(අජන්ත කුමාර අගලකඩ)
ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන හා සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂය අතර සිකුරාදා (16) පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇත.
ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පෙරේදා (16) දහවල් පැවැති අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරයාට අමතරව නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරු සහභාගි වී ඇති අතර ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, සී.බී. රත්නායක, කුමාර වෙල්ගම යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම සාකච්ඡාවට සහභාගි වූහ.
ශ්‍රීලනිපය රජයක් පිහිටු වන්නේනම් තනතුරු, වගකීම් බාර නොගෙන සහාය දක්වන බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.
එහිදී ජනාධිපතිවරයා අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුවේ ඇමැතිධුර කීපයක් බාර ගන්නැයි ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
එහෙත් ඊට එකඟතාවය දක්වා නැති ඒකාබද්ධ විපක්ෂය තමන්ගේ අපේක්ෂාව මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම වුවද, ජනාධිපතිවරයාට එය ඉටු කළ නොහැකි නිසා එවැනි ඉල්ලීම් නොකරන බව ප්‍රකාශ කර අැත.
යෝජිත ආණ්‍ඩුවේ ඇමැතිධුර බාර නොගන්නේ නම් කතානායකධුරය බාර ගන්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බවත්, ඒ පිළිබඳ සාකච්ඡා කර පසුව දැනුම් දෙන බවත් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අදාළ කමිටුව පත් කර ඇත.
ඒ අතර ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති කණ්‍ඩායම සමග ද සාකච්ඡා කර ඇති අතර, එම සාකච්ඡාවේ දී මුලික වූ කරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීම සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු සිකුරාදා හවස වන තුරුත් පැවැති බව දැනගන්නට ඇත.
ශ්රී ලංකාවෙන් පලාගොස් දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන මොහමඩ් මහිලාර් මොහමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ම
දිවයිනේ තැනින් තැන සිදුවෙන වෙඩි තැබීම්වලට අදාළ පොලිස් වසම් හඳුනාගෙන එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන් 400 ක් පමණ අනුයුක්ත කර ඇත
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ සියයට 20ක විදුලිබිල අඩුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දුන් පසු මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගෙන විද
එක්සයිස් (Excise – S.P.L.) බද්ද 2020 තිබූ අගයට වඩා ඉහළ යෑම, සියයට 18 ක් වූ එකතු කළ අගය මත බද්ද (වැට්) අය කිරීම සහ විනිමය අනුපාතය වැඩි වීමට සමානුපාතිකව සුඛෝපභෝගී බද්ද (Luxury Ta
කොවිඩ් 19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ විවාහ වීම් හා දරුවන් හැදීම කල්දැමීම නිසා මුළු සඵලතා අනුපාතය (බිහි කරන දරුවන් ප්‍රමාණය) කැපී පෙනෙන අඩු වීමක් පෙන
කොටස් වෙළෙඳපොළේ කොටස් මිල වාර්තාගත ලෙස ඉහළ යෑම මගින් ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී ඇතිය යන පණිවුඩය ජාත්‍යන්තරයට ලබා දෙන බවත් ආයෝජකයන්ගේ ආදායම්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ශ්‍රීලනිප ආණ්ඩුවකට එකඟතාවක්