IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


‘අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න සියලුදෙනාගේ සහය ඕනෑ‘‘

(යොහාන් භාසුර)

මුදල් අමාත්‍යවරයා ලෙස මූලික ඉලක්කය හාල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම බවත් එයට සියලු දෙනාගේ සහයෝග අවශ්‍ය යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

හාල් කිලෝවත් මිලදී ගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් බඩගින්නෙ සිටින අතරම තුන්වේලම කන්න නැතිව ඉන්න පිරිස රජයට ඡන්දෙ දුන් බව කී අමාත්‍යවරයා කන්න නැතුව අපහසුතාවට පත්ව සිටින පිරිසට පළමුවෙන්ම කන්න දියයුතු යැයි සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සතුව තිබෙන ඩොලර් කෝටි 400 (බිලියන 4) සංචිතය නිවැරදිව කළමනාකරණයෙන් ආර්ථික අර්බුදය විසදාගත හැකි මෙන්ම යුද්ධය පැවැති අවස්ථාවේදී ද රට සතුව පැවැතියේ ඩොලර් කෝටි 120 ක් (බිලියන 1.2) බව කී අමාත්‍යවරයා ඩොලරයේ මිල ඉහළ යෑමට බොරු ප්‍රචාර බලපා ඇති බවත් කීය



අදහස් (29)

‘අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න සියලුදෙනාගේ සහය ඕනෑ‘‘

දිසා........ගම්පහ. Sunday, 18 July 2021 04:22 PM

අමාත්‍යතුමනි, සහල් මිල පවතින්නේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමක. පාලන මිලක් නියම කොට ඇති නමුත් සහල් මිල පාලනය කරනු ලබන්නේ ජාවාරමුන් කිහිප දෙනෙකු විසින්. මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ආහාර මිල දරාගත හැකි මට්ටමකට ගෙන ආ යුතුයි.

:       23       43

මරාSunday, 18 July 2021 09:16 PM

අපේ සහයෝගේ ඔබලාට දීලා තියෙන්නේ, දැන් නුඹලගේ සහයෝගේ අපිට දෙන්න. අපිට පාරෙ බැහැලා යන්න ඕනේ...

:       0       25

දොලේවත්තMonday, 19 July 2021 09:30 AM

මෙවැනි ඉල්ලීම් කරන උන්ට ගහන්ඩ ඕන මඩු වලිගෙන්

:       0       1

Pradeepa Sunday, 18 July 2021 04:25 PM

විකාර කියවන්න එපා... ඔයාලගේ ඔය කටින්ම කිව්වේ බැසිල් විතරක් හිටියත් ඇති කියලා. දැන් වැඩ පෙන්වන්න බඩු මිල අඩුකරලා. අපිට ඕනේ බඩුමිල කළින් ආණුඩුව තිබුණු ගාණට...

:       41       204

ganegoda Sunday, 18 July 2021 04:49 PM

තවත් ඇමෙරිකා සවාරියෙන් ගෙනාව තුරුම්පුවක් වගේ...

:       0       105

ganegoda Sunday, 18 July 2021 04:51 PM

ඔය හැම එකක්ම අපිටම කරගන්න පුළුවන් නම්, ඔයාලා මොකටද?

:       0       113

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 18 July 2021 05:32 PM

ප්‍රථමයෙන්ම, ඉහළ දැමූ තෙල් මිල අඩුකරන්න. ඊට පස්සේ නිකන්ම බඩු මිල පහත වැටෙනවා. කෝ පොහොට්ටුවේ අය ලොකුවට සද්දෙ දාලා, වෙඩි පත්තුකරලා මොරදුන්නේ ඔබතුමා ආවම වැඩිකළ තෙල් මිල නැවත අඩුකරනවා කියා. ඒ සද්දේ හැටියට වැඩේ කෙරුනේ නැහැනේ...

:       0       126

fairoos Sunday, 18 July 2021 05:46 PM

අන්න වැඩ කාරයා ඇවිල්ලා... දැන් සර් පාස් වෙයි. ඊළඟ ඡන්දයට තවත් ආගම් ප්‍රශ්නයක් එළියට දායි.

:       9       123

BamunuarachchiMonday, 19 July 2021 08:24 AM

ආගම් ප්‍රශ්නය අපේ මෝඩ මිනිස්සු ගණන් ගත්තේ නැහැ. ඒ ප්‍රශ්නය මිනිස්සු නොදැන සිටි නිසා තමයි රටේ බුද්ධාගම නැතිවෙන තරමට හැම ටකරම් මඩුවක්ම ටික දවසකින් පල්ලිවෙන තත්වයට ලංකාව පත්වුණේ... දැන් අපි ඒ ගැන කතා කරනවා...

