IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


උද්ඝෝෂණයක් නිසා පාර්ලිමේන්තු පාර අවහිර වෙයි

(ශාන්ත රත්නායක)

මවුබිම සුරැකීමේ රණවිරුවෝ සංවිධානය හා ජාතික සංවිධාන රැසක් එකතුව අතුරුදහන් වූවන් සම්බන්ධ පනත වහා හකුළාගන්නා ලෙස රජයට බල කරමින් අද(20) පාර්ලිමේන්තු වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වීය.

මේ හේතුවෙන් පැය කිහිපයක් පාර්ලිමේන්තු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.

 



අදහස් (20)

උද්ඝෝෂණයක් නිසා පාර්ලිමේන්තු පාර අවහිර වෙයි

mohan Wednesday, 20 September 2017 09:42 AM

මේක අතීතයට බල නොපාන බව පැහැදිලිව කියලා තියෙනවා නේද?

:       104       221

athura Wednesday, 20 September 2017 09:52 AM

මෙතැන ඉන්නේ රණ විරුවොද? නලා කාරයෝද?

:       200       306

ලුම්බිණි Wednesday, 20 September 2017 10:05 AM

තමන්ගේ පවුලේ කෙනෙක් අතුරුදහන් වුණු දාට මේ අයට තේරේවි මොකද්ද අපි කලේ කියලා.

:       69       152

Lamahewa Wednesday, 20 September 2017 10:09 AM

මේ මොන රණවිරුවෝද? දේශපාලන ඇම්බැට්ටයෝ ටිකක්.

:       177       373

කසුන්Wednesday, 20 September 2017 11:05 AM

තමන්ගේ ඉපදුණු රටට හා එය රැකගත් විරෝදාර රණවිරුවන් කරපු කැපකිරීම වෙනුවෙන් ඉදිරිපත් වූ රටේ සාමාන්‍ය ජනතාව හැල්ලුවට ලක්නොකරන්න. බුද්ධිමතුන් වේවා,කලාකරුවන් වේවා හා කම්කරුවන් වේවා, සිහියේ තබාගන්න ඔවුන් මේ රටේ පුරවැසියන් බව.දැන් අර කියනව වගේ ඔයගොල්ලන්ට මොලේ විකාර වෙලා තියෙන්නේ.රටට අවැඩක් සිදුවෙන වෙලාවේදී පාට,පක්ෂ කෝණ වලින් බලන්නේ නැතිව හරි තැන හිට ගන්න පුරුදු වෙන්න.!!

:       273       181

athuraWednesday, 20 September 2017 11:55 AM

පක්ෂ, පාට, කෝණ වලින් නොබැලුවත් මෙතන ඉන්නේ ඔක්කොම අලුතින් හදපු පක්ෂේ කට්ටිය බව සාධාරණයි. ඒ බව අගයන ඕනෑම කෙනෙකුට පේනවනේ.

:       63       208

sahanWednesday, 20 September 2017 11:55 AM

මුදලට පාරට බැහැලා කෑ ගහන මේ වහල්ලුන්ට ඉඩ දෙන්න එපා. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. මේ අයට උද්ඝෝෂණ කරන්න වගේම අනිත් මිනිස්සුන්ට නිදහසේ තමන්ගේ ගමනක් යන්න ඉඩත් ඕනෑ.

:       173       296

husen-riyad Wednesday, 20 September 2017 10:28 AM

සමාජ සාධාරණයක් වේවි ඔය පනත සම්මත වුනා නම්. ඔය කහින අය ඔක්කොම ලේ පිපාසිතයෝ. ලුම්බිණි කිව්වා වගේම, අතුරුදහන් වුණු කාලේ තමන්ගේ කෙනෙක්ව නම්.., රත්වේවි. වැරැද්ද කවුරු කළත්.., ඒ වැරැද්දට සරිලන දඬුවමක් නොදුන්නොත් නීතිය වල් වදීවි. කාලයාගේ ඇවෑමෙන් මේ සිරිලක මිනීමැරූ පුරයක් වේවි.

:       24       137

sisira paris Wednesday, 20 September 2017 10:31 AM

ජයවේවා ! රට පාවාදෙන්න හදන දේශපාලක ද්‍රෝහීන් භංගවේවා !!!

:       329       230

sahanWednesday, 20 September 2017 11:57 AM

පිටරට ගිහින් සුද්දන්ගේ, අරාබීන්ගේ වැසිකිළි හෝදන අය කොහොමත් ඔහොම තමයි.

:       906       228

[email protected]Wednesday, 20 September 2017 01:13 PM

පිටරට ඉන්න ශ්‍රමිකයන් නිසා තමයි ලංකාවේ අය කාලබීල ඉන්නේ... මොකද රටේ පලවෙනි විදේශ විනිමය අදායම ලැබෙන්නේ ඒ අයගෙන්.. පක්ෂග්‍රාහි ගුණමකුවන් නොවී හා පහත් බුද්ධි මට්ටම ප්‍රදර්ශනය කරන්න එපා...

