(කේ ඩි දේවපි‍්‍රය )
කතරගම දේවාලයේ පෙරහර දින 05 ක් විදි සංචාරය කිරීමෙන් පසුව එළැඹෙන 06 වැනි දින වු අද (18) දේවාලය ඉදිරිපිට ඇති කොළ අතු පන්දළම නව කොළ අතු දමා සකස් කරනු ලැබීය. දුටු ගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව සෑම ඇසළ පෙරහර සමයක දීම අලූත් කිරීම සිදුවේ.
පෙරහැර දින 05 ක් ගිය පසු මෙම අතු පන්දළම තුළ ඇති පැරණි අතු දඬු ඉවත් කරන අතර, මාදම් කොළ අතු දඬු දමා අලූතින් සකස් කරනු ලබන්නේ පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන්ගේ උපකාර ඇතිවය.
මෙම කොළ අතු රැගෙන විත් බස්නායක නිළමැදුරේ ගොමමැටි ගෑ බිමේ දුටුගැමුණු රජතුමාට, හිටපු නිළමේ වරුන්ට පිං පැමිණවීමට පවත්වනු ලබන දානමය පිංකම අවසන් වීමෙන් පසු මෙම අතු පන්දළම සකස් කරනු ලබයි. මෙසේ අලූත් කරනු ලබන අතු පන්දළම නැවත අලූතින් සකස් කරනු ලබන්නේ ලබන වර්ෂයේ දී ඇසළ මංගල්‍යය පැමිණි විට දී පමණි .
මේ අනුව අද (18) වැනි දින 2018 ඇසළ මංගල්‍යයට සමගාමීව අතු පන්දළම අලුත් කිරීම සිදු කරනු ලැබීය.
මෙම අතු පන්දළම මේ අයුරින් සකස් කරනු ලබන්නේ අතීතයේ දී එක් සිදුවීමක් සනිටුවහන් කිරීමට බව කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන සොමිපාල ටී රත්නායක මහතා පවසයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කතරගම දේවාලයේ අතු පන්දලම අලුත් වෙයි