IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ශ්‍රීලනිපය එකතු කරන්න තීරණාත්මක වෑයමක්

(අජන්ත කුමාර අගලකඩ)  
ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ළඟදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවට සහභාගි වන ලෙස දන්වා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට හා ආසන සංවිධායකයින්ට ලිපියක් යැවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරය ඉකුත් බ්‍රහස්පතින්දා (12) රාත්‍රියේ පැවැති ආණ්ඩුවේ ශ්‍රිලනිප මැති ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

එම ලිපිය ඉකුත් සිකුරාදා වනවිට සකස් කෙරෙමින් තිබූ අතර, එය මේ සතියේදී එකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂයෙ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ආසන සංවිධායකයින්ට ලියාපදිංචි තැපෑලෙන් යැවීමට පක්ෂය තීරණය කර ඇත.  


ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට පක්ෂය සූදානම් බැවින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් වන ලෙස දන්වමින් මෙම ලිපිය යැවෙනු ඇතැයි දැනගන්නට තිබේ.  


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අමතරව, ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට හා ආසන සංවිධායකයින්ට ද මෙම ලිපිය ලියාපදිංචි තැපෑලෙන් යැවීමට නියමිතව ඇත.  පළාත් පාලන මැතිවරණයට සන්ධානයෙන් තරග කිරීම සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ ද අපේක්ෂක ලැයිස්තු සකස් කරන්නේ ද හා පක්ෂය සමග ඉදිරියට කටයුතු කිරීමට සූදානම් ද යන්න මෙමඟින් විමසීමක් කෙරෙනු ඇතැයි වාර්තා වේ.  


එම විශේෂ සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉතා නුදුරේදීම පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ හිටපු හා දැනට සිටින පක්ෂ සමග විශේෂ සාකච්ඡාවක් ද ලබන සතියේ පැවැත්වීමට නියමිතව ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.  

 



අදහස් (0)

ශ්‍රීලනිපය එකතු කරන්න තීරණාත්මක වෑයමක්

ඔබේ අදහස් එවන්න

 

 

ජයාරූප

චැනල් 4 හා පාස්කු ප්‍රහාරය ගැන අහන්න මවුලානා ගෙන්න සියල්ල සුදානම්
2025 පෙබරවාරි මස 02 222 0

ශ්‍රී ලංකාවෙන් පලාගොස් දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන මොහමඩ් මහිලාර් මොහමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ම


වැඩියෙන් වෙඩි පත්තු වෙන තැන්වලට STF 400 ක්
2025 ජනවාරි මස 27 223 0

දිවයිනේ තැනින් තැන සිදුවෙන වෙඩි තැබීම්වලට අදාළ පොලිස් වසම් හඳුනාගෙන එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන් 400 ක් පමණ අනුයුක්ත කර ඇත


විදුලි බිල අඩු කිරීම ජනපති අතේ
2025 ජනවාරි මස 20 159 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ සියයට 20ක විදුලිබිල අඩුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දුන් පසු මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගෙන විද


අලුත් වාහන මිල 45% කින් ඉහළට ආනයනකරුවන්ට දැඩි සීමා, කොන්දේසි
2025 ජනවාරි මස 15 522 0

එක්සයිස් (Excise – S.P.L.) බද්ද 2020 තිබූ අගයට වඩා ඉහළ යෑම, සියයට 18 ක් වූ එකතු කළ අගය මත බද්ද (වැට්) අය කිරීම සහ විනිමය අනුපාතය වැඩි වීමට සමානුපාතිකව සුඛෝපභෝගී බද්ද (Luxury Ta


උපත් අඩු වේ වැඩිහිටියන් වැඩි වෙයි
2025 ජනවාරි මස 06 359 0

කොවිඩ් 19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ විවාහ වීම් හා දරුවන් හැදීම කල්දැමීම නිසා මුළු සඵලතා අනුපාතය (බිහි කරන දරුවන් ප්‍රමාණය) කැපී පෙනෙන අඩු වීමක් පෙන


කොටස් වෙළදපොළ ඉහළ යෑම සැබෑවකද මැවීමක්ද ?
2024 දෙසැම්බර් මස 30 326 0

කොටස් වෙළෙඳපොළේ කොටස් මිල වාර්තාගත ලෙස ඉහළ යෑම මගින් ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී ඇතිය යන පණිවුඩය ජාත්‍යන්තරයට ලබා දෙන බවත් ආයෝජකයන්ගේ ආදායම්


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site