:       78       0

aruniMonday, 19 July 2021 04:25 PM

බුද්ධාගම නැතිවෙන්නේ දේශපාලුවන්ට කඩේ යන, මුසාවාදා කියන, නයි නටවන කහ ඇඳගත් සමහරක් චීවරධාරීන් නිසයි. ඒ අයව රටෙන් පන්නා දැමිය යුතුයි.

:       0       64

කොඩිකාර - තිස්සමහාරාම Sunday, 18 July 2021 05:56 PM

හලෝ බැසිල්, පව් නොදී , අපිටත් පව් කරගන්න ඉඩ නොදී , ගිය සැරේ වගේ ඔය අතට අහුවෙන මැණික් ටිකක් අරගෙන මෙහෙන් චුතවෙලා යන්නකෝ. ඔබගේ රටට ගිහින් එහෙ තියෙන කඩේ වැඩබලාගෙන ඉන්නවා. මේ ලස්සනට තිබුණු රට විනාශ කළාට රාජපක්ෂලාට හෙනම ගහන්න ඕනෑ.

:       39       444

BamunuarachchiMonday, 19 July 2021 08:26 AM

හලෝ බැසිල් පව් නොදී හම්බ රැළට ජෙප්පොත් එක්ක රට කරන්න ඉඩ දෙන්න. මේක හරි නේද?

:       54       0

jayampathi Sunday, 18 July 2021 06:04 PM

ඔය ඔක්කොම සිද්ද වුණේ අර ‘‘ග්‍රාමසේවක විකාර කරපු නිසා‘‘ මේ ස‍ැරේ අපි ඔහෙලව එළවලා දානවා විතරක් නෙමෙයි.. අර ග්‍රාමසේවකලා බැංකු හොරු වගේ අයටත් බලයට එන්න දෙන්නේ නැහැ. මේක සියයට 80කගේ ජනමතයක්. තීරණයක්...!

:       0       316

සෙනෙවිරත්න Sunday, 18 July 2021 11:10 PM

හොඳ සිහියෙන්ද ඉන්නේ...?

:       0       0

සෑම් Sunday, 18 July 2021 06:14 PM

ඒ කියන්නේ පුන්නක්කු මිල අඩු කරන්න වෙන්න ඇති..

:       0       164

Sena Sunday, 18 July 2021 06:21 PM

හොඳ වැඩකාරයෙක් කියලනේ ගෙනාවේ.. දැන් බලනකොට මුකුත් බැහැ වගේ..

:       0       78

WCA Sunday, 18 July 2021 06:56 PM

තෙල් මිල අඩු කරන්න බෑ. එ්ක මෙයාගේ කාලේ වැඩිකළා නම් මෙයා ඉවරයි. ඒක හින්දා ඒක ගම්මන්පිලගේ පිටින් ගිහින් මෙයා සුදනා වුණා...

:       0       107

nihal Sunday, 18 July 2021 07:02 PM

මොල 07ක් තියෙනවා කියලා කියපු කෙනාටත්... මොල 07 අයිති කෙනාටත්... විකාර වගේ පේන්නේ...

:       0       54

chithralMonday, 19 July 2021 04:27 PM

මොළ 7 තියෙන්නේ ඔලුවේ නොවෙයි.

:       0       4

Rohana Sunday, 18 July 2021 07:10 PM

බඩුමිල අඩුකරන්න බැසිල් විශ්වකර්මයෙක් නොවෙයි. ඉතිහාසයේ සැමදාම කවුරු බලයේ සිටියත් දකින්නට ඇත්තේ මිල වැඩිවීම පමණයි. නමුත් රජයේ සහනාධාර තුළින් මිල කෘතිමව පහත දැමිය හැකි වුවත් ඒවා තාවකාලිකයි. සහනාධාර දීමටත් මේ අවස්ථාවේ රජයට අරමුදල් නොමැත. ආණ්ඩුවේ අදූරදර්ශී මූල්‍ය කලමනාකරණය මේ තත්වය තවත් අයහපත් වීමට බලපා ඇතිබව පෙනේ.

:       19       91

ලලිත් එම්Monday, 19 July 2021 07:24 AM

අරමුදල් මහජනතාව කාලා දැම්මද?. අපි කවදාද සහන මිලට බඩු ගත්තේ. ලොව ධනවත් රටවලට සාපේක්ෂව අධික බදු බොහෝ දේවලට ගන්න රාජ්‍යයක් ලංකාව... රජයේ අසමත් බව සහ නාස්තිකාර වියදම...

:       0       23

Sri Lanka Sunday, 18 July 2021 08:59 PM

කළින් හිටපු මුදල් ඇමැති උපරිම වැඩිකළා. අලුත් මුදල් ඇමැති ටිකක් අඩුකරයි බැලන්ස් කරන්න. හැබැයි අපි ඔය සූත්තරයාට රැවටෙන්නේ නැහැ. කළින් හිටපු කෙනා අසමත් නම් ඉල්ලා අස්වෙන්න ඕනේ... ජයවේවා..!!!

