(බී.ජී. චතුරංග)
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට පියවර ගැනීම නිසා තම රැකියා අවදානමක බව කියමින් හා ඊට විරෝධය පළ කරමින් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ පිරිසක් අද (21) විරෝධතා පෙළපාලියකින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුල් වූහ.
මෙහිදී උද්ඝෝෂකයන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය භුමියට ඇතුළු වීමට ආරක්ෂක නිලධාරීන් ඉඩ ලබා නොදුන් අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
පසුව උද්ඝෝෂකයෝ බලහත්කාරයෙන් එහි ගේට්ටු විවෘත කර ඇතුළු වූහ.
සේවකයින්ට කිසිදු දැනුම්දීමකින් තොරව උතුරු මැද පළාත් මහ ඇමතිවරයා හා අමාත්‍යංශ ලේකම්වරිය පසු ගිය පළමු වැනි දා සිට උතුරු මැද පළාත් සංවර්ධන අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම සදහා පියවර ගැනීමත් සමග තමන්ගේ සේවයේ ස්ථීර භාවය , වැටුප් ප්‍රමාණය,විශ්‍රාම වැටුප් පිළිබදව බරපතල ගැටළු මතුව තිබෙන බව උද්ඝෝෂකයෝ පැවසූහ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා එම ස්ථානයට පැමිණි අතර ඒ මහතා උද්ඝෝෂකයින්ට කියා සිටියේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමග මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර හෙට දිනයේ විසඳුමක් දීමට කටයුතු කරන බවයි.
එහිදී උද්ඝෝෂකයන් පැවසූවේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය පිළිබදව විශ්වාසය තබා විසිර යන බවත් ඉක්මන් විසඳුමක් නොලැබුණ හොත් ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණයක් කරන බවත්ය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දිසාපති කාර්යාලය වටලති