( කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල මිවලපතහා ගල්වල්වැටියාගම ප්‍රදේශයේ ගොවියෙකු තමන් සීසාමින් සිටි අත් ට්‍රැක්ටරයෙන් ඇදවැටී ඊට යටවිමෙන් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල මීවලපතහා ගල්වටියාගම පදිංචි ආර් .ඩී ශියානන්ද (48) හැවිරිදි දෙදරු පියෙකි.
මහා පරිමාණෙන් එළවළු සහ වී වගාව සිදු කරන මෙම ගොවි මහතා ඊයේ (11) පස්වරුවේ තම නිවස පිටුපස ඇති කුඹුරේ වි වගාව සඳහා දෙවැනි හීයසෑම සඳහා නිවසින් ටැක්ටර් රථය ද සමග පිටත් වූ බව බිරිඳ කියයි.
විනාඩි කිහිපයක් ගතවනවාත් සමග ප්‍රදේශ්යේ තරුණයන් දෙදෙනකු පැමිණ තම සැමියා කුඹුරේ වැටී සිටින බව දැනුම් දුන් බව ද ඇය පැවසුවාය.
සි පෑන් වර්ගයේ අත් ටැක්ටරය කුඹුරේ පළමු ලියැද්දට යොදවන වත් සමඟ ආසන්නයේ තිබුණු මුරුංගා ගහක මුලක මඩ රෝද පැටලී ඉවතට වැටුණු ගොවියා එම් නගුල් තල වලට යටවී මීටර් කිහිපයක් ඇදගෙනගොස් ඇතැයි ද , ටැක්ටර්ය රියැදුරු නොමැතිව මීටර් 200 ක් පමණ වෙනත් වගාවන් හරහා ධාවනය වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
එසේ ටැක්ටර් රථය ධාවනය වෙමින් දුටු අවට පදිංචිකරුවන් වහා දිව විත් ඇත්තේ රියදුරෙකු නොමැතිව ඇක්ටරයක් කුඹුරු මැද ධාවනය වන දර්ශනය දැකීම්ත් සමඟ බව ඇසින් දුටුවෝ පවසති.
පසුව එම කණ්ඩායම වහා ක්‍රියාත්මක වී ධාවනය වෙමින් තිබූ ටැක්ටර් රථය නවතා ටැක්ටරය පැමිණි මාර්ගය දිගේ මීටර් දෙසීයක් ආපස්සට ගමන් කිරීමේ දී මෙම ගොවි මහතා වැටී සිටිනු දැක නිවසට දැනුම් දී දඹුල්ල මූලික රෝහලට වහා අරැගෙන ගිය බවත් ඔවුහු පවසති.
රෝහලට රැගෙන යන විටත් මෙම ගොවියා මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මියගිය ගොවි මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (12) දඹුල්ල රෝහලේ දී පැවැත්වීමට නියමිත අතර ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අත් ට්‍රැක්ටරයෙන් මරුවා එයි
සෝම Sunday, 12 December 2021 01:02 PM
හිතේ හයිය තිබුණාට අත් උදව්වට කෙනෙක් නැතුව තනියම මෙවැනි වැඩ සුදුසු නැත...