IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


අ‍ගෝස්තු 4 වැනිදා සිට 7 දක්වා පාසල් නිවාඩු


(ඩයනා උදයංගනී)


සියලුම ශ්‍රේණිවල සිසුන්ට ද ලබන මස 10 වැනිදා සිට පාසල් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.


පාසල් ආරම්භ කළත් කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතු කරගෙන ලබන 10 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා මාස දෙකක කාලයක් සියලුම සිසුන් දිනපතා නොකැඳවා ශ්‍රේණි මට්ටමින් බෙදා පාසලට කැඳවීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.


සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 හෝ ඊට අඩු පාසල්වල පමණක් දරුවන් අතර මීටරයක පරතරය පවත්වාගත හැකි නම් සියලුම දරුවන් 10 වැනිදා සිට පාසලට කැඳවීමට අවසර දී තිබේ.


අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


මේ වන විට පෙර පාසල් ආරම්භ කිරීමට ද අවසර හිමි වී ඇති බැවින් අගෝස්තු 4 වැනිදා සිට දිවයිනේ සියලු පෙර පාසල් ද සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුව ආරම්භ වනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.


මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ සිසුන් 200 ට වැඩි ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල සතියේ දින පහේම පාසල් වෙත කැඳවිය හැක්කේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන සිසුන් එනම් 5, 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් පමණක් බවයි.


එම ශ්‍රේණිවලට අමතරව සඳුදා දිනයේ දී  1 හා 6 ශ්‍රේණියත්, අඟහරුවාදා දිනයේදී  2 හා 7 ශ්‍රේණියත්, බදාදා දිනයේදී  3 හා 8 ශ්‍රේණියත්, බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල 4 හා 9 ශ්‍රේණිත් පාසල් වෙත කැදවෙන බව ලේකම්වරයා සඳහන් කළේය.


ඒ අනුව 1,2,3,6,7 හා 8 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් පාසල් පැවැත්වෙන්නේ සතියට එක් දිනක් පමණක් වන අතර 4, 5 හා 9 ශ්‍රේණිවල සිසුන්ට සතියට දින දෙකක් පාසල් පැවැත්වේ.


1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල පැවැත්වෙන කාලය පෙර පරිදිම වන අතර 6,7,8 හා 9 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වාත්, 11, 12, 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වාත් පාසල් පැවැත්වෙන බව ද රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසීය.


පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු දෙනා 10 වැනිදා සිට සේවයට පැමිණිය යුතු අතර පස්වරු 1.30න් පසු ඉගැන්වීම් කාල සටහන් නොමැති ගුරුවරුන්ට 1.30 ට පාසලෙන් පිටව යා හැකි බව ද රාජ්‍ය ලේකම්වරයා කීවේය.


පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල්වල ආපනශාලා විවෘත නොකෙරෙන බව ද ඔහු පැවසීය.


ලබන 10 වැනිදා සිට පාසල් විවෘත කෙරෙන ආකාරය මෙසේය.



අදහස් (1)

අ‍ගෝස්තු 4 වැනිදා සිට 7 දක්වා පාසල් නිවාඩු

කිෂාන් - ගාල්ල Wednesday, 29 July 2020 01:33 PM

දැන්වත් ගමේ පුංචි පාසල් ටික නැවත ආරම්භ කරන්න. සමහර පාසල් වල එක පන්තියකට නාමලේඛන දෙක දෙක තියෙනවා. කොහොමද කෝවිඩ් රඟේ. කටවල් වැහෙන්නම දුන්නා නේද? පාසල් නම් පාසල් පමණි. පාසල් සංකීර්ණ දැන්වත් ඉවත් කරන්න. මේවා වෙනස් නොකර කවදාවත් අනාගතයේ දී මේවට මුහුණ දෙන්න බැහැ. පන්තියකට ළමයි සීමා කරන්න. නැත්නම් කෝවිඩ් ඩබල් වේවි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 2 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 28 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 61 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 101 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 894 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘
2025 මාර්තු මස 14 320 0

හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 508 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site