IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


අගමැති ජනපති කොමිසමෙන් පිටව යයි

( තිළිණි ද සිල්වා )

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාළව පැය එකහමාරකට ආසන්න කාලයක් දෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කොමිසමෙන් පිටව ගියේය.

අද (23) පෙරවරු 10.30ට අග‍්‍රාමාත්‍යවරයා  ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුරේෂා ද සිල්වා මහත්මිය සහ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි කොමසාරිස්වරුන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දීමෙන් පසුව මධ්‍යහ්න 12.15ට පමණ කොමිසමෙන් පිටව ගියේය.

අග‍්‍රාමාත්‍යවරයා මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඞී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු වී තිබූ පැමිණිල්ලකට අදාළව අග‍්‍රමාත්‍යවරයා ඉකුත් සැප්තැම්බර් 16 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටිමින්  සාක්කි ලබා දුන්නේය.

අග‍්‍රමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා සහ නීතීඥ දිනේෂ් විදානපතිරණ යන මහත්වරු අද දින කොමිසමේ පෙනී සිටියහ.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගණයක වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව සාක්කි ලබා ගැනීම සඳහා ඉකුත් 18 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් කොමිසම අග‍්‍රාමාත්‍යවරයාට නිකුත් කළ අතර එදින් තමාට පෙනී සිටිය නොහැකි බැවින් ලබන නොවැම්බර් 16 පසු දිනයක් තමන්ට ලබා දෙන ලෙස අගමැතිවරයා මීට පෙර අගමැති ලේකම් මගින් කොමිසමට දැනුම් දී තිබිණි.

නමුත් තමන්ට අද (23) කොමිසම හමුවේ පෙනී සිටිය හැකි බව අග‍්‍රමාත්‍යවරයා යළිත් කොමිසමට දැනුම් දී ඇති අතර ඒ අනුව අගමැතිවරයා කොමිසම හමුවේ පෙනී සිටියේය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 



අදහස් (20)

අගමැති ජනපති කොමිසමෙන් පිටව යයි

සේන Wednesday, 23 October 2019 08:07 AM

පළාලි වී වගා කරලා මත්තල ගබඩා කරමු.

:       120       312

NishanWednesday, 23 October 2019 08:55 AM

ඕක උනේ මෙහෙමයි. හම්බන්තොට වී ගබඩා පහසුකම් අඩුවීමක් නිසා ප්‍රයෝජනයට නොගන්නා හැන්ගර් දෙකක් පාවිච්චි කළා තාවකාලිකව වී ගබඩා කරන්න. පාඩු සිද්ධවෙන්න නම් ගුවන්යානා නවත්වා තියෙන්න ඕනේ. අපි හැමෝම දන්නවා මත්තල කියන්නේ ගුවන්යානා එන්නේ නැති පාලුවට ගිය ගුවන්තොටුපොළක්. අධික මිලක් ගෙවලා පුද්ගලික ගබඩා පහසුකම් කුලියට ගන්නවට වඩා පාවිච්චියට නොගන්නා හැන්ගර් දෙකක් ඒ වැඩේට යොදා ගැනීම වරදක් වෙන්නේ කොහොමද? අනික ඕක කරපු ඇමතිලා දැන් ඉන්නේ පොහොට්ටුවේ. එයාලවයි කොමිසමට ගෙන්වන්න තිබුනේ.

:       480       443

kapWednesday, 23 October 2019 09:22 AM

මෝඩයන්ට තේරුම් කර දීමෙන් පලක් නැත. වෙලාව නාස්ති නොකර ඔබතුම වෙන වැදගත් වැඩක් කර ගන්න. වැඩියෙන් සද්දේ දාන්නේ ගුවන් තොටුපලක් තියා ඒකට යන පාරක්වත් නොදුටු උදවියයි.

:       144       83

Lakmal Wednesday, 23 October 2019 10:32 AM

ගුවන් තොටුපලේ ගබඩා කියන්නේ ඔයා හිතන විදිහේ ගබඩා නෙවෙයි. ඒවා නවීන තාක්ෂණ උපකරණ තියෙනවා . වී ගබඩාවලට පාවිච්චි කළාම ඒවාට හානි වෙනවා

:       1       0

sena Wednesday, 23 October 2019 08:08 AM

මම හිතන්නේ බලයේ සිටින අගමැතිවරයෙක් කිසියම් කොමිසමක සාක්ෂි දීපු අවසාන අවස්ථාව මෙය විය හැකියි.

:       46       182

saliyaWednesday, 23 October 2019 08:42 AM

පොලිස්පති, ආරක්ෂක ලේකම් හිරේ ඉන්නෙත් පළවෙනි වතාවට තමයි.

