( තිලකරත්න දිසානායක)
තහනමකට ලක් කොට ඇති අංගම්පොර සටන් කලාව කැබිනට් පත්‍රිකාවක් මගින් ඉවත්කොට මෙම වසර තුල ගැසට් කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ජාතික ක්‍රීඩා සතිය නිමිත්තෙන් පිළිකුත්තුව පුරාණ රජමහා විහාරස්ථාන භූමියේදී පැවැති අංගම්පොර සටන් කලාව පිළිබඳ ප්‍රදර්ශනාත්මක සටන් සංදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එසේ කීය.
කොරතොට පරපුරේ අංගම්පොර සටන් ශිල්පී අජන්ත මහන්ත ආරච්චි ඇදුරාණන් ශිල්පය ලබාදී ඇති ශ්රී ලංකා ගුවන් හමුදා අංගම්පොර සටන් ශිල්පී කණ්ඩායම විසින් මෙම සංදර්ශන ඉදිරිපත් කළහ.
මෙහිදී අජන්ත මහන්ත ආරච්චි ඇදුරාණන් අදහස් දක්වමින්, සුදු අධිරාජ්‍යවාදීන් අංගම්පොර සටන් ක්‍රමයට බියව වර්ෂ 1815 ඔක්තෝම්බර් මස 5 වෙනි දින මෙම සටන් ක්‍රමය ශ්‍රී ලංකාව තුල තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇති බවත් එය ඉවත් කිරීමට මෙතෙක් කිසිදු රජයකින් පියවර නොගෙන ඇති බැවින් එම තහනම ඉවත් කර දෙන ලෙසට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසීය.
" අංගම්පොර සටන් කලාව පිළිබඳව අද ඊයේ නොව , බටහිර අධිරාජ්‍යවාදී සමයේදී තහනමක් සිදු කර තිබෙනව.මේ සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යනයක් කරගෙන යනව. අපි ඉතාමත් ඉක්මනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරල , ගැසට් මගින් එය ඉවත් කිරීමට කටයුතු කරනව. මෙය අනිවාර්යයෙන්ම මෙම වසර තුල ඉටු කිරීමට කටයුතු කරනව."
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘‘අංගම් පොර සටන් කලාව නීත්‍යානුකූල කරනවා‘‘
Prase Saturday, 31 July 2021 08:04 PM
අද මිනිස්සුන්ට ජීවත් වෙන්න රස්සාවක් ඕනේ .ඔයිට වඩා හොඳයි වට්ටක්කා චිප්ස් හදන කර්මාන්තයක් පටන් ගන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා නම්
මුණසිංහ Saturday, 31 July 2021 08:58 PM
ඉතා හොඳ වැඩක්... ඒ වගේම පුහුණු කිරීමටත් වැඩ සටහනක් තිබිය යුතුයි...
Pradeep Saturday, 31 July 2021 09:29 PM
දැන් ඔය ඉන්නවයි කියන සටන් පරපුරුවල කවුරුත් එලියට ආවේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ දඩුබස්නාමානය ටෙලි නාට්‍ය විකාශනය වුනාට පස්සෙයි. ඊට කලින් අංගම්පොර ගැන කිසිම හෝඩුවාවක් තිබුනේ නෑ මම දන්න විදියට.
lanka Saturday, 31 July 2021 09:35 PM
ලංකාව වැනි බහුතරයක් නුගතුන් සිටින රටක, අංගම්පොර සටන් කලාව ප්‍රවර්ධනය කිරීමෙන් මැරයින් බිහිවිය හැක.
Sri Lanka Sunday, 01 August 2021 01:22 AM
සුද්දා තහනම් කරපු අපේ සියලුමදේ නැවත අපට දේවි කියලා හිතෙනවා.
Pathum Sunday, 01 August 2021 11:53 AM
රටට මේ වෙලාවේ අවශ්‍යම දෙයක් මෙයා කෙරුවොත් කරන්නේ හොඳ වැඩ.