:       0       15

විජේ Sunday, 18 July 2021 10:51 PM

එච්චරම ඕනෙ නෑ, ඔයා හම්බකරපුවගෙන් 10% ආය දුන්නනං සෑහෙන වෙනසක් කලෑකි, ඔයා 100%ම දුන්නොත් රටේ ප්‍රශ්න බාගයක් ඉවරයි, අයියලා, මල්ලිලා පවුල් පිටින් හම්බකල ඔක්කොම දුන්නොත් මුලු රටේම ප්‍රශ්න ඉවරයි. නායකලා, සිංහලා, නන්දලා, ලක්ශමෑන්ලා, දාසලත, සිල්වලා, පෙරේරලාත් සුනඛ වැඩ නොකර හිටියනං ඇමරිකාවත් කැලේ. "ආසියාවේ ආශ්චර්ය" රෙද්ද පල්ලේ වැක්කෙරෙන අපූරුව........... බයිසන් ගවයෙකු ලෙස හංවඩු ගසාගෙන, විලිලැජ්ජැවේ ගිලී, උමතුවී සිටිමි.

:       0       0

Kumara Monday, 19 July 2021 01:13 AM

මේ ඉල්ලන්නේ ජනතාවගේ සහාය වෙන්න ඇති බඩුමිල අඩු කරන්න. මෙතෙක් කල් එම සහයෝගය නොදුන්නු එක ජනතාවගේ වැරැද්දක්.. දැන්වත් අපි සහයෝගය දෙමු. ඇමතිතුමා පොඩ්ඩක් පැහැදිලි කළා නම් මොන වගේ සහයෝගයක්ද ඕනෑ කියලා. මෙතුමාට මොලේ තියෙන්නේ ජනතාවට සහන සලසන්නවත්, රට දියුණු කරන්නවත් නෙමේ. තමන්ට හම්බ කර ගන්නත් උප්පරවැට්ටි දාලා ඡන්ද දිනන්න විතරයි.

:       0       0

ගමේ එකාලා Monday, 19 July 2021 03:24 AM

බඩු මිල අඩු කරන කතා කෙසේවෙතත්, පවුල් පාලනේ අයගේ බලතල නම් ඉහටත් උඩින්... මේ වගේ ජනතාව ගසාකන පවුලේ අයටම ගිය රටක් ලෝකෙවත් නැතුව ඇති...

:       0       0

Puppa Monday, 19 July 2021 06:34 AM

මෙයාගේ වැඩකිඩ දැක්කාම, අපිට නම් පුදුම නැහැ මෙයාගැන... හරි හමන් අධ්‍යාපනයක් නැහැ. කරපු ඇමැතිකම්වලින් රටට, ජනතාවට සෙත සදන්න කරපු එක වැඩක් කියන්න. 10 පසන්ට් කියලා නමක් දාගත්තා. මෙයා විශ්ව කර්ම වැඩ ගොඩාක් කරලා තියෙනවා. මල්වානේ බංගලාවේ මුල්ගල තිබ්බා. තව රට වටේ ඔය වගේ දේවල් තියෙනවා. මිනිස්සුන්ට පිස්සු මේ වගේ මිනිසෙකුගෙන් මෙරටට යහපතක් වෙයි කියන එක...

:       0       77

ලලිත් එම් Monday, 19 July 2021 07:17 AM

බොරුව සහ පුරසාරම් විතරමයි. වැඩ තමන්ට...

:       0       14

sharm warn Monday, 19 July 2021 09:36 AM

මතක් කරල අතවශ්‍ය බඩු ලැයිස්තුව දාන්න

:       0       8

Latika Monday, 19 July 2021 08:55 PM

225 දෙනාගේ වැටුප අවුරුද්දක් කපාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ’’ආරච්චි’’ අයිස් සමඟ මාට්ටු
2025 ජනවාරි මස 15 631 0

බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ‘ආරච්චි‘ ව


මාඕ සේතුං ස්මාරකයට ජනපති ආචාර දක්වයි
2025 ජනවාරි මස 15 619 2

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ


ආණ්ඩුව රටේ ප්‍රශ්න පැත්තකට දාලා රනිල්ට බනිනවා
2025 ජනවාරි මස 15 489 1

ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම


බාල බෙහෙත් 300 ක් ගැන සී.අයි.ඩී.ය පරීක්ෂණයක් ඉල්ලයි
2025 ජනවාරි මස 15 246 1

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර


කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක් ජලය අත්හිටුවයි
2025 ජනවාරි මස 15 370 0

කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ


මත්පැන් -මධ්‍යසාර සඳහා නව ගැසට්ටුවක්
2025 ජනවාරි මස 15 1309 1

මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 223 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 554 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 306 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site