:       0       90

sandyaWednesday, 23 October 2019 08:44 AM

වේදිකාවේ මොනවා කිව්වත් රට පාලනයේදී මේවගේ මෝඩ වැඩ කවුරුවත් කරලා නැතිව ඇති.

:       86       205

NishanWednesday, 23 October 2019 09:51 AM

ඔව් එ්ක ඇත්ත. පොහොට්ටුවේ අගමැති කෙනෙක් නම් හිටියේ කොමිසමේ අයගේ ගෙවල් වලට අද රෑට සුදු වෑන් එනවා.

:       0       1

isuru Wednesday, 23 October 2019 08:35 AM

ඒකට ප්ලේන් එන්නේ නැත්තම් වී දැම්මම මොනවා වෙනවද?

:       277       318

nimalWednesday, 23 October 2019 09:11 AM

ප්ලේන් එන්නේ නැත්නම් කටුනායක තියෙන ගුවන් කදවුරෙන් බාගයක් ගිහින් එතන දමන්න තිබුනා. කටුනායකට ඉඩ මැදිවෙලා ඉන්නේ.

:       43       72

Sujeewa Viraj Wednesday, 23 October 2019 08:40 AM

ආදර්ශමත් අගමැති.

:       564       344

sunil milanoWednesday, 23 October 2019 09:45 AM

ගුවන් තොටුපලක වී ගබඩා කිරීම හොඳයි කියන අය දැක්කේ අදයි. වැස්සකටවත් පාසලකට ගොඩවෙලා නැති හැඩයි.

:       17       52

JAGATH Wednesday, 23 October 2019 08:56 AM

ප්ලේන් එන්නැති ඕකට මොනවා දැම්මම මොකෝ ?

:       213       97

KAMAL Wednesday, 23 October 2019 08:57 AM

අර කොළඹ කුණු කන්ද ඕකට දැම්මනම් ඉවරයි වී හොද වැඩියි.

:       439       303

THARIDU Wednesday, 23 October 2019 08:59 AM

රාජපක්ෂලාගේ විහිලු වැඩ.

:       379       254

thenuwara Wednesday, 23 October 2019 09:32 AM

ඕකා හැදුවේ ප්ලේන් ගෙන්න නොවේ. ලොකු කොමිස් කුට්ටියක් ගන්න.

:       139       70

kema Wednesday, 23 October 2019 09:34 AM

ඕකට දාපු වී පැත්තකට දාලා ගත්ත කොමිස් ගැන හොයන්න.

:       163       28

saman Wednesday, 23 October 2019 09:35 AM

රථමයෙන් හොයන්න ගත්ත කොමිස් මුදල්.

:       173       34

sagara Wednesday, 23 October 2019 10:27 AM

මෙතන සිද්ධ වුණේ රාජපක්ෂ පවුල කෙරෙහි වෛරය පිරිමසීමක් විණා අන් කවරක්වත් නොවේ. හම්බන්තොට ගිගින් මැතිවරණ ප්‍රචාරයේදී දීපු පොරොන්දුවක් විතරයි. නැතුව වෙන ගබඩා පහසුකම් නැතුව නෙමෙයි. වායු සමීකරණ පද්ධති ඇතුළු වටිනා උපකරණවලට කරපු හානිය ඇති විශාලයි . මුන් ටික කොනක ඉඳල නඩු අහල වන්දි අය කරගෙන හිරේ යැවිය යුතුමයි

:       1       1

Adiri Wednesday, 23 October 2019 11:23 AM

මහා බැංකු කොල්ලේ ගැන නඩු දාන්නේ නැත්තේ ඇයි ?

:       4       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක්
2024 දෙසැම්බර් මස 26 247 0

රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් සිඟිත්තිය මරුට
2024 දෙසැම්බර් මස 26 183 0

යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අ‍ැගේ මව, පි


අඩු ආදායම් ලාභීන්ට නිවාස දෙන්න චීනයෙන් කෝටි 2,200ක්
2024 දෙසැම්බර් මස 26 210 0

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්‍රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝ


’’බැංකුව අයකරන බද්ද නැවත දෙන ක්‍රමයක් නෑ’’
2024 දෙසැම්බර් මස 26 1016 0

අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්‍


ශ්‍රී ලංකාවේ හැඩය ගත් නිල් මැණිකක්
2024 දෙසැම්බර් මස 26 927 0

ශ්‍රී ලංකාව හැඩය ඇති දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල මැණික් ව්‍යාපාරිකයෙක් අද( 26) පැවසුවේය.


රූපවාහිනියේ අලුත් සභාපති වැඩ බාර ගනී
2024 දෙසැම්බර් මස 26 1357 0

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා මහතා අද (26) පෙරවරුවේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී තනතුරේ රාජකාරී ආරම්භ කළේය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 113 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 109 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site