(අජන්ත කුමාර අගලකඩ)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඉකුත් සතියේ ක්‍රියාත්මක වූ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් එම උත්සාහය වැළකී ගිය බව වාර්තා වේ.
ආරක්ෂක ඇමැතිවරයාද වන ජනාධිපතිවරයා දැනුම්වත් නොකර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වූ බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.
කොටහේන ප්‍රදේශයේ තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන නාවික හමුදාවේ හිටපු නිලධාරියකුට රටින් පලායාමට අනුබල දුන්නේ යැයි කියමින් අද්මිරාල්වරයා අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක වී තිබිණි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය අඟහරුවාදා රාත්‍රියේ පොලිසිය ඇතුළු අදාළ අංශවල ප්‍රධානීන් සිය නිල නිවසට කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ආරක්ෂක හමුදාවල ප්‍රධානීන් අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස උපදෙස් දී තිබූ බව පැවසේ.
අද්මිරාල් විජේගුණරත්න මහතාගේ සිද්ධිය ඉකුත් බ්‍රහස්පතින්දා (13) විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා සාකච්ඡා කරන මට්ටමටම දුරදිග ගොස් තිබිණි.
ඉකුත් බ්‍රහස්පතින්දා විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවූ ජනාධිපතිවරයා ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා තිබේනම් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන පීඩාවට පත් නොකරන්නැයි ප්‍රකාශ කර තිබිණි.
රජය නියෝජනය කරමින් මෙක්සිකෝවේ උත්සවයකට සහභාගිවීමට ගොස් සිටින අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන බදාදා (19) දිවයිනට පැමිණීමෙන් පසුව රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් දීමට සූදානමින් සිටින බවද පැවසේ.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (14) පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවැති සාකච්ඡාවේදීද ආරක්ෂක හමුදා ප්‍රධානින් අත්අඩංගුවට ගෙන දිගින් දිගටම අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ඉදිරිපත් කර ඇත.
සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බව කියමින් ආරක්ෂක හමුදාවල ඉහළ නිලධාරින් පසුගිය කාලයේ අත්අඩංගුවට ගෙන මාස 5ක් 6ක් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමෙන් පසුව නිදහස් කර ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවැරීමක් කර නැති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ. තරුණයින් 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයකුට රටින් පැන යාමට අනුබල දුන් බව කියමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාද අත්අඩංගුවට ගැනීමට සූදානම් වන නමුත් ඔහුට එරෙහිව නඩුවක් හෝ චෝදනා පත්‍රයක් පවා ඉදිරිපත් කර නැතැයිද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
ශ්රී ලංකාවෙන් පලාගොස් දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබන මොහමඩ් මහිලාර් මොහමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ම
දිවයිනේ තැනින් තැන සිදුවෙන වෙඩි තැබීම්වලට අදාළ පොලිස් වසම් හඳුනාගෙන එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන් 400 ක් පමණ අනුයුක්ත කර ඇත
ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ සියයට 20ක විදුලිබිල අඩුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දුන් පසු මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගෙන විද
එක්සයිස් (Excise – S.P.L.) බද්ද 2020 තිබූ අගයට වඩා ඉහළ යෑම, සියයට 18 ක් වූ එකතු කළ අගය මත බද්ද (වැට්) අය කිරීම සහ විනිමය අනුපාතය වැඩි වීමට සමානුපාතිකව සුඛෝපභෝගී බද්ද (Luxury Ta
කොවිඩ් 19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ විවාහ වීම් හා දරුවන් හැදීම කල්දැමීම නිසා මුළු සඵලතා අනුපාතය (බිහි කරන දරුවන් ප්‍රමාණය) කැපී පෙනෙන අඩු වීමක් පෙන
කොටස් වෙළෙඳපොළේ කොටස් මිල වාර්තාගත ලෙස ඉහළ යෑම මගින් ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී ඇතිය යන පණිවුඩය ජාත්‍යන්තරයට ලබා දෙන බවත් ආයෝජකයන්ගේ ආදායම්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හමුදා නඩු ගැන ජනපති විමසිල්ලෙන්