IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


චූඩා මාණික්‍යය වන්දනා කිරීමට සැදැහැවත්හු අනුරපුරයට එති

 (සටහන සහ ඡායාරූප - රඹෑව-මනුල වික්‍රම)

රුවන්වැලි සෑ රදුන්ගේ පැළඳවීම සඳහා නිර්මාණය කරන ලද නව රන් පාදම  සහිත චූඩා මාණික්‍යය වන්දනා කිරීම සඳහා දිවයින පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පැමිණෙමින් සිටියි. අද (23) සහ හෙට (24) එය දිවා රාත්‍රී රුවන්වැලි සෑ මළුවේ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ. එය 25 වැනිදා මහසෑයට පළඳවන අතර ස්වරණාලේපිත කොත් වහන්සේ හා චූඩා මාණික්‍ය නිරාවරණය කෙරෙන්නේ ලබන 26 වැනිදායි.

සැදැහැවතුන්ට සුදුවතින් සැරසී පැමිණෙන ලෙස රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරත්න නාහිමියෝ ඉල්ලාසිටිති.



අදහස් (6)

චූඩා මාණික්‍යය වන්දනා කිරීමට සැදැහැවත්හු අනුරපුරයට එති

lakvidu Saturday, 23 November 2019 07:57 AM

චූඩා මාණික්‍යය වන්දනා කිරීමට...? බෞද්ධයන් වන්දනාමාන කළ යුත්තේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය මිසක්, චූඩා මාණික්‍යය නොවේ.

:       1       83

බණ්ඩාර Saturday, 23 November 2019 08:24 AM

ස්වර්ණමාලි ස්තුප රාජයාට පළඳවන චුඩා මාණික්‍යය යනු.. අපගේ බුදුරජාණන් වහන්සේට කරන උත්තම පූජාවක්... ඒවගේ පිනක් අනුමෝදන් වෙන්නත් පින්කරපු හදවතක් තියෙන්න ඕනෑ... පුළුවන් නම් පොඩ්ඩක් නිහතමානී වෙලා පිදිය යුත්තන් පිදීම අනුමෝදන් වෙන්න.. සාදු! සාදු! සාදු!

:       40       13

lakviduSaturday, 23 November 2019 01:20 PM

පින්වත, ඔබ හොඳටම අතරමං වෙලා. අපි මල් වට්ටියට වන්දනා කරනවද? පොල්තෙල් පහනට, හඳුන්කුරට , ගිලන්පසට වන්දනා කරනවද? නැහැ නේද? ඒවා පුජකරලා බුදුන්ට වන්දනා කරනවා. මෙතන කියලා තියෙන්නේ චූඩා මාණික්‍යය වන්දනා කිරීමට..... කියල. ඔබතුමාගේ පිළිතුර මේකට ගැලපෙන්නේ කොහොමද කියල මගේ පුංචි මොලේට නම් තේරෙන්නේ නැහැ. වරදක් වුණා නම් සමාවෙන්න.

:       5       3

reksSaturday, 23 November 2019 01:29 PM

අනේ මම දන්නේ නැති නිසයි අහන්නේ මහත්තයෝ, එතකොට ඔය චූඩා මාණික්‍යය සහ කොත් කැරැල්ලට හයිකරන ෆ්ලෑෂ් ලයිට් වලටත් වන්දනා කරන්න ඕනෑද?

:       0       0

janahitha UAE Saturday, 23 November 2019 08:06 AM

බුදු සසුන චිරාත් කාලයක් පවතීවා...!!!

:       0       6

EKANAYAKA THENNAKOON Sunday, 24 November 2019 06:10 AM

මෙය ඉතා අගනා මහත්ඵල මහානිශංස දෙන පින්කමක්. සියල්ලන්ටම තෙරුවන් සරණ වේවා! සැමදා බුදු සසුන බැබළේවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 103 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6636 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6272 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7688 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18353 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1314 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site