IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


‘අතුරුදන් කළ පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න’

(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
 
අතුරුදහන් කරන ලද පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
 
ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසීම්වල හරය රඳා පවතින්නේ ඡන්ද විමසීම් නීති ශක්තිමත් වේ නම් පමණක් බැවින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද නව ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයා සඳහන් කළේය. 
 
සභාපතිවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීම සඳහා එම කොමිෂන් සභා කාර්යාලය වෙතට අද (17) පස්වරුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයින් කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද සඳහන් කළේය.
 
“මේ අවස්ථාවේ බලයේ සිටින ජනාධිපතිවරයා ප්‍රථම වරට නිර්පාක්‍ෂිකව ක්‍රියා කිරීම සම්බන්ධව අපේ ස්තුතිය එතුමාට ගෞරවයෙන් පුද කරනවා. මෙම ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වීමට හැකිවූයේ අපේක්‍ෂකයින් මෙය පෝස්ටර්, කටවුට්, පොලීතින් ආදියෙන් තොර ඡන්ද ව්‍යාපාරයක් වශයෙන් පැවැත්වීමට මුල් අවස්ථාවේ සිටම ප්‍රකාශ කළ බැවිනි. එම සියලු අපේක්‍ෂකයන්ට අපේ අවංක ස්තුතිය පළ කරමු. අපි ඡන්ද විමසීමේ පෝස්ටර් යුද්ධය ජයගතිමු.

මෙම ඡන්ද විමසීමේදී අපි අංශ කිහිපයකින් අසාර්ථක වූ බව ද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. ඉන් ප්‍රධාන කරුණ වන්නේ පෞද්ගලික හා රාජ්‍ය මාධ්‍ය හැසිරීම පාලනය කිරීමට නොහැකිවීමයි. රජයේ මාධ්‍යවල නීතිවිරෝධී ලෙස ක්‍රියා කළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාකිරීමට කොමිෂන් සභාවේ බලතල අනුව ක්‍රියා කිරීමට කොමිෂන් සභාව කටයුතු කරනු ඇත. එසේ වුවත් පෞද්ගලික මාධ්‍ය පාලනය සඳහා නීති රීති පැනවීම හෝ එම ආයතන දේශපාලන පක්‍ෂයකට පක්‍ෂපාතීව කටයුතු කරන බව ප්‍රකාශ කරන ලෙස ඔවුන්ට නියම කළ යුතුය.
මෙම ඡන්ද විමසීමේදී ත්‍රිවිධ හමුදාව හෝ පොලීසිය දේශපාලන කටයුතුවල යෙදුණු බවට තොරතුරු නැතත් එම නිල ඇඳුම් ධාරීන්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප සහිවත ප්‍රචාරණ කටයුතු ඉදිරියේදී හෝ නොකිරීමට ක්‍රියා කරන්නේ නම් මැනවි යැයි අපි යෝජනා කර සිටිමු. මාණ්ඩලික නිලධාරීන්, වෘත්තීයවේදීන් ඉතා සුළු සංඛ්‍යාවක් ප්‍රදේශවල දේශපාලන කටයුතුවල නිරත වනු දැකීම හා රාජ්‍ය සම්පත් පරිහරණය කළ බවට පැමිණිලි ලැබීම ඉතා කණගාටුදායක කරුණකි. එම නිලධාරීන්ට එරෙහිවද ආයතන සංග්‍රහයේ විධිවිධාය හා කොමිෂන් සභා විධාන අනුව ක්‍රියා කරනු ලැබේ.
 
මෙම ඡන්ද විමසීමේදී වෙනත් ඡන්ද විමසීම්වලට වඩා ආගමික පූජ්‍ය පක්‍ෂයේ දේශපාලන මැදිහත්වීම ප්‍රකටව කැපී පෙණිනි. උන්වහන්සේලාටත් අනෙකුත් සිවිල් පුරවැසියන්ට මෙන් දේශපාලන අයිතිවාසිකම් තිබේ. එසේ වුවත් ඡන්ද විමසීම් කාලය තුළ ස්වකීය ආගමික සිද්ධස්ථාන තුළ දේශපාලන රැස්වීම් පැවැත්වීමට හෝ ආගමික උත්සවවලදී දේශපාලන කතා පැවැත්වීමට නීතියෙන් අවසරයක් නැත.
 
නව ජනාධිපතිතුමනි, ඔබේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කටයුතු කරන ලෙස රටේ ජනතාව වෙනුවෙන් අප සියලු දෙනා ඉල්ලා සිටිනවා. මෙම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසීම්වල හරය රඳා පවතින්නේ ඡන්ද විමසීම් නීති ශක්තිමත් වේ නම් පමණි. එම ප්‍රජාතන්ත්‍රවාදී සමාජය පවත්වාගැනීම ඔබතුමා වෙත පැවරෙන නමුත් එය ඔබට තනිව පැවරෙන වගකීමක් නොවේ. ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පවත්වා ගැනීමට රට මෙහෙයවනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.”  
 
මෙම අවස්ථාවට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු සෙසු ජනාධිපති අපේක්‍ෂකයින් සහ මැති ඇමතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (4)

‘අතුරුදන් කළ පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න’

Bamunuarachchi Sunday, 17 November 2019 12:16 PM

අනේ මැකෝ පළාත් සභා ඡන්දය අපිට එපා.. 13ට කලින් තිබුණු විදිහට රට පාලනය කරමු.

:       501       165

Pujitha Sunday, 17 November 2019 02:59 PM

සල්ලි කීයක් ඉතුරු වුණාද? ඔහේගේ තාත්තගේ සල්ලිද පළාත් සභාවලට වියදම් කරන්නේ...?

:       119       83

Raveendra Sunday, 17 November 2019 11:19 PM

මැකෝගේ මෙම කතාව බොහොම වැදගත් මෙන්ම අර්ථවත්ය.

:       7       149

NASRUDIN Monday, 18 November 2019 07:15 AM

ගරු මැකෝ ඔබගේ කැපකිරීමට ප්‍රණාමය පළ කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට මුදල් සභාවේ අනුමැතිය
2025 ජනවාරි මස 15 57 0

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.


ගංවතුර හානියේ වන්දිය ඉක්මනට දෙන්න යයි
2025 ජනවාරි මස 15 69 0

2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්ක වල වන්දි මුදල් කඩිනමින් නිදහස් කරන බව කෘෂිකා


ජනපති-චීන ජනපති හමුව ඇරැඹෙයි
2025 ජනවාරි මස 15 352 1

ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි


වරායේ කෝටි 26ක පාඩුවක් ගැන වරාය ඇමතිට-බිමල්ට පැමිණිල්ලක්
2025 ජනවාරි මස 15 968 1

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ



අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය
2025 ජනවාරි මස 15 1057 0

තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 246 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 556 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 307 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site