IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අගමැති රනිල් ඇතුළු එජාප නායකයන්ගෙන් ඒකමතික තීරණයක්

(නිමල කොඩිතුවක්ක
 
ශ්‍රී ලංකාවට  හඳුන්වාදෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වත්මන්  ව්‍යවස්ථාවේ නමවැනි වගන්තිය ලෙස ඇතුළත් කර තිබෙන බෞද්ධාගමට  ප‍්‍රමුඛස්ථානය හිමිවන බවට සදහන් පර්ච්ජේදයේ  කිසිදු වෙනසක් නොකිරිමට අග‍්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ  එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ  ඒකමතිකව  තීරණය කර සිටිති.

ඊට අමතරව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන හැදින්වීම සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනෙන්ම නිකුත් කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් සඳහා පැහැදිලිවම ඇතුළත් කිරීමට ද  අග‍්‍රාමාත්‍ය රනිල්  වික‍්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණේ  නායකයෝ  තීරණය කරනු ලැබූහ.

අග‍්‍රාමාත්‍ය රනිල්  වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ  හවුල්කාර පක්ෂ නායකයින් අතර කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවෙන්  පසුව  මෙම තීරණ ගෙන තිබේ.

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ  ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග මුලින්ම සාකච්ඡා ඇරඹීමට  රජය අදහස් කර සිටී.



අදහස් (29)

අගමැති රනිල් ඇතුළු එජාප නායකයන්ගෙන් ඒකමතික තීරණයක්

krishantha Monday, 31 December 2018 11:28 AM

ඉතා හොඳයි. හදපු පිරිස සමගම මුලින් සාකච්ඡා කරන්න.

:       67       15

sena Monday, 31 December 2018 11:43 AM

නොබෙදිය හැකි ඒකීය රාජ්‍යයක් කියලා නේද කලින් කිව්වේ?

:       71       41

Janath Monday, 31 December 2018 11:44 AM

ශේප් එකයි පාරයි දෙකම ඕනේ නැහැ... ඔක්කෝටම ඉස්සෙල්ලා කියන්නකෝ මොනවද අලුතෙන් ඇතුළත් කරන්න යන්නේ සහ තියෙන ව්‍යවස්ථාවේ කරන වෙනස්කම් මොනවද කියලා...

:       29       409

Bamunuarachchi Monday, 31 December 2018 01:04 PM

හලෝ කාවද මේ ගොනාට අන්දන්නේ? අපි එජාපයෝ නොවෙයි ඔය අංතට්ටුව දාගන්න. 75% සිටින බුද්ධාගමට හිමිතැන නැතිකිරීමට කොහොමත් ඔබට බැරිය. සුළු ආගම් බුද්ධාගමට හිමි ස්ථානයට ගෙනාවොත් බුද්ධාගමට හිමි තැන මොකක්ද හලෝ? ඔය වැදිබණ එජාපයින්ටම කියන්න.

:       537       2665

pjMonday, 31 December 2018 05:59 PM

මොනවද මේ දොඩවන්නේ....................

:       0       0

BamunuarachchiWednesday, 02 January 2019 02:30 PM

එජාපයෙකුට තද වෙලා වගෙයි...

:       21       0

Bamunuarachchi Monday, 31 December 2018 01:11 PM

හලෝ ඔය ව්‍යවස්ථා සංශෝධනයෙන් රකින්න හදන්නේ බුද්ධාගම විතරක්ද? එතකොට ලංකාවේ පොලිස් බලතල ඉඩම් බලතල සුළු ජාතීන්ට බෙදීයාම, සිංහලයා "ශ්‍රී ලාංකික" කියා දියාරු වීම, රට ෆෙඩරල් වීම, ඔබවැනි දේශපාලකයෙකුට අසීමිත බලයක් ලැබීම, ඒගැන මොනවාද කියන්නේ?

:       1       542

Bamunuarachchi Monday, 31 December 2018 01:18 PM

එජාප නායකයින් කැමති වුණා කියන්නේ රටේ ජනතාව කැමැති වුනා කියන එක නොවේ. එජාප කාරයෝ ඉන්නවාද නිදහස් අදහස් ප්‍රකාශ කරනවුන්? සද්දෙන් ඡන්දෙන් විමසනවා නම් කටින් සද්දේ දායි.

