IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අත්අඩංගුවට ගත් රක්ෂණ සංස්ථාවේ රහස්‍ය ලේකම්වරියට ඇප

(නිමන්ති රණසිංහ)

ජාතික ආරක්ෂාව සහ මහජන සාමය කඩවන අයුරින් ආන්දෝලනාත්මක ලිපියක් සමාජ මාධ්‍ය ඡාලා මගින් ප‍්‍රචාරය වීමට සැලැස්වීයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රහස්‍ය ලේකම්වරියක රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ නිල්මිණී පෙරේරා නැමැති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරකුගේ රහස්‍ය ලේකම්වරියකි.

අයි එස් අයි එස් ත‍්‍රස්තවාදීන් විසින් ආර්ථික මර්මස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් යම් විනාශකාරී කි‍්‍රයාවක් කිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි අංශ නියෝජිතයින් පැමිණ දන්වා ඇතැයි සදහන් කරමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස ලූතිනන් කර්නල් පි‍්‍රමාල් රුද්‍රිගු මහතාගේ අත්සනින් යුතු 2020. 05. 18 ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබිණී.
 



අදහස් (2)

අත්අඩංගුවට ගත් රක්ෂණ සංස්ථාවේ රහස්‍ය ලේකම්වරියට ඇප

ඉන්දික Friday, 22 May 2020 10:03 AM

මේ වගේ අයව ඇප නැතිව දාන්න ඕනෙ ඇතුළට, එතකොට අනිත් එවුනුත් හැදිලා එයි...

:       4       175

සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 May 2020 11:49 AM

අද මේ සමාජ මාධ්‍ය මිනිසාගේ ජනජීවිතය මහා අවුලක් බවට පත් කරලා. නූගතුන් උගතුන්ගේ කාර්ය භාරය ඉටුකිරීමට වෙර දරන හැටි පුදුමයි. මෙහි බොහෝ දෙනා නොදන්නා දෙයක් නැත. සියල්ලම දත්තන්ය. තම මතයම ඒත්තු ගැන්වීමට නොයෙකුත් සටකපටකම් කරනු පෙනේ. මේවායින් ජනහදවත් කැලඹී විශාල සමාජ පරිහානීන් සිදුවේ. පුදුමය කියන්නේ පවතින හා පැවැති රජයන් මීට හරිහැටි දඬුවම් ලබා නොදීමයි. මේවායෙහි සිටින්නන්ගේ ජීවදත්ත ලබාගෙන ඔවුන් කිසියම් නීති රාමුවකට ගෙන ආ යුතුය. ගාල කඩාගෙන දුවන මීගවරෑනක් සේ ඔවුන්හට හඬ තලමින් දසත දිවීමට ඉඩ නොදිය යුතුයි. රටකට නීතියක් තිබිය යුතුයි. මෙවන් මාධ්‍යවල හොඳ අය සිටිති. එහෙත්, වැඩිපුර සිටිනුයේ රට වනසන්නන්ය...

:       142       323

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 92 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 60 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 85 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 305 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 468 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site