IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වැදි බණ දෙසූ තරුණ හිමිවරු මහ නා හිමිට වැඳ සමාව ගනිති

(ජේ.ඒ.එල්. ජයසිංහ - තෙල්දෙණිය චන්දන උඩුවාවල)

බුදුන්වහන්සේගේ ධර්මය විකෘති කරමින් දේශන පැවැත්වීම, බුදුන්වහන්සේට අපහාස කිරීම, බුද්ධ දර්ශනයට නිගාදෙන අන්දමින් කටයුතු කිරීම යන චෝදනාවලට ලක්ව සිටි තරුණ භික්‍ෂූන්වහන්සේ සිවු නමක් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව හමුවේ නැවත එවැනි වැරදි නොකරන බවට  පොරොන්දුවී වැඳ සමාව ගත්හ. 

තමන් කළ වරද පිළිගෙන මෙසේ සමාව අයැද සිටියේ දිඹුල්කුඹුරේ උදිත රතන, හඳපාන්ගොඩ නිවාතාප,  බත්තරමුල්ලේ අමාදස්සන සහ වස්සක ධම්ම යන හිමිවරුන් සිවුදෙනාය. මින් ඉදිරියට එවැනි වැරදි නොකරන ලෙස තරයේ අවවාද කර ඇති මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් හා අනුනාහිමියන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව මින් පසුවද බුදු දහම විකෘති වන අන්දමට අසත්‍ය දේශන පැවැත්වුවහොත් මෙම භික්‍ෂූන් වහන්සේ සිවුදෙනා භික්‍ෂූත්වයෙන් නෙරපා දමන බවට ද දැඩිව  අවවාද කර ඇත.


මල්වතු මහා විහාරයට ගොස් තමන්ගෙන් සිදුවී ඇති වැරදිවලට සමාව ලබාදෙන ලෙස ඉල්ලා ඇති මෙම භික්‍ෂූන් වහන්සේලා සිවුනම මින් ඉදිරියට ශාසනයට ආරක්‍ෂා කරමින් ත්‍රිපිටකයට අනුකූලව ධර්ම දේශනා සිදුකරන බවට ද මහානායක හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව හමුවේ ප්‍රතිඥා දී ඇත.


මල්වතු අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම, මල්වතු විහාර පාර්ශවයේ වැඩබලන ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල යන හිමිවරු මෙහිදී චෝදනාවට ලක්වූ භික්‍ෂූන් වහන්සේ සිවුනමට අවවාද අනුශාසනා කරමින් බුදු දහම විකෘතිවන අන්දමට බෞද්ධ මහජනතාවට වැරදි ධර්ම දේශනා නොකරන ලෙසත්, ත්‍රිපිටකයට, අනුකූලව සංඝ විනය ආරක්ෂා කරමින් ශාසනික කටයුතුවල යෙදෙන ලෙසටත් පැවසූහ. 

පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික හිමිවරුද සහභාගී වූහ.



අදහස් (8)

වැදි බණ දෙසූ තරුණ හිමිවරු මහ නා හිමිට වැඳ සමාව ගනිති

ගාමිණී Thursday, 20 September 2018 04:10 AM

වැදිබණ කියා අප අසා ඇත්තේ තමන් පිළිනොපදිමින් අනුන්ට දේශනාකරන එකට...... ඒ අතින් බැලුවහම නම් අද වැදිබණ කියන අය තමයි වැඩි.

:       17       149

jayasekara Thursday, 20 September 2018 04:15 AM

තව ඕන තරම් ඉන්නවා ප්‍රසිද්ධ හිමිවරු ධර්මය විකෘර්ති කරන.....ඒ ගොල්ලොන්ටත් තීරණයක් ගන්න වෙයි අපේ හාමුදුරුවනේ .... " ධර්ම විනය සංගායනාවකට කාලය හරි...."

:       24       50

Sakunthala Padmini Thursday, 20 September 2018 07:31 AM

උන් වහන්සේලා දේශනා කලේ ත්‍රිපිටකය ශ්‍රී සද්ධර්මය....... එම දේශනා අසා බොහෝ දෙනෙක් නිවන් මඟට යොමු වුණා. පිබිදෙමින් තිබූ සද්ධර්මය නැවත යටපත් වුණා. සැමට ධර්මය අවබෝධ වී ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නය නිරාකරණය වේවා!!! උන්වහන්සේලා ඉතා ඉක්මනින් උතුම් වූ නිවනින් සැනසේවා!!!!

:       29       172

UPUL Thursday, 20 September 2018 10:21 AM

එ් දේශනා එන්නේ නැතිව ත්‍රිපිටකයට අදාළද බලන්නේ නැතිව හරි වැරද්ද කියන්න බැ. පරමිපාරවෙන් ගෙනාවට ත්‍රිපිටකයට හා මාගධි බසට අනුව නැත්නම් හරි කියනත් බැ තිරකයන්ගේ දැන්මත් බලන්න ඕනේ.....

:       2       35

Denesh Friday, 21 September 2018 01:41 AM

අපට අවශ්‍ය නිවන් මාර්ගයි. සම්ප්‍රදායික දේශනා නොව ඔබ වහන්සේ දේශනා කල ධර්මය විකෘතිද ප්‍රකෘතිද කියලා හරියට ශ්‍රවනය කල සියලුදෙනා දන්නා කරුණකි. ඔබවහන්සේ අමාමහ නිවනින් සැනසේවා මේ දේශනා අහන්න අහන්න අපි රග ද්වේශ මෝහ වලින් මිදෙනවා. සියලු ලෝක සත්වයාද මේ සසර දුකින් මිදී අමාමහ නිවනින් සැනසේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරවෙත්වා!!!!

:       0       222

පුරන Saturday, 22 September 2018 09:49 AM

ඇවිලෙන ලෝකයට කෙසේ නිවීම තේරෙන්නද? නිවනම වෙත්වා. නිවන් සුවයම ලබත්වා. ලෝකය තුළින් කුමන ප්‍රශ්නය ආවත් ධර්මය බැබළෙනවා.

:       0       4

Chaminda MAnoj Sunday, 30 September 2018 06:15 AM

කණගාටුව අද සමාජයේ පෘතග්ජන පුද්ගලයට ඇත්ත තිත්ත..... එකී සියලු ලෝක සත්වයන්ට බොහොම ඉක්මනටම සත්‍යයඅවබෝධ වෙත්වා . නිවනම වෙත්වා

:       0       5

Ashintha Tuesday, 09 January 2024 04:17 PM

මොකද්ද කරපු ධර්ම විකෘර්තිය ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 103 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6636 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6272 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7688 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18353 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1314 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site