IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ගල්ගමුවේ තනි දළයා, වනජීවියෙන් අල්ලයි

චමිල් රුපසිංහ


ගල්ගමුව දිගන නිවාස බිද දමා වගාවන් වලට හානි සිදු කල  “ ගල්ගමුවේ තනි දළයා “ අද (16) දහවල් අල්ලා ගැනීමට හැකි වු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ බස්නාහිර හා වයඹ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිවු.ඒ.ඩී.යු. ඉන්ද්‍රජිත් මහතා පවසයි.


“ ගල්ගමුවේ තනි දළයා “ විසින් ප්‍රදේශයේ නිවාස බිද දැමීම් වගාවන් වලට හානි කිරීම් ආදි කටයුතු සිදුකරණ බැවින් ජනතාවගේ හා අලියාගේ ආරක්ෂාව පිනිස වනජීවී හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පේරේරා මහතාගේ උපදෙස් මත  මෙම අලියා අල්ලා හොරොවුපතාන අලි රැදවුම් මධ්‍යස්ථානය ට මුදා හැරීමට නියමිත බවද ඔහු සදහන් කලේය.


අලියා අල්ලා බැද දමා ඇති වුවත් එම අලියා සමග සිටින තවත් අලි දෙදෙනෙක් ඒ අවට සැරි සැරීම නිසා අලියා අල්ලා ගැනිම සදහා එම අලීන්ට කිසිදු කරදරයක් නොකර එළවා දමන්නට සිදුවු බවත් මේ වන විටද එම අලි දෙදෙනාගෙන් වනජීවී නලධාරින්ට එම අලීන් දෙදෙනා එලාවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවි ඇති බවද ඔවුන් පවසයි.


මෙම මෙහෙයුම සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ බස්නාහිර හා වයඹ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිවු.ඒ.ඩී.යු. ඉන්ද්‍රජිත්,ගල්ගමුව අඩවි ආරක්ෂක එම්.රෝහිත, අනුරාධපුර අඩවි ආරක්ෂක දසනායක,වනජීවි දෙපාර්තුමේන්තු අනුරාධපුර පශු වෛද්‍ය කාර්‍යාලයේ පශු වෛද්‍ය ඉසුරු හා චන්දන, වනජීවී දෙපාර්තුමේන්තු අනුරාධපුර කාර්‍යාලයේ චමිල් ප්‍රසාද් ධර්මදාස හා අනුරාධපුර හා වයඹ කාර්‍යාල වල නිලධාරින් මෙම මෙහෙයුමට සහභාගි විය.

 



අදහස් (2)

ගල්ගමුවේ තනි දළයා, වනජීවියෙන් අල්ලයි

sam Saturday, 16 December 2017 10:12 AM

මහාමාර්ග, වාරිමාර්ග ලෙස පැවති යුගයේ විදුලිබල, මහාමාර්ග සහ වාරිමාර්ග සියල්ලම එකම ඇමතිතුමෙක් යටතේ එක අමාත්‍යාංශයක් ලෙස පැවතුණත්, වනජීවී සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ දෙකම එක ඇමැතිතුමෙකුට පැවරීම කොතරම් ප්‍රායෝගිකද? 'සියලු සත්වයෝ නිදුක් වෙත්වා' කියලා වනජීවී ඇමතිතුමා කියන්නේ වල් අලි නිදුක් වෙත්වා කියලද? එහෙම නැතිනම් වල් අලින්ගෙන් හිරිහැර වෙන ගම්වාසීන් නිදුක් වෙත්වා කියලද?

:       0       15

Bamunuarachchi Saturday, 16 December 2017 01:48 PM

පාර්ලිමේන්තුවේත් ඉන්න, අර කොල්වින් ලා ඒ කාලේ වගේ අලි ටික අල්ලා බර්මියුඩා ත්‍රිකෝණයට ගොස් දැමුවා නේද? කැලේ අලි බිඳින්නේ ගෙවල්... මේ පාර්ලිමේන්තු අලි බිඳින්නේ බැංකු.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 120 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6665 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6295 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7699 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18374 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1329 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 228 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 524 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 251 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site