට අයත් දිවයින පුරා පිහිටි ඉඩම් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම පිළිබඳව හිටපු මැතිඇමතිවරුන් ගණනාවකට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආ


අන්‍යෝන්‍ය නීති ආධාර සංකල්පයෙන් අර්ජුන් මහ්න්ද්‍රන් ගෙන්න ක්‍රමයක් මෛත්‍රී සමයේ සිංගප්පූරුවට යැවූ පිටු 21,000 ක වාර්තාවට මොකද වුණේ ?
2025 මාර්තු මස 03 515 0

ජාත්‍යන්තර නීතියේ එන අන්‍යෝන්‍ය නීති ආධාර (Mutual Legal Assistance - MLA) නමැති සංකල්පය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව විමර්ශනය


පාතාලේ වෙඩි තැබීම්වලින් මාස දෙකට 16ක් මරුට
2025 පෙබරවාරි මස 24 192 0

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධි 16 ක් වාර්තා වී තිබූ අතර ඉන් 16 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. එම වෙඩි තැබීමේ සිද්


2022 ගිනි තැබූ ඇමති ගෙවල් 2023 මිලට තක්සේරු කරලා
2025 පෙබරවාරි මස 17 214 0

අරගල සමයේදී ගිනි තබා විනාශ කෙරුණු මැති ඇමතිවරුන්ගේ නිවාස තක්සේරු කිරීමේදී 2022මැයි 9 වැනි දිනය වෙනුවට 2023 වසරේ දිනයක් අදාළ දිනය (Relevant Date) ලෙස සලකමින් එම නිවාස


ජනපති නීතිපතිට තදින් හිටියි
2025 පෙබරවාරි මස 10 501 0

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ චූදිතයන් නිදහස් කිරීම ඇතුළු අපරාධ නඩු කිහිපයක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ඇ


චැනල් 4 හා පාස්කු ප්‍රහාරය ගැන අහන්න මවුලානා ගෙන්න සියල්ල සුදානම්
2025 පෙබරවාරි මස 02 477 0

ශ්‍රී ලංකාවෙන් පලාගොස් දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන මොහමඩ් මහිලාර් මොහමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 263 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site