IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


අංගොඩ ලොක්කා මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

(*** නිමන්ති රණසිංහ සහ *** ඉන්දිකා රාමනායක)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් ‘‘අංගොඩ ලොක්කා’’ ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ දී මියගොස් හොර රහසේම ආදාහනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පුවත් වෙබ් අඩවි දෙකක් වන ‘‘ද හින්දු’’ සහ නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා යන අය ‘‘ආර්. ප්‍රසාද් සිං’’ යන ව්‍යාජ නමින් වසර තුනකට ආසන්න කාලයක් ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ රහසිගතව වාසය කර ඇති බවයි.

එලෙස ව්‍යාජ නමකින් පෙනී සිටි අංගොඩ ලොක්කා ඉකුත් ජුලි මස තුන් වැනිදා ඔහු වාසය කළ නිවසේ බිම සිහිසුන්ව ඇද වැටී සිටිය දී ඔහු සමඟ සිටි අය ඔහු කොයිම්බතූර් රෝහලට ඇතුළත් කර ඇති බවත් එහිදී ඔහු මියගොස් ඇති බව ද එම වෙබ් අඩවි වාර්තා සඳහන් කරයි.

එලෙස මියගිය අංගොඩ ලොක්කාගේ දේහය ඉන්දියාවේ මදුරෙයි නගරයේ දී ආදාහනය කර ඇති බව ද එම වාර්තා සඳහන් කරයි.

ඉන්දීය වෙබ් අඩවි වාර්තා කළේ ශ්‍රී ලාංකික කාන්තාවක් ඉකුත් ජූනි මස හතර වැනිදා ඉන්දීය කොයිම්බතූර් පොලිසියට ගොස් සඳහන් කර ඇත්තේ තම ඥ‌ාතියකු වන ප්‍රදීප් සිං නමැත්තා හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවය.

එහිදී මෙම කාන්තාව මියගිය පුද්ගලයා වෙනුවෙන් හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඇති අතර, එම හැඳුනුම්පත ව්‍යාජ ලෙස සකස් කර තිබීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි ද එම වාර්තා පෙන්වා දෙයි.

මෙම මරණ සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියකට ආදළව කාන්තාවන් දෙදෙනකු සහ පිරිමියකු කොයිම්බතූර් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 3 වැනිදා බව ද එම පුවත් වෙබ් අඩවි සඳහන් කර ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වන්නේ ශ්‍රී ලාංකික කාන්තාවක වන 27 හැවිරිදි අමානි තාන්ජි, ඉන්දියාවේ මදුරෙයි පදිංචි 36 හැවිරිදි සිවකාමී සුන්දරී සහ ඉන්දීය තිරුප්පූර් හි පදිංචි තිස් දෙහැවිරිදි එස්. ඩයනේශ්වරන් යන අය බව ද එම පුවත් වාර්තා සඳහන් කර තිබේ.

මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ අංගොඩ ලොක්කා විෂක් ශරීරගත වීමෙන් ඉන්දියාවේ දී ඝාතනය වී ඇති බවට මෙරට මාධ්‍ය වාර්තා කළේ ඉකුත් විසි දෙවැනිදාය.

අංගොඩ ලොක්කාගේ ඝාතනය පිටුපස ලංකාවෙන් එරටට ගිය ශ්‍රී ලාංකික රූපලාවන්‍ය ශිල්පිනියක සම්බන්ධ බවට එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

මෙම රූපලාවන්‍ය ශිල්පිනිය අංගොඩ ලොක්කා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔහුගේ අනියම් බිරිය ලෙස සිට ඇති බවත්, මෙරට සිට වරින් වර ඉන්දියාවට යමින් ඔහු හා සමග සම්බන්ධ වී ඇති බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි.

මෙම අමානි තාන්ජි නමැති කාන්තාව ඉකුත් 2017 වර්ෂයේ අංගොඩ ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ රත්තරන් නමැත්තාගේ බිරිය බවට ද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් වූ ඉන්දීය වාර්තා පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් සනාථ වන කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවය.

ඔහු විසින් මෙරට සිදුකර ඇති අපරාධ හේතුවෙන් අධිකරණය මගින් විභාග වන නඩු සම්බන්ධයෙන් ඔහු අවශ්‍ය කරන සැකකරුවකු බවත්, මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එසේම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදවලට අනුව මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී සොයා බැලීමට ද කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.



අදහස් (4)

අංගොඩ ලොක්කා මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

Raveendra Tuesday, 04 August 2020 07:47 AM

මුදල් යහමින් වියදම් කිරීමට හැකි නම් ඕනෑම කෙනෙකුට තම රුප කාය ප්ලාස්ටික් ශල්‍යකර්ම ක්‍රම මගින් සම්පුර්ණයෙන්ම කළ හැක යන කියමන අප කීදෙනෙකුට පිළිගත හැකිද?

:       0       79

රට වැසියා Tuesday, 04 August 2020 07:56 AM

පාතාල නායකයෙක්, අපරාධකාරයෙක් කුමන ආකාරයකින් හෝ මියගියා නම් සතුටු විය යුතුයි! - ඒත් ඉන්දියන් පොලිසිය විශ්වාස නොකරන්න, ඉන්දියන් පොලිසියේ ස්වභාවය සහ "පොලිස් ගේම්" වල ස්වභාවය බොහෝ හින්දි-දෙමල චිත්‍රපටි වලින් බලාගත හැක. ඉන්දියන් පොලිසියේ සේවය විදේශීකයින්ට ඉතාම අඩු මිලකට ලබාගත හැක!!!

:       0       86

Nihal Tuesday, 04 August 2020 08:29 AM

හොඳ උත්සාහයක්...

:       0       28

ravi79 Tuesday, 04 August 2020 08:53 AM

ලොක්කා ආපහු කොළඹ පැත්තේ ඉපදිලා කියලයි අපිට ආරංචි වුණේ. ‘‘ඉපිද මැරේ යළි ඉපිදේ‘‘

:       0       63

ඔබේ අදහස් එවන්න

දියත

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 134 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 379 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 7 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 431 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 44 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2593 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site