(මනෝප්‍රිය ගුණසේකර)
වෙළෙද සහායකයකු පැහැරගෙන ගොස් පහර දෙනු ලැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරමින් පවරා තිබූ නඩුවට පෙනි නොසිටිම නිසා වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ කටයුතු අතරතුරදී අධිකරණයට බාරවීම සැලකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇය පෙර ඇප මත මුදා හැරිමට නියෝග කළේය.
මාස එක හමාරක බිලිදකුගේ මවක වන හිරුණිකා මහත්මිය උදෙන්ම අධිකණයට පැමිණ සිටියත් ඇය සිය දරුවාට කිරි දෙමින් අධිකරණ පරිශ්‍රයේ රැදිසිටිම නිසා නඩුව කැඳවන අවස්ථවේදී ඇයට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බව සඳහන් කරමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අභිමානි රන්දෙනිය මහත්මිය ඊට සමාව අයදමින් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය. එමෙන්ම මින්මතු නියමිත වේලාවට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් විනිසුරුවරයා ඇයට තරයේ අවවාද කළේය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අධිකරණයට බාරවූ හිරුණිකාට ඇප
Bandara Wednesday, 10 March 2021 09:34 AM
කාලයක් තාත්තා.. දැන් ළමයා.. අනුගාමිකයින්ට තරහා යයිද දන්නේ නැහැ..
Buddika Wednesday, 10 March 2021 10:35 AM
එයාගේ තාත්තා හිටියේ පොදු පෙරමුණු රජයේනේ.. තාත්තාත් ඝාතනය වුණා ඒ රජය කාලෙම.. එතකොට තාත්තාට ඒ ගති ලක්ෂණ ඇවිත් ඇත්තේ පෙරමුණු රජයේ ඉහළ තැන්වලින්මයි. ඒ නිසාම තරමක් ඒ ගතිය ඇති. දැන් ඉන්නේ සමගි ජනබලවේගයේ නිසා මේ පාර වැරැදි කරන්නේ නැහැ.
Raveendra Wednesday, 10 March 2021 10:52 AM
ඇති යාන්තම් අපේ නගා නාගන්නේ නැතිව එළියට ආව එක ගැන... අපි මේ ඇගේ ලේ නැතිව හිටියේ.. මොකද රන්ජාත් ඇතුලේ, මෙයත් ඇතුළට ගියා නම් මොන විජ්ජුම්බරයක් වෙයිද දන්නේ නැති නිසා..?