IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අධිකරණයට අපහාස කළැයි පාදෙණියට එරෙහි නඩුවේ මූලික විරෝධතා තීන්දුව 23

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කර  ඇති  පෙත්සමට ,  ඔහු ඉදිරිපත් කළ මූලික විරෝධතා   පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳ  නියෝගය ලබන 23 වැනිදා  ප්‍රකාශ  කිරීමට     අභියාචනාධිකරණය අද (08) තීරණය කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු,  සහ අභියාචනාධිකරණ විනිසුරු  සම්පත් අබේකෝන්  යන මහත්වරු හමුවේ  මෙම  නඩුව  කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ  කෙරිණ.

විශේෂඥ වෛද්‍ය  අනුරුද්ධ  පාදෙනිය මහතා  2017 අප්‍රේල්  07වැනිදා කල එම කතාව ඇතුලත්  හඩ පටයේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට  පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය  මහතා කල ඉල්ලීම  සම්බන්ධයෙන්  විත්තිකාර  පාදෙනිය මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා මූලික විරෝධතාවක් ඉදිරිපත්  කලේය.

එම මූලික විරෝධතාවය    කරුණු  සලකා බැලූ  අධිකරණය ඒ පිලිබද නියෝගය  ප්‍රකාශයට පත් කිරීම එදිනට දින නියම කෙරිණි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් විචේනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලුවකට ලක් කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස  ඉල්ලා සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කරනු ලැබ සිටී.

මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය අභියාචනාධිකරණය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට කියවා බාර දුන්  අවස්ථාවේදී එම චෝදනා වන්ට වෛද්‍ය පාදෙනිය මහතා තමන් නිවැරදිකරු බව ඔහු  ප්‍රකාශ  කලේය.

ඒ අනුව මේ පිළිබඳව විභාගය ආරම්භ කිරීමට  අධිකරණය නියම කළේය.

එසේම එම නඩු තීන්දුවට අපහාස වන ප්‍රකාශ නිකුත් කිරීම , ලිපි පළ කිරීම ,ප්‍රකාශන පළ කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වළක්වමින් මෙම නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු නියෝගයක්ද අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කරන ලදී.



අදහස් (7)

අධිකරණයට අපහාස කළැයි පාදෙණියට එරෙහි නඩුවේ මූලික විරෝධතා තීන්දුව 23

බද්රානි Monday, 08 November 2021 05:12 PM

"එක රටක එක නීතියක්" කියාගෙන පම්පෝරි ගහන රටේ..., රන්ජන් රාමනායකට ක්‍රියාත්මක වූ නීතිය දොස්තර කල්ලියේ නායක පාදෙණියටත් ක්‍රියාත්මක වෙනවාද කියලා බලමුකෝ...?

:       2       16

sharm warn Monday, 08 November 2021 05:18 PM

අගමැතිගේ සුරතලානේ... ඉතින් රන්ජන්ට දුන්නු තීන්දුව මෙයාට දෙන්නේ කොහොමද? ජනාධිපතිත් කිව්වේ එයාට බලයට එන්න උදව්කරපු අයට කළගුණ සැලකුව එක වැරැදිද? කියලා එහෙම... මේ නඩුවත් ඉතින් අහකට තමයි...

:       2       13

ලමය Monday, 08 November 2021 05:39 PM

මේ ඉන්නෙ සියල්ල දත් , ළගදි මිනිහ පල් වුනා පසේ ආසනික් හැදෙන හැටි කියන්න ගිහිල්ල.

:       0       0

ravin Monday, 08 November 2021 07:19 PM

හානේ... ‘‘සියල්ල දත්‘‘ගේ විරෝධතා පිළිගත්තා.. ඔහු නිදහස් නොකිව්වොත් ඇති. හඬපටය හෝ වීඩියෝ පටය සාක්ෂි නේද? විද්‍යුත් සාක්ෂි ඉදිරිපත් කිරීම පිළිබඳ පනතක් තියෙනවා නේද?

:       1       10

ranjith Monday, 08 November 2021 08:04 PM

අධිකරණයට අපහාස කිරීම රටේ පුරවැසියකු නොකළ වැඩක්... එහෙම කළොත් ඒවාට දඬුවම් විඳින්න සූදානම් විය යුතුය.

:       4       8

මසිරිපාලTuesday, 09 November 2021 06:32 AM

අධිකරණයට අපහාස කිරිම නොකලයුතු දෙයක් තමා නමුත් ඉහළ අධිකරණයට හෝ පාර්ලිමේන්තුවට ඒ ගැන ජනතා මතය විමසා බලන්න පුළුවන් නම් ජනතා අදහස තේරුම් ගන්න පුළුවන්

:       0       0

swene Tuesday, 09 November 2021 06:21 AM

එකම වරදට තීන්දුව වෙනස් වීම ඉතා පැහැදිලියි. ආණ්ඩුවට කඩේ ගිය ආනන්ද හිමි පත් කිරීම ගැනත් පැහැදිලිවම කිවුවානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 24 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 43 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 104 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 374 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 560 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 644 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site