(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනිගෙන දැවුණු ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මීටර 500 ත් 600 ත් අතර බටහිර දෙසට ඇදගෙන යද්දී නැවේ පසුපස කොටස මුහුදු පතුලේ ගෑවීම නිසා නැව ගැඹුරු මුහුදට ඇදගෙන යෑම අත්හැර දැමු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවුහොත් එය වැලැක්වීමට නාවික හමුදාව සහ වරාය අධිකාරිය ඇතුළු කණ්ඩායම් කීපයක් සූදානමින් සිටින බවත් මෙම නෞකාව පිළිබඳව කටයුතු කිරීමට ඉන්දීය යාත්‍රා තුනක් ද සූදානමින් සිටින බවත් නාවික හමුදා මාධ්‍යප්‍රකාශකවරයා කියයි.
නෞකාවේ පිටු පස කොටසේ ජලය පිරීමෙන් මුහුදු පතුලේ වැදීමෙන් නෞකාව තව දුරටත් ඇදගෙන යෑමට නොහැකි තත්වයක් මතුවීමෙන් ගැඹූරු මුහුදට ඇදගෙන යෑම අත්හැරි බවත් ගිනිගැනීමෙන් දැඩි හානි සිදුවී තිබීම නිසා ඇදගෙන යෑම ආරම්භයේදීම අවිනිෂ්චිත තත්වයක් ඇතිවී තිබූ බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. නෞකාවෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් මේ වන විට මුහුදේ ගිලෙන තත්වයක් පෙන්නුම් කළේය. විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙතෙ) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද පෙරවරුවේ ආරම්භ කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා සහ ඉන්දීය නාවික හමුදාපතිවරයා නෞකාවේ සිද්ධිය පිළිබඳව අද පස්වරුවේ දුකථනයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ඉන්දීය නාවික හමුදාපතිවරයා ශ්‍රී ලංකාවට තව දුරටත් සහාය දැක්වීමට පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අඩක් ගිලුණු ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ මුහුදු පතුලේ සිරවේ
Rata Perata Wednesday, 02 June 2021 09:33 AM
තවත් නියෝගයක්... සෞභාග්‍යයේ රට..
nimalWednesday, 02 June 2021 01:41 PM
වර්තමාන රජය මෙන්ම අඩක් ගිලුණු ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නැවත් මුහුදු පතුලේ සිරවේ...
Chris Wednesday, 02 June 2021 09:57 AM
දැන් බලන්න ඕනේ අපේ රටට, අපේ පරිසරයට වගේම අගතියට පත්වුණු ධීවරයින්ට සාධාරණයක් කරන එක...
bandara Wednesday, 02 June 2021 10:08 AM
අපේ පාලකයින් අනාගන්නා අවස්ථා බොහෝය. නැව තුබුණු තැන තිබුනා නම් මුහුදට තෙල් කාන්දුවක් වන්නේ නැත. ඇතුලත තත්ත්වය නිරීක්ෂණය කිරීමට තිදෙනෙක් ඇතුළු වී අවශ්‍ය කාලය දියයුතුව තිබිණ. තෙල් තොගය තිබුනා නම් එම තෙල් වෙනත් නැවකට පොම්ප කරගැනීමට අවස්තාව තිබිණ. නැව ගැඹුරු මුහුදට ඇදීමට හදිසි වීම නිසා දැන් කරගතහැකි දෙයක් නැත. කොටසක් ගිලී ඇත්නම් තෙල් ගැනීම කල නොහැක. මුහුට තෙල් එකතු වුවහොත් වියහැකි පරිසර හානිය හිතාගත නොහැක. දැන් ඉන්දියාවෙන් සහය ඉල්ලා තිබුනත් ඒ සඳහා විශාල මුදලක් වියදම් කලයුතුය. ඒ මහජනයාගේ මුදල් ය. මේ රටේ පාලකයින් මේ බව නොදන්නවා වියහැක., අසරණ අපි වෙනදේ බලා සිටිමු.
dewaWednesday, 02 June 2021 12:21 PM
කට්ටිය ෆේල්..
