යුද හමුදාවේ 69 වැනි සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අබියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද හමුදා ධජයන්ට සෙත් පතන ලදි.
යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සෙත් පැතීමේ උත්සවය සඳහා මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරි රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
යුද්ධ හමුදා ඒකකයන්ට අයත් ධජයන් රැගෙන යුද්ධ හමුදා සාමාජිකයින් හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ කතරගම කිරිවෙහෙර තෙවරක් පැදකුණු කළ අතර, අනතුරුව හමුදා ධජයන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද පැතීය. ඉන් අනතුරුව, විශේෂ කප්රුක් පූජාව සඳහා සහභාගී වූ පිරිස විසින් පොල්තෙල් පහන් 1500 ක් දල්වමින් ගිලන්පස පුජාවක්ද පැවැත්විණි.
ඉන් අනතුරුව කිරිවෙහෙර රජමහා විහාරයේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය පරිත්‍යාගයක්ද, කතරගම අෂ්ඨඵල බෝධි භාරකාර කිරිවෙහෙර රජමහා විහාරයේ උපප්‍රධාන විහාරාධිකාරි පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර ස්වාමින් වහන්සේ වෙත පිළිගන්වන ලදි. යුද්ධ හමුදා ධජයන් දේවාල කුටියේ තැන්පත් කිරීමෙන් පසු දේවාලයේ තේවාව ආරම්භ කරන ලද අතර කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු සඳහා තවත් මුදල් පරිත්‍යාගයක්ද යුද හමුදාපතිවරයා විසින් බස්නායක නිලමේතුමන් වෙත පිරිනමනු ලැබිණ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කතරගම පුදබිමේදී හමුදා ධජයන්ට සෙත් ප්‍රාර්ථනා කෙරේ