:       20       548

BamunuarachchiMonday, 31 December 2018 07:46 PM

කටින් විතරක් නොවෙයි තවත් සද්ද දාන්න පුළුවන් පැතිවලින් සද්දේ දාලා ඒවත් එකවුන්ට් කරාවි. අපි නොදන්න එජාපයෝ..

:       0       0

HemanthaTuesday, 01 January 2019 03:22 AM

දැන්වත් ඔය බමුණු මත අයින් කරන්න, ජාති, ආගම් බේද නැති සැමට සතුටින් ජීවත් වෙන පරිසරයක් හදන්න ඉඩ දෙන්න.

:       0       2

BamunuarachchiWednesday, 02 January 2019 02:38 PM

කකුළුවාත් වතුර උතුරන කම් සතුටින් ඉන්නවා. මේ වෙන්නයන විපත්ති ගැන අපි ඉගෙන ගත්තේ 1950 -1960 ගණන්වල පාසල් කාලයේ... අපේ ගුරුවරු අපිට කියා දුන්නා. දැන් අයට උගන්වන්නේ සංහිඳියාව. අන්තිමට තව අවුරුදු 100ක් යන්න කලින් සිංහලයාට මේ රට නැතිවෙනවා. එක සිකුරුයි. දැන් හැදෙන එවුන්ට රට ජාතිය ගැන හැඟීමක් නැති බව ලියන විදිහෙන්ම පෙනෙනවා...

:       0       4

Lal Monday, 31 December 2018 01:35 PM

බෞද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පෙන්නලා යටින් ලොකු ගේමක් ගහන්න වගේ ලෑස්තිය.

:       33       879

Rata Perata Monday, 31 December 2018 01:46 PM

රට බෙදනවා... බුදුදහමට ප්‍රමුඛත්වය නෑ කියලා බොරු ප්‍රචාර කරන අයට දැනගන්න මේ තීරණය ප්‍රකාශ කළ එක හොඳයි.

:       1283       156

Bamunuarachchi Saturday, 05 January 2019 08:13 AM

අනේ ඔහේගේ මොලේ! දාන්න ජාඇලට. නුඹව පහළට දමන්නේ නැහැ කියලා පහළ ඉන්න එකා නුඹ ඉන්න තත්වයට ගෙනාවාම නුඹ පල්ලෙහාට දැම්මා වගේ නේද? එජාප කාරයින්ට ඕක නොතේරෙන බව රනිල් දන්නවා.

:       0       0

Bamunuarachchi Saturday, 05 January 2019 08:26 AM

අනේ ඔහේගේ මොලේ! දාන්න ජා ඇලට. එජාප කාරයින්ට ඕක නොතේරෙන බව රනිල් දන්නවා.

:       0       0

Raveendra Monday, 31 December 2018 02:54 PM

සුත්තර පුංචාව සත පහකට විශ්වාස කළ නොහැක. ස්ථිර වශයෙන්ම මෙහි අප රටට හානිකරන සැගවුණු වාක්‍යයන් අතොරක් ඇති බවනම් කිව හැක. මොකද මේ බෝබිලා දකුණට හැරෙනවා කිව්වොත් වමට හැරෙනවාමයි. බටහිරෙන් කිව්වොත් නානතුවාය ඇඳගෙන ගෝල්ෆේස් එකේ ඔලුවෙන් හිටගෙන ඉඳපන් කියලා අනිවාර්යෙන්ම ඔලුවෙන් හිටගන්නවාමයි තුවාය ඇඳගෙන..එතරම් බටහිර ගැත්තෙකි.

:       0       1141

chandimaTuesday, 01 January 2019 01:32 AM

රවින්ද්‍ර මලේ, තුවාය ඇඳගෙන ඔලුවෙන් හිටගත්තට දකින්න දෙයක් මෙයාගේ නැහැ.

:       0       0

chandima Monday, 31 December 2018 04:07 PM

බොරු නම් කියන්න එපා අපිව රවට්ටන්න. එජාපයේ කොහෙද රනිල් ඇතුළු නායකයෝ ඉන්නේ? එ්ක වන් මෑන් ෂෝ පක්ෂයක්නේ? ඔය නායකයෝ කියන හැමෝම පත් කරන්නේ අර එකම නායකයා විසින්. එය කියන හැම එකටම එහෙයි නොකියන අය ඒ පුටුවලට ගන්නේ නැහැ. අන්තිමේ අර එයාලගෙම කට්ටියට අපේ ඡන්දෙ අරන් ජනතා නියෝජිතයෝ කියනවා වගේ, එයාටම කැමති කට්ටිය දාගෙන අත උස්සවාගෙන සියලුම නායකයන්ගේ එ්ක වෙච්චදෙන් කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නෙත් ඒ ගොල්ලෝ, ඒ ගැන මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ පාර්ලිමේන්තුවේ අඩුම ඡන්ද ගානක් ගත්තු පක්ෂ එක්කළා... ජනතාව කැලේ...

