නාලක සංජීව දහනායක
ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා තමන් මුණගැසීමට තම නිවසට හා කාර්යාලයට පැමිණි බව ජාතික නිදහස් පෙරමුණේ නායක හා කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (17) පැවසීය.
එහෙත් එම අවස්ථාවලදී තමන් නිවසේ නොසිටි බැවින් ඔහු නිවස තුළට ගෙන නැතැයිද එහෙත් තමන් මුණගැසිය යුතු බව සඳහන් කරමින් ඔහු නිවස ඉදිරිපිට රැදී ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
එම ඉන්දීය ජාතිකයා ඉන්දීය රෝ ඔත්තුකරුවකු බවට මේවනවිට තොරතුරු අණාවරණය වී ඇති බවත් රාජේන්ද්‍ර කුමාර් යනුවෙන් ඔහු සංවිධානය තුළ හඳුන්වන බවත් ඔහුට ආර්.බී 317217/වී.ජේ දරණ අංකයෙන් යුතු හැඳුනුම්පතක් ද රෝ සංවිධානය නිකුත් කර තිබූ බවද කී මන්ත‍්‍රීවරයා කීය.
දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා බව පවසමින් 2015 ජනාධිපතිවරණයට පෙර ඔහු මෙරටට පැමිණ ඇතැයිද සඳහන් කළ මන්ත‍්‍රීවරයා රෝ ඔත්තු සේවයෙන් ලැබුණ මුදලින් ඔහු ලංකාවේ ජීවත් ව ඇති බවද වීරවංශ මන්ත‍්‍රීවරයා පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා විමල් හමුවෙන්නත් ගිහින්
chathuri Wednesday, 17 October 2018 12:23 PM
ඔබට කියලා පාස් පෝර්ට් එකක්... හදාගෙන නැවතී ඉන්න... රජයේ නිවසක් ලබාගන්න එන්න ඇති.... ඒවගේ දේවල් කරන්නේ හොරෙන්නේ...
රවින් Wednesday, 17 October 2018 12:30 PM
පිස්සන් කොහොමත් පිස්සන් කොටුතියන පැතිවල බහුලව දකින්න පුළුවන්...
saliya Wednesday, 17 October 2018 12:43 PM
ප්‍රභූ ලැයිස්තුවේ මෙතුමාගේ නමත් ඉහළින් තිබුණු බවක්ද මේ කියන්නේ?
rocky Wednesday, 17 October 2018 12:56 PM
හොර පාස්පෝර්ට් විශේෂඥයෙක් බව ඉන්දියාවටත් ආරංචි වෙලාද? බිස්නස් එක හොඳට යනවා වගෙයි!
erdi Wednesday, 17 October 2018 02:48 PM
ලොකු මිනිහෙක් නෙව හම්බවෙන්න ඇවිල්ල තියෙන්නේ. සමහරවිට ඉන්දියානුවන්ගේ බිස්නස් එකකටත් වෙන්න බැරි නැහැ... අනිත් අයත් බොරු කියමින් පුවත් මවන කාලේ මේයත් ටොම් පචයක්...
Amila Wednesday, 17 October 2018 02:58 PM
එක්කෝ පාස්පොර්ට් එකක් හදාගන්න අාවා වෙන්න ඇති... එහෙම නැත්තම් නෝනා බලන්න අාවද දන්නේ නෑ නේ...
Sayimon Thursday, 18 October 2018 12:33 AM
පාස්පෝට් ලංකාවේ ඉන්දීය කොමසාරිස් කාර්යාලයෙන් ගන්න පුලුවන්.............
සුරංග Wednesday, 17 October 2018 03:13 PM
ඉන්දියානුවෝ හරක් මස් කන්නෙ නෑනේ...
ShanThursday, 18 October 2018 06:15 AM
මසුරන් කියමන.
buddika Wednesday, 17 October 2018 07:03 PM
ගෙවල් පැත්තේ කරක් ගහනවා කියන්නේ ඉතින් ම්ම්ම් හිතන්න දේකුත් නැත්තේම නැහැ