IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පාර්ලිමේන්තුව බේරගන්න වැලිකොට්ට වැටක්

අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ඇති වූ ගංවතුර තත්වය වැළැක්වීම සඳහා  12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 4 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස්  වැලි කොට්ට යොදා ගනිමින්   අද (07)  පාර්ලිමේන්තු මාර්ගයේ ආරක්ෂක වැටක් ඉදි  කළහ.
 
ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ උපදෙස් මත ගංවතුර තත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසෙන මාර්ගය දෙපස වැලි පිරවූ බෑග් තබමින් එම පරිශ්‍රයට පිවිසෙන මාර්ගයට ජලය ගලා යාම වැලැක්වීමට කටයුතු කරනු ලැබු අයුරු .


 (36698)



අදහස් (22)

පාර්ලිමේන්තුව බේරගන්න වැලිකොට්ට වැටක්

kumar (Gulf) Sunday, 07 October 2018 12:44 PM

ආනේ...!!! මේ රටම කාදමන අම්බලම හේදිලා යන්න අරිනවා නම් තමයි හොඳ...

:       0       1164

OMG Sunday, 07 October 2018 02:29 PM

කෝටියක් දෙනවා කියලා 225ම පාර්ලිමේන්තුවට ගෙන්නලා වැලිකොට්ට වැට අයින් කරන්න. හේදිලාම යන්න. සල්ලි දෙනවා කිව්වම අපායට වුණත් මේ අම්බරුවන් පැනලා යයි.

:       3       560

janahitha anura Sunday, 07 October 2018 02:31 PM

කරුණාකරලා අහිංසක ජනතාව ඉන්න පළාත ආරක්ෂා කරන්න... හොරු ඉන්න ඔය ස්ථානය රකින්න එපා.. ඔහේ ගිලෙද්දෙන් අපිට යහපතක්...

:       0       398

Appuhami Sunday, 07 October 2018 02:42 PM

අනේ මේ දේශපාලකයන්ගේ මොලේ කොහෙද තියෙන්නේ..? කැළණි ගඟ හරවන ප්‍රොජෙක්ට් එක කළා නම් ඉවරයිනේ...

:       2       151

PerakumMonday, 08 October 2018 04:05 AM

කාටද මේ කියන්නෙ...? මොලේ තියන කොහෙද අපේ පාර්ලිමේන්තුවේ...!

:       0       60

banda Sunday, 07 October 2018 03:21 PM

අම්බරුවන්ට මොන වැලි කොට්ටද? උන් වතුරට කැමතියි.

:       0       419

විජිත් Sunday, 07 October 2018 04:22 PM

බණ්ඩා මල්ලිගේ කියමන "දවසේ කතාව" කියලා මම හිතනවා.

:       0       210

Athula KMonday, 08 October 2018 08:39 AM

හරියටම හරි.

:       0       26

KumiMonday, 08 October 2018 10:17 AM

මඩ වතුරට තමයි වඩාත් කැමති...

:       0       31

Sunil Sunday, 07 October 2018 03:54 PM

ආණ්ඩුව වැටෙන එක වැලි කොට්ට ගහලා නවත්තන්න බැරි වෙයි.

:       109       167

Deshamamaka Sunday, 07 October 2018 04:50 PM

දේශපාලකයෙනි, වැඩිමනත් සාමාන්‍ය ජනතාව ඔබලා ගැන සිතන විදිය නොපෙනේද?

:       0       371

Bimal Sunday, 07 October 2018 07:05 PM

වැලි කොට්ටේ මාරු කරලාවත් මේ දේශපාලන හිසරදේ ඉවරවෙන්නේ නැහැ. ඔක්කොම එකයි.

:       0       37

Perakum Monday, 08 October 2018 02:17 AM

Deshamamaka, අපේ දේශපාලකයින් ජනතා සිතුම් පැතුම් තුට්ටුවකට ගණන් ගන්නේ නැති බව ඔබ නොදන්නවා වගෙයි.

:       0       116

Saththaya Monday, 08 October 2018 03:00 AM

ජනතා සාපය, ඒ නිසා යටවෙන එක වලක්වන්න මොනා කලත් බැහැ.

:       0       264

chandra kumar Monday, 08 October 2018 03:10 AM

ඔහේ ගිලෙද්දෙන් අපිට යහපතක්...

:       0       87

OMG Monday, 08 October 2018 04:40 AM

දේශමාමක - මසුරන් වටිනා කියමනක්. සත්‍යය එයයි. 225 ම විනාශවෙලා ගියත් සාමාන්‍ය ජනතාවට කමක් නැහැ.

:       0       45

Anuradha Monday, 08 October 2018 04:50 AM

ඔය 225 දෙනා විනාශවෙලා වෙලා යන තරමටම තමා හොද.

:       0       64

OMG Monday, 08 October 2018 05:35 AM

බැරිද සාමාන්‍ය ජනතවගේ කැකෑරෙන අදහසක් පත්තරේක හෙඩ් ලයින් කරන්න මේ කට්ටියගේ පුද්ගලික ලේකම්ලට බලන්න.

:       0       38

nuwan Monday, 08 October 2018 05:45 AM

හමුදාවේ අපේ කුල්ලෝ නැත්තන් රටම ඉවරයි. ....... දුකයි මේ වගේ හොරු ඉන්න රටක , හොරුන්ව ආරක්ෂා කරන්න මේ වගේ වැලිකොට්ට දාන්න ගියාට..!

:       0       44

hasantha Monday, 08 October 2018 05:53 AM

මෙතන ගොඩක් දෙනා යටවෙන්න කියල ප්‍රාර්ථනා කලාට මම නම් කියන්නේ එහෙම වෙන්න එපා කියල. ඊළගට කොමිසුත් එක්ක ඕක පිළිසකර කරන්න කෝටි ගානක මිලක් දායි. අන්තිමේට එදා වෙලා අමාරුවෙන් හොයාගන්න මිනිහට තමා එකෙනුත් බඩේ පහර.

:       2       36

OMGMonday, 08 October 2018 07:16 AM

යටවෙන්න ඕනේ 225 ත් එක්කම. නැතුව පාර්ලිමේන්තුව විතරක් නොවේ. අපිට ඕනේ බිලක් දරා ගන්න පුළුවන් ඔය 225 නැතිවෙලා ගියදාට.

:       0       128

එරික් Monday, 08 October 2018 11:39 PM

අනේ මන්ද මේ කමෙන්ට් බැලුවම පුදුමත් හිතෙනවා. සියලු සත්වයෝ නිදුක් වේවා කියලා බන අහන රටක මිනිස්සු හිතන විදිය. ඒගොල්ලන්ට ඇයි ඡන්දෙ දුන්නේ? ඡන්දය දීලා දැන් මරනය ප්‍රාර්ථනා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 103 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6636 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6272 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7688 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18353 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1314 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site