(කඹුරුගමුව තරංග ගුණරත්න)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (5) දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහ දේවාලය වැඳපුදා ගැනිමෙන් අනතුරුව, කල්‍යාණ වංශ නිකායේ අනුනායක දෙවිනුවර රජමහ විහාරාධිපති අචාර්ය දෙවිනුවර ශ්‍රී සුනන්ද ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මේ අවස්ථාවට පැමිණ සිටි මාතර මහින්ද රාජපක්ෂ මහා විද්‍යාලයේ 8 ශ්‍රේණිය ඉගෙනුම ලබන නිපුණ කාංචන සිසුවා ඔහු විසින් සිතුවම් කරන ලද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චිත්‍රයක් අගමැතිවරයා හට පිළිගන්වන ලදි.
ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක චතුර ගලප්පත්ති , අමාත්‍ය දයාගමගේ යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයන් හා ජනතාවද විශාල පිරිසක් මේ අවස්එාවට එක්ව සිටියහ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහ දේවාලය වැඳපුදා ගනියි
Raveendra Saturday, 05 January 2019 09:17 AM
අම්මපා ගොයියට දැන් තමයි ආගම මතක් වෙලා තියෙන්නේ..ම්ම්..ම්ම්..හොඳයි.. හොඳයි... මෙහෙම ගිහින් එකපාරටම රහත් වෙයිද මන්දා? එහෙම වුනොත් මුළු ලංකාවටම ඉමහත් පාඩුවක් වෙන්නේ. මොකද 225ක්වූ ගව රැලේ ඉන්න විහිළුකාර ගවයින්ගෙන් එක ගවයෙක් අඩුවෙන එක...
jayanthaSaturday, 05 January 2019 10:55 AM
රනිල් කවදාවත් මිනිස්සු රවට්ටන්න පන්සල් ගියේ නැහැ...
කමනි Saturday, 05 January 2019 10:29 PM
එහෙනම් මේ මොනවාද කරන්නේ..? මහබැංකුවේ මංකොල්ලයේ පළවෙනි චූදිතයා. ඔබත් එහෙ මෙහෙ ඉගිලෙන පාට පාට සමනලයෙක් වගෙයි මට හිතෙන්නේ. ආයි ආයි !!! ..
lakmal Saturday, 05 January 2019 10:29 AM
මොකද දන්නේ නැහැ මේ මහත්තය හිටු කියලා මේ දවස්වල පන්සල් ගානේ යන්නේ...?
Hafeel Saturday, 05 January 2019 12:35 PM
මේ පාර අගමැති වුනෙන් පසු විදේශ සංචාර වෙනුවට පන්සල් යනවා වැඩි.
pradeep Saturday, 05 January 2019 03:15 PM
කවදාවත් නොගිය පන්සල් ඔක්කොම වන්දනා කරගන්න හිතිලා තියෙනවා. දැන් පිරිත් අහනවා. වයසට යනකොට වෙනස් වෙලා. මට නම් මේක හරි පුදුමයක්...
SiriSunday, 06 January 2019 05:26 AM
එතකොට ඔය ලොක්කට එකපාරටම ත්‍රිපිටකය සුරක්ෂිත කරන්න හිතුනේ මොකද දන්නේ නෑ නේද?
chandima Saturday, 05 January 2019 05:22 PM
ඔය දේවල් ගෙනයන්නේ ෆොන්සේකාගෙන් ගැලවෙන්න නේද..?
sudath Saturday, 05 January 2019 07:55 PM
නව ව්‍යවස්ථාව ගෙනා විට ඇතිවන බෞද්ධ විරෝධය මැඩලන්න කඩේ යනගමන්....
Bsndara Saturday, 05 January 2019 08:07 PM
ජයන්ත රනිල් රවට්ටන්න පන්සල් ගියේ නැහැ රවට්ටලා ඉවරවෙලා පන්සල් ගියා කියන එක නේද? අම්මෝ තියන මොලේ...
athuraMonday, 07 January 2019 03:27 AM
රනිල් මිට ඉස්සෙලත් පන්සල් ගියා හැබැයි කැමරා අරගෙන ගියේ නැහැ. දැන් හැබැයි රනිලුත් කැමරා අරගෙන යන්න පුරුදු වෙලා.
Raveendra Sunday, 06 January 2019 06:52 AM
පිනා වුනත් නැත මූනේ පිං පාට... හොරා වුනත් නැත මූනේ හොර පාට... බින්දා වුනත් බැංකුව මහා දවාලේ... බබා වගේ රඟනවා පිං ගොනා මේ....
nihal Sunday, 06 January 2019 03:57 PM
රවීන්ද්‍ර බොහොම හරි. මෙහෙම කිව්වා නම්... පිනා වුනත් නැත මුහුනේ පින්පාට. හොරා වුනත් නැත මුහුනේ හොරපාට. බින්ඳා වුනත් මහා බැංකුව බිලියනට. මේ පින් ගොනා රඟපානවා බබාට.
chamara Sunday, 06 January 2019 11:04 PM
රටේ තියෙන හැම පන්සලකටම, හැම දේවාලේකටම ගිහින් දොළ පිදේනි දීලා කන්නලව් කලත් නටන්න බැරි කෙනාට නටන්න බෑ.. බෑමයි...
wita chiinata rakka Tuesday, 08 January 2019 03:49 AM
ලංකාවේ වැඩිම දේපල ප්‍රමාණයක් සාසනයට පූජා කල පවුලේ සාමාජිකයාට ගරහන්නෝ බයියෝ පිරිසක්ය. මරා මෙන් පන්සල විකුණා කෑම රනිල්ගේ ප්‍රතිපත්තිය නොවේ. මහ බැංකුව කඩාගෙන කෑවේ මහින්ද විනා රනිල් නොවේ !