(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
උඩප්පුව ධීවර ගම්මානය දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක් විම නිසා ධීවර වාඩි දහයකට වැඩි ප්‍රමාණයක් විනාශ වි ඇති බව ධීවරයෝ පවසති.
පසුගිය දිනවල පැවැති දරුණු මුහුදු රළ හා සුළඟ හේතුවෙන් උඩප්පුව වෙරළ තීරයේ තිබු ස්ථිර හා තාවකාලික ධීවර වාඩි 10කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ඒ සමගම උඩප්පුව වෙරළ මාර්ගය දසම්පුර්ණයෙන් විනාශ වි ඇත.
ධීවරයකු වන අන්තෝනී සුසේපාලේයි මහතා මෙසේ අදහස් දක්වන්නට විය.
“අපි දන්න කාලයකින්වත් ආපු නැති සුළඟක් වාගේම මුහුදු රළක් ආවේ. දවස් දෙකට තුනට මීටර් 20කට වැඩි ප්‍රමාණයක් එකපාරම වෙරළ කඩාගෙන ගියා හිතාගන්න බැරිවිදිහට. මේ තරම් ලොකු හානියක් අපි දන්න කාලයකින් වෙලා නැහැ. දැන් බෝට්ටුවක් මුහුදට දාන්නත් බැහැ. ගන්නත් බැහැ "යැයි ඔහු පැවසීය.
මෙහිදි අදහස් දක්වමින් සිටි ධීවර කාන්තාවක් වන වී. අහල්යා මහත්මිය මෙවැන්නක් පැවසුවාය.
“ අපේ ධීවර වාඩි සේරම මුහුදට කඩලා ගියා. දැන් එවා හදාගන්න බැහැ සල්ලි තිබුණත්. මොකද දැන් වෙරළක් ඉතිරි වෙලා නැති නිසා. දවස් දෙකට තුනට මේ සේරම විනාශ වුනා අපි දැන් අන්ත අසරණයි. මොනවා කරන්නද කියලා හිතාගන්න අමාරුයි. හෙට මුහුද සැර අඩුවුණාම කොහොම බෝට්ටුවක් දාගන්නද කියලා තමයි මේ මිනිස්සු කල්පනා කරන්නේ‘‘ යැයි ඇය කනස්සල්ලෙන් පැවසුවාය.
මුන්දලම ප්‍රාදේශීය ලේකම් විජානි වසන්තිකා මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.
“උඩප්පුවේ සිදුවුන හානි ගැන අපේ ග්‍රාම නිළධාරි ඒ එක්කම ආපදා සහන නිලධාරීන් මට දන්වා තිබෙනවා. මම පුළුවන් තරම් ඉක්මනට මේ ධීවරයින්ට අදාල අංශ සමග කථා කරලා සහන ලබා දෙන්න කඩිනමින් කටයුතු කරනවා. ඇත්තටම ස්තුතියි මාව දැනුවත් කලාට. මම ඉක්මණට මේ පිරිස නැවත හමුවෙලා කථා කරන්නම්" යැයි ඇය පැවසුවාය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උඩප්පුව ධීවර ගම්මානය මුහුදට බිලි
Asanka Monday, 29 July 2019 05:46 AM
ඉපැරණි අට ලංකාව (ලිමුරියාව ) නම් වූ විශාල මහාද්වීපයක් අද ඉතිරි වී ඇති ලංකාව එහි කොටසකි , එකල වීථි දස ලක්ෂයක් , ගම්මාන ලක්ෂයක් මාලිගා දස දහසක් ගිලා බැස්ස බව කඩයිම් විත්ති පොතේ සදහන් වෙනවා. ඉදිරියටත් මේ ආකාරයෙන්ම අප රට මුහුදට සේදී යනවා ,