(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨ සංකීර්ණයට මුල්ගල් තැබීම (21) අද දිනට යෙදුණු සුබ මොහොතින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සිදු කෙරුණි.
එම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේසභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වීමට නියමිත වූ නමුදු අයවැය දෙවනවර කියවීම ඡන්ද විමසීම පැවතීම හේතුවෙන් අමාත්‍යවරයා නොපැමිණි අතර ප්‍රතිපාදන කොමිෂන් සභාව නියෝජනය කරමින් උපසභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සහභාගි වූවාය.
විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක් මෙන්ම කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයෙක් ලෙස කටයුතු කළ වත්මන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනාඅරච්චි මහතා ඇතුළු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක, කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ, වැඩ බලන ලේඛකාධිකාරී කමල් ගුණවර්ධන යන මහත්වරු සහ පරිපාලන නිලධාරිහු මෙන්ම කාර්ය මණ්ඩලය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සිදුකරන ‘සතුට‘ බිල්ඩර්ස් නිලධාරීහු මෙම අවස්ථාට එක්වූහ.
මිලියන 798ක් වැයකර ඉදිකිරීමට යෝජිත සය මහල් සංකීර්ණයේ විද්‍යාගාර 8ක්, අධි තාක්ෂණික හරිතාගාරයක් සහ ඉහළ මහලේ අවන්හලක්ද වේ. නවීන උපාංගයන්ගෙන් සපිරි මෙම සංකීර්ණය වසර 2කින් නිමකිරීමට නියමිතය.
මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ, උපකුලපති මහාචාර්ය උදය රත්නායක, මහාචාර්ය රෝහණ පී. මහලියනාඅරච්චි යන මහත්ම මහත්මීහු මෙහිදී අදහස් දැක්වුහ. උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසුවේ 2023 වසරේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සුහුරු විශ්වවිද්‍යාලයක් පත් කිරීමේ සිහිනය යථාර්ථයක් කිරීමට සියලු දෙනාටම එක්වන ලෙසයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සබරගමු කෘෂි විද්‍යාපීඨ සංකීර්ණයට මුල්ගල් තබයි