(හර්ෂණ තුෂාර සිල්වා)
කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී කේ ඒ ජේ කුඩිතුවක්කු මහතා පොලිස් අධිකාරී නිලයට උසස් කිරීම සඳහා අද (29) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දුන් බව පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
2016 ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරී නිලයට උසස්වීම ලබා දී ඇතැයි ද කොමිසම සඳහන් කරයි.
සහකාර පොලිස් අධිකාරී කේ ඒ ජේ කොඩිතුවක්කු මහතා පොලිස් අධිකාරී නිලයට පත් නොකිරීම සම්බන්ධයෙන් ඒ මහතා පොලිස්පතිවරයාට හා ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් කර තිබුණු බවත්, එය සැලකිල්ලට ගනිමින් ඒ මහතා පොලිස් අධිකාරී නිලයට උසස් කිරීම පොලිස්පතිවරයා අනුමත කර නීතිය හා සාමය අමාත්‍යංශය හරහා ජාතික පොලිස් කොමිෂන් සභාවට එවා තිබුණු බවත් පොලිසිය පවසයි.
ඒ අනුව අද (29) රැස්වූ ජාතික පොලිස් කොමිසම එම උසස්වීම අනුමත කර තිබේ.
කොළඹ පොලිස් මූලස්ථානයේ පාතාල මර්දන ඒකකයේ ස්ථානාධිපති ලෙස මෙන්ම පොලිස් ස්ථාන ගණනාවක ස්ථානාධිපති ලෙස සේවය කර ඇති ඒ මහතා මතුගම, ගම්පහ, ත්‍රිකුණාමලය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලට අනියුක්තව සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කටයුතු කර තිබෙන බවත්, පාතල මර්දන රාජකාරියේ යෙදී සිටිය දී ඒ මහතා වෙඩි ප්‍රහාරයකලට ලක්වූ අවස්ථාවක්ද තිබෙන බවත් පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අතීතයටත් බලපාන පරිදි සහකාර පොලිස් අධිකාරීට උසස්වීමක්