(දයාරත්න ඇඹෝගම)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (13)අනුරාධපුර ඓතිහාසික සිද්ධස්ථාන වැදපුදා ගනිමින් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය.
ඓතිහාසික රුවන්වැලි මහා සෑ රඳුන් වැදපුදා ගැනිමට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රථමයෙන් රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි බැහැදැකිමෙන් අනතුරුව රුවන්වැලි මහා සෑ රඳුන් වැදපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරතවිය.
අනතුරුව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි බැහැදැකිමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.
පසුව මිරිසවැටිය මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මිරිසවැටිය චෛත්‍යරාමාධිපති ඊතළවැටුණ වැවේ ඥානතිලක නාහිමි බැහැදකිමින් ආශිර්වාද ලබා ගත්තේය.
අනුරාධපුර ශ්‍රි සම්බුද්ධ ජනයන්ති මහා විහාරස්ථානයට ද පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි විහාරාධිපති උතුරු හා උතුරුමධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගනු ගත්තේය.
එහිදි සිද්ධස්තාන වෙත රැස්ව සිටි ජනතාව සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුහද කතාබහක නිරතවු අතර ජනතාව සමඟ ජායාරූප ගැනිමටද එක්විය.
මේ සඳහා අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා අමාත්‍යවරුන්වන එස්.එම් චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ.එච් නන්දසේන, කේ.පි.එස් කුමාරසිරි, උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම් රංජිත් සමරකෝන් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයින් හා විශාල පිරිසක් එක්ව සිටියහ.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අගමැති අ‘පුර සිද්ධස්ථාන වැඳපුදා ගනී
Nandalal DE SILVA - France Thursday, 13 August 2020 11:04 PM
දැන් ඔබගේ වයස අනුව, යන තැනකට යමක් හරිහම්බ කරගැනීම සඳහා පින්දහම් වැඩ කළාට කාගෙවත් විරුද්ධත්වයක් ඇතිවෙන්නේ නැහැ. ඔබේ වයසේම සිටින මගේ මාමා කෙනෙකුත් දැන් රට පුරාම වගේ වන්දනා ගමන් යනවා... නඩත් එක්කම... ඒත් එයා නම් රටේ අගමැති නොවන නිසා වන්දනාවේ යන්න එයාලාට ඕනෑතරම් වෙලාව තිබෙනවා. ඔබට ලක්ෂ ගණන් ජනතාව ඡන්දෙ දුන්නේ... රටට වැඩක් කිරීමට පුළුවන් අගමැති කෙනෙක් ඕනෑ නිසා මිස, අහසින් ගොස් පින්දහම් කරන ඕනෑ වුණු නිසා නොවන බව සිහියේ තබාගන්න. ඔබ රැස්කරගන්නා පින් ඔබට මිස රටවැසියාට නොවන බව හොඳින් දන්නවා...
සෙනෙවිරත්න Friday, 14 August 2020 06:37 AM
මේ බොරු රඟපෑම්, මෙමගින් අසරණ බෞද්ධයින් රවටා තමන් හිතුමතේ බුදුන්ගේ ප්‍රතිපත්තියෙන් බැහැරව කටයුතු කිරීම මේ අයගේ සිරිතයි. මේ බොරුව කවදා ජනතාව අවබෝධ කරගනීවිද? බුදුන් කල සිටි ලාභ ප්‍රයෝජන තකා සිටි සඟුන් හා මෙම හිමිවරු අතර වෙනසක් තිබේද? මෙම සඟුන් පිරිත් නූල් බැඳ දෙන ඔවදන් පිළිගන්නවාද?