:       30       317

chamath Monday, 31 December 2018 04:19 PM

රට පෙරට කියලා ලියනවා කෙනෙක්... කව්ද ඒ?

:       0       108

BamunuarachchiMonday, 31 December 2018 07:41 PM

ආපසු හැරිලා හැරිලා ඉස්සරහට යන කෙනෙක්...

:       0       0

Bandara Monday, 31 December 2018 06:36 PM

තවත් රනිල්ගේ ගැටයක් විතරයි.

:       0       0

nihal Monday, 31 December 2018 07:45 PM

සූත්තර පුංචා හෙවත් පුටුව ඉදිරියේ කරකැවෙන මෝඩ චූන්...

:       0       0

janatha anura Monday, 31 December 2018 10:24 PM

මේකට ඇත උස්සන අය ගම රටට වැද්දා නොගැනීමට බහුතර ජනතාව වග බලාගනු ඇත....

:       0       0

Amila Peiris Tuesday, 01 January 2019 03:51 AM

දෙමළ සංධානය යනු හිටපු ත්‍රස්තවාදී කණ්ඩායමේ දේශපාලන අංශයයි, විවිධ ක්‍රමවලින් කැරකිලා ආවත් නිජබිම් සංකල්පය ලැබෙන වැඩපිළිවලක් තමයි අවසානයට ලැබෙන්නේ... යුධමය වශයෙන් කරගැනීමට නොහැකි වූ නිජබිම් සංකල්පය ඉතාම පහසුවෙන් ඉතා සූක්ෂම ලෙස ක්‍රීඩා කරන ආසියාවේ සුපිරි මොලකරු හරහා ලැබෙනු ඇත. වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නොගැලපෙන අය දකුණු ඉන්දියාවට පිටුවහල් කරන ජාතියේ නිර්භීත නායකත්වයක් රටට නොමැතිවීම කණගාටුවකි..

:       0       0

Nuwan Tuesday, 01 January 2019 04:29 AM

කියපු තරම් වැඩ නැහැනේ.. 7 ගැලවුණොත් ආයිත් සුනාමිනේ...

:       0       0

Saman Tuesday, 01 January 2019 04:31 AM

නව වසරේ. 30 දෙනාට නම් සැප. අනික් අයට කොටන්... ජයවේවා !!!

:       0       1

Nadika Tuesday, 01 January 2019 04:36 AM

මේ සැරේ කොයි පාරේ යන්නේ..... ගෙදර යන්න වෙනවා ජනතා කැමැත්ත විමසුවොත් සුනේ සුන්...

:       0       0

Newel Tuesday, 01 January 2019 08:40 AM

හරක් ටිකට පුන්නක්කු ගෙන්වන්න.

:       0       0

sampath Thursday, 03 January 2019 10:41 AM

ව්‍යවස්තාවක් හදනවා නම් මුලින්ම ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න ඕනේ... ව්‍යවස්ථාවේ නම් එ්ක දැන් තියෙන එකේ නැහැ. ඒ වගේම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ශක්තිමත් වෙන්නත් ඕනේ... ආර්ථික නිදහස ඇතුළත් වෙන්නත් ඕනේ. උඩරට ගිවිසුමේත් ඔය බුද්ධාගමට ප්‍රමුඛ තැන දෙනවා කියලා.. ඩොඉලි සිංහලයා ගොනාට ඇන්දුවා... කෙසේවෙතත් ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් ඕනේ නැහැ. 78 මුල් ව්‍යවස්ථාව සංශෝධන ඉවත් කරලා ක්‍රියාත්මක කිරීම ඉතා සුදුසු අලුත් ව්‍යවථාවක් ඕනේ නම් එයට ජනමත විචාරණයක් තිබිය යුතුයි. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් හදලා බලය රැක ගැනීමේ සහ බටහිර රටවල වුවමනා එපාකම් ඉටු කිරීමේ මර උගුලක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 121 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 167 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 107 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 160 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 183 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 452 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site