:       30       186

AmalWednesday, 20 September 2017 01:21 PM

රාජ ද්‍රෝහීන්ට කඩේ යන කෙනෙක් වගේ... රණවිරුවන් නිසයි තමුන්ලා අද නිදහසේ හුස්ම ගන්නේ... අනික පිටරට යන හැම කෙනාම කරන්නේ එකම රැකියාව නෙමේ කරන්නේ... මිනිසුන්ට ගරහන්නේ තමුන්ගේ අඩුපාඩු වසාගන්න සමහර විට තමුන් එයිටත් වඩා පහත් ක්‍රමයකින් හම්බකරලා ජීවත්වන කෙනෙක් වෙන්න ඇති...

:       90       141

[email protected]Wednesday, 20 September 2017 01:45 PM

රණවිරුවන්ව දංගෙඩියට යවනවා යැයි කියන එක සාධාරණීකරණය කරනවා යැයි කියන්නේ, කොටියෙක් වෙන්නට ඇති... නැත්නම් රටක් නැති කෙනෙක් වෙන්නැති... අනික තමුන්ගේ වැරැදි වහගන්න අනික් යට කෑ ගහන්න යන්න එපා...

:       0       64

sahanWednesday, 20 September 2017 04:06 PM

රෙද්ද කරට අරගෙන නටන්න හැදුවට වැඩක් නැහැ, මොලේ තියෙන මිනිස්සු දන්නවා ඇත්ත.... මෙතන රණවිරුවන්ගේ ප්‍රශ්නයක් නැහැ. යුද්ධ කලා. ප්‍රභාකරන් මැරුවා. යුද්ධය ඉවරයි. නමුත් යුද්දෙට මුවා වෙලා මහරජු හා පිරිවරත්, හමුදාවේ හා පොලීසියේ කප්පම් කාරයොත් කරපු වැරදි එළිවෙයි කියලා බයට බත් පැකට්, අරක්කු, වීදුරු සංගම් තමයි පිකටින් කරන්නේ.... මේ පනතට විරුද්ධ නම් එයා එක්කෝ මිනීමරුවෙක්... රටේ සාමාන්‍ය මිනිස්සු මේ පනතට කැමතියි

:       2       11

nimmi Wednesday, 20 September 2017 01:07 PM

නියමයි කසුන්, සහන්...

:       89       0

Vincent Wednesday, 20 September 2017 01:38 PM

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ලබා දුන්නායැයි කියන නිදහස මේ වෙනකොට වැඩියෙන්ම භුක්ති විඳින්නේ හොරුන් සහ අපරාධකරුවන් බවකි අපට පෙනෙන්නේ. වැරදිකරුවන් නැළවීමට නම් ඒ නිදහස කුමකටද? මවුබිම සුරැකීමට හොරුන් සහ අපරාධකරුවන් සිටිය යුතු නැත.

:       137       99

LapayaWednesday, 20 September 2017 02:49 PM

වින්සන්ට්, හරියට හරි එ්කනේ මහා බැංකුවට මෙහෙම කරලත් නිදහසේ ඉන්නේ. නිදහස දුන්නයි කියන කෙනාත් සද්දයක් නැහැ ඒ ගැන. බොරු කොමිසමක් ගෙන කාලේ කනවා. චූදිතයෝ කට උත්තර දෙන්න බැහැ කියද්දී ඇටි කෙහෙල් කපු උගුඩුවො වගේනේ පාලකයෝ.

:       42       7

athura Thursday, 21 September 2017 06:39 AM

ලපය ඕක තේරුම් ගන්න ඔබතුමා ළපටිය. ඔබගේ අදහස අනුව ඔබත් හොරෙක් හෝ අපරාධ කාරයෙක් විය යුතුය.

:       2       1

dhamneth Wednesday, 20 September 2017 03:30 PM

මේ කට්ටිය 2014 ජනාධිපතිවරණ කාලයේ සිටම වරින් වර පාරවල් අවහිර කරගෙන මේ සටන් පාඨ කියවනවා. මේ ගොල්ලෝ කියන එකක්වත් සිද්ධවෙන්නේ නැත. අනුන්ට කරදරයක් නොකර ජිවත් වෙනවා නම් එ්කත් රටට කරන ලොකු සේවයක්...

:       2       30

asoka Monday, 25 September 2017 07:08 AM

ජාතිය සුළුයි. එය සසඳන විට අන් අය හා දේශය කුඩායි. රට හා ජාතික ගති හිඟයි. සසඳනවිට අන් අය හා මළගම ළඟයි.. කියලයි කියන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

වීඩියෝ දර්ශන

හිනිදුම වෙඩි තැබීමකින් තුනක් මරුට
2025 ජනවාරි මස 31 2900 6

හිනිදුම පනංගල පිහිටි නවාතැන් පොලකට පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි තැබිමකින් නවාතැන් පොලේ හිමිකරු සමග තවත් දෙදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි ගාලු දිසා බ


අර්චුනා අත්අඩංගුවට
2025 ජනවාරි මස 29 2582 5

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින යපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
2025 ජනවාරි මස 25 8153 51

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයේදී අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්විසින් අත්අඩංගුවට ග


නිලඇඳුමින් සූර් වුණ සැරයන්ලා: පොලිසියෙන්ම වඩා ගෙන යයි
2025 ජනවාරි මස 23 3723 5

රාජකාරී කරන අතරතුර නිලඇදුමෙන් පානදුර ප්‍රදේශයේ නිවෙසක බීමිතින් නිදා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවත් අනෙක්



මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site