සෙනෙවිරත්න Wednesday, 02 June 2021 10:29 AM
අයියෝ අයියෝ අපේ වගේ අවාසනාවන්ත රටක්, තීරන පසුව ගැනීමේ අනිසි ප්‍රතිපල , මේ නාඩගමේ අවසාන ප්‍රතිපලය කුමක්ද ? ජනාධිපති තුමා නැව අදින්න කියල පොලිටික්ස් තීරණ කතාවෙ තේරුම කුමක්ද? අපිට රටක් නැතිවෙනව, ඒ අයට යන්න තව රටවල් තිබෙනව.
siri Wednesday, 02 June 2021 10:53 AM
ඒකත් ඉතින් අනිත් සේරම වගේ අතර මඟදී හබක්. ඉස්සර එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරීයෙක් මේ වගේ වැඩ කටයුතු බාරව හිටියා කියලා කියනවා. දැන් කෝච්චියේ ගිහින් උපාධියක් ගත්තු කෙනෙක්ලු ඒ වැඩේ කරන්නේ. ඉතින් හිතාගන්න පුළුවන්නේ රටට වෙලාතියෙන අලකලංචිය..
chinthanaWednesday, 02 June 2021 12:13 PM
8 වත් පාස් නැති ඔය කියන මිනිහා කෝච්චියේ ගියේ උපාධිය ගැනීමට නොවෙයි, රුහුණු කුමාරි කෝච්චියේ යන ගැහැණුන්ගේ රත්තරන් මාල කඩාගන්න. එහෙම හොරෙකුට පුලුවන්ද මේ වගේ වැඩක් කරන්න. හැබැයි ඔය හොරා නැව අයිති කොම්පැනියෙන් ගානක් අරගෙන කියලාත් කතාවක් තියෙනවා.
samanWednesday, 02 June 2021 01:27 PM
ඒ වුණාට පළාතේ මිනිස්සු මනාප දීලා ඔය මනුස්සයාව පාර්ලිමේන්තුවට උස්සාගෙන ගෙනිහින් වාඩි කෙරෙව්වනේ... ඉතින් කාගේද වැරැද්ද...?
සෙනෙවිරත්න Wednesday, 02 June 2021 01:26 PM
එතුමා ශ්‍රී ලංකා නැව් සංස්ථාව පිහිටුවලා නැව් 07ක පමණ හිමිකාරිත්වය සහිත රටක් කරලා තිබුණා. අද ඒවා සේරම ඉවරයි. එතුමා එදා නාවික වරාය සහ වෙළඳ ඇමති, එතුමා මහපොල සංකල්පය අරඹලා ශිෂ්‍යත්ව ඇරඹුවා. අපි එදා එතුමාට දොස් කීවත් දැන් ඉන්න හාල් කෑලි එක්ක බලන කොට එතුමා රන් කඳක්...
සිරිබිරිස් Wednesday, 02 June 2021 10:53 AM
අයියෝ... මේ සර් නම් කරන්න යන හැම වැඩක්ම අනාගන්න එකමනේ.. අපිව අනාථම කරලා දාලා තමයි පස්ස බලන්නේ...
kamal Wednesday, 02 June 2021 11:09 AM
හා ... එහෙම කියලා කොහොමද? මේවා අපේ සර්ගේ ඕඩර්ස්... අදින්න. අදින්න.
genegoda Wednesday, 02 June 2021 11:28 AM
අපි අපේ රට වෙනස් කරගත යුතුයි. ‘‘මහදැන මුත්තගේ දූපත‘‘ කියන නම අපේ අදහසයි. අඩුමගානේ ‘‘රෝහිතගේ මුහුදු සීමාව‘‘ කියන්නත් පුළුවන්නේ... !!!
Nuwan Wednesday, 02 June 2021 12:26 PM
ෆේල් වෙනවා කියලා මෙහෙමත් ෆේල් වෙන්න මනුස්සයෙකුට පුළුවන්ද?
chandimaWednesday, 02 June 2021 02:23 PM
අපේ වස්සෙකුට නුවන් කියලා නමක් දාලා තිබුණා ආදරේට? ඒත් ඌට අකුරු කියන්න බැහැ.
amila Wednesday, 02 June 2021 01:05 PM
මේ තරම් වැඩඅනපු ආණ්ඩුවක් ඉතිහාසයේ නැහැ.
raheem Wednesday, 02 June 2021 01:09 PM
නැව ගිලුණත් බෑන් චූන්...!!!
Mal Wednesday, 02 June 2021 03:54 PM
නැවේ ගින්න නිවන්න කියලා උපදෙස් දුන්නා. නැව අළු වුණා. නැව මුහුද මැදට ඇදගෙන යන්න උපදෙස් දුන්නා. නැව ගිලුණා. මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට පත්කර යවන පොල් බූරුවන්ටයි තලන්න ඕනෑ.
දිලාන් Wednesday, 02 June 2021 08:52 PM
ඉතිං මේ උඩ කමෙන්ට් දාන වැඩකාරයින්ට කියලා නැව ඉන්දියාව පැත්තට තල්ලුවක් දාමුකෝ..!
banda Saturday, 05 June 2021 10:48 AM
නැවත පාඩුවේ සියල්ලම ගිනි ගන්න ඇරියා නම් අහවරයි නේද?